මුරුසියට පිටුවහල් කළ
අපේ වීරයන් තවමත් නිදහස්‌ නැත


තුවක්‌කුවේ පිහිටෙන් කඩුව යටපත් කර
දේශප්‍රේමීන්, දේශෙද්‍රdaහීන් කළ ගැසට්‌ නිවේදනය

අවසානයේ දී සැබෑ වීරයින් හෝ ෙද්‍රdaහීන් පිළිබඳ නිශ්චිත සාධාරණ තෝරාගැනීම කරනු ලබන්නේ ඉතිහාසය විසිනි. ඒ විනිශ්චයේ අනුලංඝනීය වු අවසාන තීන්දුව මේ මොහොත වනවිට මේ සමාජයේ දෙපා අභිමුව තබා තිබේ. මේ ඒ පිළිබඳ කතාවය.

ජාතියේ ස්‌වෛරී භාවය වෙනුවෙන් මහා අධිරාජ්‍යයක දැවැන්ත වෙඩිබලයට එරෙහිව චිත්ත ධෛර්ය හා කඩුපත පමණක්‌ අතැතිව රණබිමට බට උත්තර මනුෂ්‍යයින් අධිරාජ්‍ය විරෝධී ජාතික අරගලය පුරාම වුහ. මේ රට ඉංග්‍රීසි අධිරාජ්‍යයේ පුර්ණ යටත් විජිතයක්‌ වු දිනයේ සිට නම් නොදන්නා දහස්‌ ගණනක්‌ ජාති හිතෛශී රණකාමීහු එංගලන්ත මහ රජාණන්වහන්සේ මෙහෙයවු තුවක්‌කුවලින් නික්‌මෙන වෙඩි උණ්‌ඩයට බිලි වුහ. උන්ගේ සුතනඹුවෝද තරුණ දියණිවරුද අධිරාජ්‍යයේ විජාතික සෙබලුන් අතින් දූෂණය වී මිය ගියහ. නොදරුවෝ කැපී කෙටී ගියහ. ගේ දොර හරකා බාන අහිමිව විනාශ කෙරිණි. යන්තමින් ජීවිතය බේරාගන්නට වාසනාව ලද්දෝ ජීවත්වීමට උපදවාගත හැකි යමක්‌ නැති උපන් බිමෙහි සරණාගත හිඟන්නන් වී අවසන ජීවිත අපේක්‌ෂාව පමණක්‌ සහිතව ගිරි දුර්ග අතර හුදකලා ජනාවාස පිහිටුවා ගත්හ. ඒ පුද්ගල ලාභ අපේක්‌ෂාවෙන් නොව, අබිමන් සහිත ජාතියක චිරස්‌ථිතිය වෙනුවෙන් කළ පරිත්‍යාගයේ ප්‍රතිඵල ලෙසිනි. එදා එංගලන්තයේ මහා රාජෝත්තමයාට එරෙහි අරගල කළ සියල්ලෝම රාජ්‍යෙද්‍රdaහී අපරාධකාරයෝ වුහ.

එතැන් සිට බොහෝ දේ වෙනස්‌ වුයේය. ඉංග්‍රීසි පාලනයේ දුර්දාන්ත පාලනයත්, අවමන් සහගත හැසිරීමත් නිසා 1818 දීත් 1848 දීත් උපන් ජාතික අරගල ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව යළි අධිරාජ්‍ය විරෝධී සන්නද්ධ අරගල මේ රටේ ඇතිවුණේ නැත. එහෙත් ජාතික ව්‍යාපාර මතුවුණේය. මතවාදී පෙළගැසීම් සිදුවුණේය. රටට නිදහස ලැබුණේය. නිදහස ලැබීත් අවුරුදු හැට පහක්‌ ගතවුණේය. එහෙත් ඓතිහාසික අපරාධය වන්නේ නිදහස්‌ අගලය රුධිරයෙන් පණ පෙවු සැබෑ වීරයින් තවමත් මේ රටේ නෛතික අර්ථකථනයන් තුළ රාජ්‍ය විරෝධී ෙද්‍රdaහීන් වීමය. අපරාධකරුවන් වීමය. මේ අර්ථකථනයේ නිශ්චිත ලිත ප්‍රකාශනය 1818 නොවැම්බර් මස 21 වැනි සෙනසුරාදා ප්‍රකාශිත අංක 896 ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රයේ පළකර තිබෙන්නේය. ඒ ගැසට්‌ පත්‍රය තුළ 1818 ජාතික අරගලයේ අරගල නායකයන් රාජ්‍ය ෙද්‍රdaහීන් කර මරණ දණ්‌ඩනයට යටත් කරන ආකාරයත්, රටින් පිටුවහල් කරන ආකාරයත් ලේඛණගත වන්නේය.

