වීරප්පන්ගෙන් පසු රත්හඳුන් ජාවාරම යළි හිස ඔසවයි!

ශ්‍රී ලංකා රේගුව කෝටි 10ක රත්හඳුන් අල්ලයි!



රත් හඳුන් රත්රන්වලටත් වඩා මිල අධික ද්‍රව්‍යයකි. දුලබ බවත්, අධික ඉල්ලුමත් ඊට හේතුවයි. රත්හඳුන් යනු අප කවුරුත් දන්නා පරිදි දකුණු ආසියානු කලාපයේ වැවෙන දැඩි සේ සීමාසහිත, වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ ශාකයකි. ඉන්දියාවේ (දකුණු) කලාප කිහිපයකත්, පකිස්‌තානය හා නේපාලයේත් ස්‌වභාවික වනාන්තරවල හමුවන රත්හඳුන් ශ්‍රී ලංකාවේ ද වැවේ. විද්‍යාත්මකව ටෙරොකාපස්‌ සැන්ටාලිනස්‌ (ඡඑeරදජ්රචමි Saබඒකසබමි) ලෙස හඳුන්වන රත් හඳුන් ශාකය අඳුරු රත් පැහැතිs කඳක්‌ සහිත, සුවඳවත්, ඖෂධීයමය වශයෙන් වටිනා ශාකයකි. සාමාන්‍යයෙන් මීටර් 8 ක්‌ පමණ (අඩි 25) උසට වැඩෙන රත් හඳුන් මේරූ කඳක්‌ සෙන්ටිමීටර් 50-150 ක්‌ පමණ වට ප්‍රමාණයකින් යුක්‌තව වැඩේ. වසර තුනකදී මීටර් 5 ක්‌ පමණ දක්‌වා උසට වැඩෙන රත් හඳුන් ශාකය මෙම කාලසීමාවෙන් පසු දැව නෙළාගැනීම සඳහා වාණිජ ලෙස යොදා ගැනේ.

 

අල්ලාගත් රත්හඳුන් තොගය (ඉහළ)
 - රත්හඳුන්වලින් කරනලද නිර්මාණ

 


ඒ රත් හඳුන් පිළිබඳ සාමාන්‍ය කතා පුවතයි. එහෙත් රත්හඳුන් පිළිබඳ අසාමාන්‍ය කතා පුවතක්‌ ද වේ. ඒ ලොව ප්‍රධාන පෙළේ ජාවාරම් අතර රත් හඳුන් ජාවාරම ද නමක්‌ දිනාගෙන සිටීමයි. මෙම ශාකය ඉතා දුලබ වීම නිසාම එයට ඇති ඉල්ලුම ඉතා අධික වී තිබේ. දුලබ වූ පමණින්ම ඊට ඇති ඉල්ලුම ඉහළ යැම සිදු නොවෙතත්, රත් හඳුන්වල පවතින ඖෂධීයමය ගුණ හේතුවෙන් හා දැවමය වශයෙන් පවතින වටිනාකම අනුවත් එහි ඉල්ලුම තීරණය වී තිබේ. සරල නිදසුනක්‌ ඒ සඳහා ගතහොත් ශ්‍රී ලංකාවේ වැවෙන කළුවර ශාකයට ද ඇත්තේ එවන් දැවමය වටිනාකමකි.

රත් හඳුන්වලට වැඩිම ඉල්ලුම ඇත්තේ චීනයෙනි. ධන කුවේරයන්ගේ නිබඳ ස්‌පර්ශයට ගැනීම සඳහා බහුල වශයෙන් රත්හඳුන් භාවිත කෙරේ. ඒ අනුව ගෘහ භාණ්‌ඩ මෙන්ම අත්කම් භාණ්‌ඩ නිපදවීම සඳහා ඉතා ඈත කාලයේ සිට චීන ජනයා රත්හඳුන් භාවිත කළහ. ඒ ඉන්දියාවේ රත්හඳුන් ඉල්ලුමට අමතරවය.

එහෙත්, මෑත කාලයේ සිට ඩුබායි හා සිංගප්පූරුව වැනි රටවලින් ද රත් හඳුන්වලට ඉහළ වටිනාකමක්‌ ලැබී තිබේ. රත්හඳුන්වලට මෙවන් වටිනාකමක්‌ ලැබී ඇත්තේ සුදුහඳුන් දැවයට ඇති වටිනාකමට අමතරව බවද මෙහිදී සිහිපත් කරනු වටී. ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය ඇතුළු රටවල් කිහිපයක වැවෙන සුදු හඳුන් ශාකය (සැන්ටාලම් ඇල්බම්) ද ආර්ථික වශයෙන් ඉහළ දැවමය ශාකයක්‌ වන අතර, එය බහුල වශයෙන් යොදා ගන්නේ සඳුන් තෙල් නිදපවීම සඳහාය. කෙසේ හෝ රතු ද සුදු ද යන්න නොව, අද හඳුන් වෙළෙ¹ම ජාවාරමක්‌ බවට ද පත්ව තිබේ. ඒ අතරතුර, සුදු හඳුන් ශාකය ආර්ථික වැවිල්ලක්‌ ලෙස වවා අපනයනය කරන ආයතන ද නැත්තේ නොවේ.

මෙසේ හඳුන් දැව අපනයනයේදී සුදුහඳුන් කැබලි කර (තෙල් නිස්‌සාරණය සඳහා) අපනයනය සිදු වන අතර, රත්හඳුන් අපනයනය සිදු වන්නේ දැව කඳන් ලෙසිනි.

ඒ කෙසේ අපනයනය කෙරුණ ද, රත්හඳුන් ශාක කපා රට තුළ භාවිතයට ගැනුණ ද ඒ සමස්‌තයම පාහේ නීති විරෝධී දැව නෙළීම්වලින් ලබාගත් ඒවා බවට තීන්දු වන්නේ ඉන්දියාව තුළ ද රත්හඳුන් ගස්‌ කැපීම හා අපනයනය තහනමට ලක්‌ කර ඇති නිසාය.

වඳවී යැමේ දැඩි තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ වෙළෙ¹ම පාලනය කිරීම සඳහා පනවා ඇති සයිටීස්‌ සම්මුතිය ප්‍රකාරව, රත් හඳුන් අපනයනය සඳහා අනිවාර්යයෙන්ම සයිටීස්‌ බලපත්‍රයක්‌ තිබිය යුතු අතර, එක්‌ එක්‌ රටවල වන හා තුරුලතාවලට අදාළ අණපනත් මගින් ද රැකවරණය හා නීති ප්‍රතිපාදන සලසා ඇත. මේ අනුව රත් හඳුන් වෙළෙ¹ම දැඩි ලