රෝගීන්ගේ බැංකු මුදල් ගසා කන
අලුත් ජාවාරමක්‌ ගැන හෙළිවේ...
අලුත්ම සක්‌විති ගාල්ලෙන්!

කාලයක්‌ "සක්‌විති" රජවිය. කාලයක්‌ "පිරම්ඩ්" රජ විය. ඊට පසුව "දඬුවම්" රජවී කරළියට ආවේය. මේ සියල්ලෝම ලෝක හොරුය. දැන් මේ අතරට අලුතින්ම තවත් ලෝක හොරෙක්‌ පැමිණ සිටී. ඔහු "විඡේවර්ධන" නමින් හොරකම් නොව ජඩකම් කරන්නේය.

"විඡේවර්ධන" මතු වන්නේ ගාල්ලෙන්ය. ඒ ඔහුගේ ඇත්ත නම වෙන්නට බැරිය.

තම කපටි නුවණ මෙහෙයවමින් ඔහු ගසාකන්නේ සල්ලි ඇති මිනිසුන් නොව සල්ලි නැති දුප්පතුන්ය. අපට දුක ඒ නිසාය.

තම දරුවාට හෝ තම මවට හෝ තම පියාට හෝ පවුලේ වෙනත් පුද්ගලයකුට බරපතල ශල්‍යකර්මයක්‌ කිරීමට හෝ වෙනත් අති විශාල මුදලක්‌ වියදම් වෙන රෝගයක්‌ සෑදුණු විට තම අවශ්‍යතාව දන්වා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පතක පුංචි දැන්වීමක්‌ දමා ගැනීම මේ රටේ සිරිතකි. බොහෝ විට පත්කර කන්තෝරුවක සේවය කරන තම හිතවතකුගේ මාර්ගයෙන් එම පුද්ගලයා තම ඉල්ලීම ඉටු කර ගනී. ඒ පුංචි පුවත සමග රෝගියාගේ පින්තූරයක්‌, රෝගියා වෙනුවෙන් දානපතීන් විසින් ආධාර මුදල් එවිය යුතු බැංකු= ගිණුමක අංකයක්‌ සහ රෝගියා පිළිබඳ විමසිය යුතු තවත් පුද්ගලයකුගේ නමක්‌ සහ දුරකථන අංකයක්‌ පත්තරවල නිතර පළවෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔබ දැක ඇත......

ගාල්ලේ විඡේවර්ධනගේ දින චරියාවේ ප්‍රධාන අංගයක්‌ වන්නේ පුවත්පත්වල පළ වන එවැනි දැන්වීම් පිළිබඳව ඉතා උනන්දුවෙන් පරීක්‍ෂා කර බැලීමය. ඒ සඳහා ඔහු තමාට හිතවත් ගෝලබාලයන් ද පත් කර ගෙන සිටින බව ඇසේ.

අපි දැන් "විඡේවර්ධනගේ මෙහෙයුම" සිදු කෙරෙන ආකාරය විමසා බලමු. පළමුව ඔහු අතට ගන්නේ තම දුරකථනයයි.

"හලෝ...... මේ පත්තරේ තියෙනවා ඔයාගේ අම්මාට ලොකු ඔපරේෂන් එක්‌ක කරන්න තියෙනවා... ඒකට ලක්‍ෂ තුනක්‌ අවශ්‍යයි කියලා. ඔයගොල්ලන් කොහේද? අපට පුළුවන් උදව් කරන්න."

ඉන්පසුව විඡේවර්ධනගේ දෙවැනි දෙබස්‌ කාණ්‌ඩය මෙසේය.

"ඉස්‌සෙල්ලම ඔයාගේ බැංකු ගිණුමේ රුපියල් 30,000 ක්‌ හරි ඊට වැඩි ගණනක්‌ හරි දාලා මට කියන්න..... මම ඉතුරු සල්ලි ටික දෙන්නම්......." ඕක මට සුළු දෙයක්‌."

තමන්ගේ රෝගියා කෙසේ හෝ බේරා ගැනීමට හැකි නම් සුවපත් කරගැනීමට බලා සිටින රෝගියාගේ වැඩිහිටියන්ට මේ තරම් මිහිරි පුවතක්‌ තවත් ඇත්ද? ඔහු වහාම ක්‍රියාත්මක වේ. බැංකු ගිණුමක්‌ අරී. දස අතේ ණය වී නැත්නම් ගෙදර තියෙන කණකර බඩු ටික උකස්‌ තියා හෝ රුපියල් තිස්‌දාහක්‌ සොයා ගන්නා ඔහු වහාම ගොස්‌ ඒ මුදල තම ගිණුමේ දමයි.