වර්ෂ 1818 කැරැල්ලේදී මරණ දණ්‌ඩනය පැනවීමෙන් අනතුරුව එය ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවමක්‌ කොට මුරුසියට පිටමං කළ සිංහල නායකයෝ වුහ. තවත් සමහර පිරිස්‌ අවුරුදු පහේ සිට දහය තෙක්‌ සිරඳඩුවම් විඳීම සඳහා රටින් පිටුවහල් කර මුරුසියට යෑවුහ. අරගල නායකයන් ඔවුන්ට රටේ හිමිව තිබු දේශපාලන හා සමාජ වටපිටාව අනුව කොටස්‌ පළමු පෙළ හා දෙවන පෙළ සිරකරුවන් ලෙස වර්ග කර තිබිණි. මේ පිරිස වෙනුවෙන් මුරුසියේ වෙනම සිර ගෙයක්‌ ඉදිවුයේය. එම සිරගෙය දැවැන්ත ප්‍රාකාරයක්‌ සහිත දෙමහල් එකක්‌ විය.

මුරුසියට පිටුවහල් වීම

මෙම අරගලය අවසන් වූයේ නින්දිත පවාදීම් හා ම්ලේච්ඡ මර්ධනයෙන් ඇතිවු වේදනාසහගත බිඳවැටීමකිනි. අධිරාජ්‍යයට ගැතිකම් නොකොට අභිමානයක්‌ සහිතව රට හෙබවු උඩරට රදල නායකයින්ගේ සියලු වත්කම් රාජසන්තක කෙරිණි. ඔවුන්ගේ පවුල් අධිරාජ්‍යයේ හිඟන්නන් බවට පත්විය. මේ නායකයන් නින්දා සහගත හිඟන්නන් කොට රටින් පිටුවහල් කෙරිණි. 1818 කැරැල්ල මෙහෙයවු උඩරට සිංහල නායකයින් 25 දෙනෙක්‌ මෙසේ මුරුසියට පිටිවහල් කරනු ලැබීය. මේ අරගලය මර්දනය කිරීමෙන් අනතුරුව 1823 මාතලේ සිංහලයින් ඉපදවු අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී වෑගොඩපොළ රටේරාල හා වෑගොඩපොල හලුවඩන නිලමේ ඇතුළු සටන් නායකයන් දෙළොස්‌ දෙනෙක්‌ මුරුසියට පිටුහල් කෙරිනි.