"හලෝa..... විඡේවර්ධන මහත්තයාද? ඔබ කිව් වැඩ ටික කළා. දැන් මම මොකද කරන්න ඕනෑ?"

"ඔයා එන්න ගාල්ලට" (තැනක්‌ කියයි). වේලාවක්‌ කියයි. හමුවීමට තැනක්‌ කියයි. තවත් විස්‌තර කියයි.

අපේ කතා නායකයා ගාල්ලට යන්නේ ඉන්පසුවය. සමහර විට සැතපුම් ගණන් දුර සොයා ගෙන යැමටද සමහර අයට සිදුවෙන අවස්‌ථාත් ඇත.

ගාල්ලේදී ඔහුට යම් නාඳුනන පුද්ගලයෙක්‌ මුලින් කිව්තැනදී මුණගැසේ.

"අද බොස්‌ට ටිකක්‌ සනීප නැහැ. මට කිව්වා ඔයාගේa වැඩේ කර දෙන්න කියලා."

ඉන්පසු මේ දෙදෙනා යන්නේ ෙ┬Ádටෝ කොපි ගන්නා තැනකටය. ලෙඩාගේ බාරකරු ගෙනෙන බැංකු පොත, මැෂිමෙන් මුදල් ගන්නා කාඩ්එක. ඒ පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත පමණක්‌ නොව බැංකු ගිණුමෙන් මුදල් ලබාගන්නා රහස්‌ අංකය ද (පින් අංකය) බොස්‌ගේ ගෝලයා ඉල්ලාගන්නේ ඇඟට පතට නොදැනෙන ලෙසිනි. විනාඩි හත අටකට පසුව යළිත් ලෙඩාගේ බාරකරු ළඟට එන එම පුද්ගලයා කාඩ්පත් සියල්ල ඔහුට දැතින්ම දෙන්නේය.

"ඔයා දැන් යන්න...... අහවල් බැංකුවට ගිහින් මුදල් ගන්න....... ඔක්‌කොම හරි." යනුවෙන් කියූ බොස්‌ගේ ගෝලයා මොහොතකින් අතුරුදන්වේ.

ඉතාමත් සතුටට පත්වෙන රෝගියාගේ භාරකරු වහාම දිව යන්නේ බැංකුවටය. ඔහු තම රහස්‌ අංකය යොදා මුදල් ලබා ගැනීමට සූදානමින් සිටී. එහෙත් කාඩ්පත ක්‍රියාත්මක නොවේ. තරමක්‌ කලබලයට පත්වන පුද්ගලයා වහාම යන්නේ බැංකුව ඇතුළේ සිටින නිලධාරියකු හමුවීමටය.

ඔහු තමාගේ ප්‍රශ්නය කියයි. එවිට බැංකු නිලධාරියා ඔහුට මෙසේ කියන්නේය.

"මෙහෙම හොර කට්‌ටියක්‌ දැන් ගාල්ලේ ඉන්නවා. තවත් කිහිප දෙනකුට ම මෙහෙම වුණා. අපි බලමු ඔයාගේ ගිණුමට සල්ලි දාලද කියලා......."

බැංකු නිලධාරියා එම පුද්ගලයාගේ ගිණුම කොම්පියුටරයෙන් පරීක්‍ෂා කරන්නේය. එදින උදේ ගාල්ලට එනවිට එම ගිණුමේ රුපියල් 33,000 ක්‌ තිබුණුq බව ප්‍රශ්නයට මැදිවූ පුද්ගලයාට හොඳට මතක තිබේ.

"ඔයාගේ ගිණුමේ දැන් තියෙන්නේ රුපියල් පනහක්‌ විතරයි." තමා ලොකු ගැටයකට හසුවී ලොකු අමාරුවක වැටුණු බව ඔහුට වැටහෙන්නට වැඩි වේලාවක්‌ ගතවන්නේ නැත. ඉහින් කනින් දහඩිය දාගෙන අසරණ වූ පුද්ගලයා වහාම පොලිසියට දුවන්නේය.

"සර් මං ඉවරයි සර්" ඔහු කතාව කියන්නට පටන් ගන්නවාත් සමගම පොලිසියේ ලොකු මහත්තයා ඔහුගෙන් මෙසේ අසයි.

"ආ.... එහෙනම් තමුසෙත් විඡේවර්ධනගේ ගැටේට අහුවුණා." පැමිණිල්ල ලියා ගැනීම ඇරඹේ.

අපි මේ කතාව මෙතැනින් ඉවර කරමු.

- රිපෝටර්


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.