මේ සටන් නායකයන් අතර ඇහැලේපොල මහ නිලමේ විය. පිළිමතලාවේ මහ නිලමේ, මත්තේගොඩ දිසාව, ඊරියගම දිසාව, ඊරියගම රටේ මහත්තයා, මීවතුරේ හිටපු ලේකම්, කෙම්පිටියේ කෝරාල, වල්පලාගොල්ලේ මුහන්දිරම්, පිටවල ලේකම්, හාපත්ගමුවේ ලොකු මොහොට්‌ටාල, හාපත්ගමුවේ කුඩා මොහොට්‌ටාල, දේදුනුපිටියේ මොහොට්‌ටාල, වෑත්තෑවේ හිටපු රටේ රාල, කැටකුඹුරේ හිටපු රටේරාල, කුරුකොහෝගම කිරිබණ්‌ඩා, ඉහගම උන්නාන්සේ, කොහුකුඹුරේ රටේරාළ, දන්ගමුවේ මොහොට්‌ටාල, වත්තෙකැළේ රටේ මහත්තයා, රහුපොළ පිහිනරාළ, මීගස්‌පිටියේ රටේ රාළ, ගොඩේගෙදර ඌවේ අදිකාරම, තලගුනේ වන්නකු නිලමේ, අඹගස්‌පිටියේ නිලමේ, දෙමෝදර මොහොට්‌ටාල ද වූහ. මේ පිරිස වර්ෂ 1819. 2. 24 දින නැව් නංවා මුරුසියට පිටත්කර එවිණි. පසුව 1820 මාතලේ කැරැල්ල මෙහෙයවු වෑගොඩපොළ රටේ රාළ හා වෑගොඩපොළ හළුවඩන නිලමේ නම් ප්‍රභූ පියපුතු දෙපළ මුරුසියට පිටුවහල් විණි. ඒ 1823 අගෝස්‌තු මාසයේදීය.

මුරුසියේ ෙ€දවාචකය

ඉංග්‍රීසි ආණ්‌ඩුව මේ සිරකරුවන් විෂයෙහි මානුෂික වන ආකාරය ප්‍රකට කර තිබුණි. එහෙත් සිංහලයේ මහා පරාක්‍රම සහිතව වාසය කළ මේ ප්‍රභූහු මුරුසි සිරකඳවුර තුළ සිඳී ගිය අභිමානය සහිත අපේක්‌ෂා රහිත පීඩිතයන් වුහ. ඉන් දාහතරදෙනෙක්‌ දුක්‌ත පීඩාවිඳ මුරුසියේදීම මියගියහ.

මේ ප්‍රභූ වරුන්ගෙන් අතිශය පීඩාකාරී ෙ€දවාචකයට මුහුණ දුන්නේ ඇහැළේපොළ මහ නිලමේය. එය කිසිම මනුෂ්‍යයෙක්‌ කිසි කළෙකත් මුහුණ නොදියයුතු බිහිසුණු ඉරණමකි. ඇහැලේපොළ මහ නිලමේ සිංහලයේ අවසන් රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් නිර්මාණය කළ පිලිමතලාවේ මහාධිකාරමගේ බෑනනුවන්ය. තමන් විසින් සිංහසානාරූඪ කළ මහරජතුමාට එරෙහිව කුමන්ත්‍රණය කරන පිළිමතලාවේ මහාධිකාරමගේ කුමන්ත්‍රණ දෙවරක්‌ම හෙළි වූයේය. රජතුමා ඒ දෙවරම පිළිමතලාවේ අධිකාරම ඉවසුවේය. එහෙත් තෙවනවර ඔහුගේ කුමන්ත්‍රණය හෙළිවීමත් සමග වර්ෂ 1812 දී ඔහුගේ හිස ගසා මරා දැම්මේය.

රජුගේ ඊලඟ ගොදුර තමන් වන බව ඇහැළේපොල මහනිලමේට වැටහිණ. ඔහු 1814 දී රජුට එරෙහිව සපරගමුවේ උපන් කැරැල්ලට රහසින් සම්බන්ධ වූයේය. මේ ගැන දැනගත් රජතුමා ඇහැළේපොලව නුවරට කැඳවනු ලැබීය. සිදුවන්නට යන දේ වටහාගත් මහනිලමේ ඉංග්‍රීසීන් හා එක්‌විය. මේ රාජ්‍ය ෙද්‍රdaහීකමට රජු විසින් දඬුවම් පැමිණ වූයේ ඉතා අමානුෂික ලෙස ඔහුගේ දරුපවුල සමූල ඝාතනය කිරීමෙනි. ඇහැළේපොලට සිංහලයට තිබු සකළ මානුෂීය බැඳීම් නැතිවුණේය. එහෙත් හේ ජීවත් වුණේය. අවසාන වශයෙන් මේ ව්‍යසනයට හේතුව වුයේ ඇහැළේපොල හා පිළිමතලව්වේ අතර පැවති සබඳතාවයය.

1818 කැරැල්ල මෙහෙවු කැප්පෙටිපොළ නිලමේ ඇහැළේපොල මහ නිලමේගේ මස්‌සිනා වුයේය. අරගලයට හේ නිලමේ Rජු ලෙස සම්බන්ධ නොවීය. ඔහු කළේ මෙම සටනේදී ඉංග්‍රීසින් උදව් ඉල්ලු විට එය මගහැරීම පමණි. කැප්පෙටිපොළ මහ නිලමේ මරා දැමීමෙන් අනතුරුව ඉංග්‍රීසිහු තමන් නිසා ජීවිතයේ සියල්ල අහිමි කරගත් ඇහැළේපොළ මහනිලමේ චෝදනා රහිතව මුරුසියට පිටුවහල් කළහ. ආසන්නම හේතුව හෙතෙම කැප්පෙටිපොළගේ මස්‌සිනා වීමය. ඔහුට තිබු එකම සැළකීම සමුහ සිරකඳවුරට සැතපුම් එකහමාරක්‌ ඈතින් වූ පොම්පිලිමසිය නැමැති ස්‌ථානයේ කුලී නිවස සිරකර තැබීමය.

අවසානයේදී සිංහලයේ රජුගේ උදහසට ලක්‌ව සිය දරු පවුලත්, ඉංග්‍රීසින්ගේ අතාර්කික සැකයට ලක්‌ව සිය උපන් බිමත් අහිමි කරගත් ඇහැළේපොල මහ නිලමේ දුගී සිරකරුවෙක්‌ ලෙස වර්ෂ 1829.04.05 දින මුරුසියේ මෙම කුලී නිවසේදී මියගියේය. ඒ වනවිට ඔහුගේ වයස වසර 56 කි.

ඊලඟ බරපතල ෙ€දවාචය උපදින්නේ වියලුව ජන නායකයන් වු හාපත්ගමුවේ ලොකු මොහොට්‌ටාල හා කුඩා මොහොට්‌ටාල දෙසෝයුරන් සම්බන්ධයෙනි. ක්‍රියාකාරී සටන්කාමීන් වු මේ දෙසෝයුරන් මුරුසියට පිටුවහල් වන්නේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමට ලක්‌ කරමිනි. එහෙත් පිටුවහල් කර වසර හතරකට ආසන්න වෙත්ම, එනම් 1822.12.22 දා පාචන රෝගය වැළඳී හාපත්ගමුවේ කුඩා මොහොට්‌ටාල මියගියේය. සිය මළනුවන්ගේ මේ අකාල මරණය හාපත්ගමුවේ ලොකු මොහොට්‌ටාලට දරාගත නොහැකි විය. හේ මත්පැනට ඇබ්බැහි විය. අවසානයේදී මළනුවන්ගේ මරණය ගැනම වැලපෙමින් හෙතෙම 1826 ජනවාරි මස 19 දා මුරුසි හිරගෙදරදී මිය ගියේය.

ඊරියගම පඩිකාර ලේකම් යටිනුවර වැසියෙකි. ඔහු මුරුසියට පිටුවහල් කරනු ලැබුවේ වර්ෂ 1819.02.24 වැනිදාය. පුරා වසර හයක්‌ සිරඳඬුවම් විඳීමෙන් අනතුරුව ඔහුගේ පෙණහළු ඉදිමෙන්නට පටන් ගැණුනි. ඒ අතරතුර ඔහුගේ සොහොයුරා වන ඊරියගම රටේ මහත්තයාත් 1825.2.24 වැනිදා යුදාධිකරණය මගින් වරදකරුකොට පස්‌ වසරකට මුරුසියට එවීය. ඔහු පැමිණ තෙමසක්‌ යන දා ඔහුගේ සොයුරු ඊරියගම පඩිකාර ලේකම් පෙනහළු ඉදිමී මිය ගියේය. ඊරියගම රටේ මහත්තයා නියමිත දඬුවම විඳින්නට පෙර එනම් 1825.08.05 දින නිදහස්‌ වුයේය.

මෙවැනිම ෙ€දවාචකයක්‌ 1823 මාතලේ කැරැල්ල මෙහෙයවු ප්‍රමුඛ නායකයන් දෙපළක්‌ වන වෑගොඩපොළ රටේරාළ ඔහුගේ පුත්‍රයා වන වෑගොඩපොළ හළුවඩන නිලමේ සම්බන්ධව කියෑවේ. වෑගොඩපොළ රටේ රාළත්, ඔහුගේ පුතා වන හළුවඩන නිලමේත් රටින් පිටුවහල් වන්නේ වර්ෂ 1823 අගෝස්‌තු මසදීය. මුරුසියේදී වෑගොඩපොළ රටේරාළට අපස්‌මාර රෝගය වැළඳුනේය. ඔහු 1824.9.22 දින නිදි යහනේම මියගියේය. හළුවඩන නිළමේ ඇවිත් බලනවිට දුටුවේ ඉහෙන් බහින රෝගයක්‌ නොතිබුණු සිය පියා අපස්‌මාර රෝගියෙක්‌ව සිරකුටිය තුළ මියගොස්‌ සිටින අන්දමය.

මේ සිංහල නායකයන් අතරින් මුල්ම මරණය වාර්තා වුයේ 1819.12.20 දිනය. පහත දුම්බර වැසියෙක්‌ වූ තලගුණේ වන්නකුනිලමේ වන මේ ප්‍රාදේශීය ජන නායකයා මඩුගල්ලේ මුහන්දිරම් නිළමේ ගේ දියණියක්‌ හා විවාහ වී සිටියේය. යුදාධිකරණයට යොමු නොකොට පස්‌වසරකට මුරුසියට පිටුවහල් කරන ඔහුට පැමිණ දස මසක්‌ යන්නට කලින් කොළරා රෝගය වැළඳුනේය. ඒ රෝගයෙන් පීඩා විඳ හෙතෙම අසරණ ලෙස මියගියේය.

කොහුකුඹුරේ රටේ 1818 කැරැල්ලේ ආරම්භක නායකයෙක්‌ වුයේය. හේ අත්අඩංගුවට පත්වන්නේ හිතෛශීයෙක්‌ යෑයි සැලකූ මැලේ ජාතික සේගු නූර්දීන් නැමැති මැලේ ජාතිකයාගේ පාවාදීමකින් අනතුරුවය. සටන බිඳ වැටීම හා සිදුවු පාවාදීම් පිළිබඳව දැඩි කනස්‌සල්ලකින් පසුවු හෙතෙම අනෙක්‌ සිරකරුවන් සමග ඇසුරක්‌ නොපැවැත්වීය. අවසානයේදී ඒ හුදකලා ජීවිතයේ දුක්‌ තනිවම විඳිමින් හේ 1825.06.24 දින මිය ගියේය.

සිංහල ජන නායකයින්ගේ සටන්කාමීත්වයේ ස්‌වරූපය ලෝකයට කියු ජන නායකයෙක්‌ වූයේ දන්ගමුවේ මොහොට්‌ටාලය. කැරැල්ල ඇවිලෙන 1818 වනවිට ඔහුගේ වයස අවුරුදු අසූපහකි. ඌව යටිකිඳ වැසියෙක්‌ වු මේ සටන්කාමී වියපත් මිනිසා 1819.02.24 දින ජීවිතාන්තය දක්‌වා සිරඳඬුවමකට යටත්කොට මුරුසියට එවනු ලැබුවේය. මුරුසි හිරගෙදරදී පාචනය වැළඳී හේ 1823.09.17 දින මියගියේය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු අනූවක්‌ බව කියෑවිනි.

දුම්බර ප්‍රදේශයේ සටන මෙහෙයවන්නට ප්‍රමුඛ වූ සටන් නායකයා වන අඹගස්‌පිටියේ ලේකම්, තුම්පනේ පල්ලෙ පලාතේ සටන් නායකයෙක්‌ වන දේදුනුපිටියේ මොහොට්‌ටාල, බදුල්ල ඉංග්‍රීසි ඒජන්තවරයාව මරා දමා සටනට තීරණාත්මක ප්‍රවේශයක්‌ ලබාදුන් කණ්‌ඩායම මෙහෙයවු මීගහපිටියේ රටේ රාළ, යටිනුවර සටන් නායකයා වු මීවතුරේ හිටපු ලේකම්, තුන්කෝරලයේ ප්‍රමුඛ සටන්කාමියා වු මත්තෙමගොඩ තුන්කොරාළ දිසාව, දුම්බර සටන් නායකයාව සිටි කුරුකොහොගම කිරිබණ්‌ඩා මුරුසියේදී අන්ත දුක්‌ විඳ තම ජීවිත වලින් සමුගත්හ.

ඉතිරි සටන්කාමීහු නියමිත දඬුවම් විඳ උපන් රටට පැමිණ නොසලකා හල දෙවනපෙළ පුරවැසියන් පිරිසක්‌ සේ ඉතිරි ජීවිතය ගෙවා දමා මිය ගියහ. 1848 මාතලේ අරගලයේ ප්‍රධාන නායකයෙක්‌ වු ගොංගාලේගොඩ බණ්‌ඩා ප්‍රමුඛ සටන්කරුවන් 30 දෙනෙක්‌ වසර 14 කට මුරුසියට පිටුවහල් කෙරිණි. ගොංගාලේගොඩ බණ්‌ඩා ඇතුළු සටන් කරුවෝ රාශියක්‌ මුරුසියේදී මියගියහ.

ජාතික නිදහස්‌ සටනට පණපෙවු මේ උදාර මිනිසුන් ජාතික වීරයින් ලෙස ජීවත්වන්නේ අපේ හදවත් තුළය. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම් නැත. එහෙත් ඉංග්‍රීසි අධිරාජ්‍යයේ කියෑවීම පදනම්කොටගත් මොනම අරුත්ගැන්වීමක්‌ යටතේ හෝ මේ උත්තම මනුෂ්‍යයින් දේශෙද්‍රdaහීන් වියයුතු නොවේ. පවත්නා නීතිය හමුවේ ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රයකින් ඉංග්‍රීසින් විසින් දේශෙද්‍රdaහීන් කළ මෙම ජන නායකයන්ගේ දේශෙද්‍රdaහී හැඳින්වීම නීත්‍යානුකූලව ඉවත්කළ හැකි නොවේ. එය රටේ නීතිපතිවරයාගේ අදහසය. මේ මනුෂ්‍යයින් ජාතිය වෙනුවෙන් දිවි පුදා පුරා සියවස්‌ දෙකක්‌ ගෙවීමට ආසන්න මොහොතකවත් අප ජාතියක්‌ වශයෙන් මේ උදාර මනුෂ්‍යයින්ට යුතුකම් ඉටුකර නැත. එහෙත් ඓතිහාසික සරදම වන්නේ මේ රට නින්දාසහගත ලෙස පාවාදුන් සැබෑ දේශෙද්‍රdaහීන්ගේ පරපුර මේ මොහොතේදීත් සමාජ අභිනන්දනයට ලක්‌වෙමින් පැවතීමය.

ජානක ලියනආරච්චි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.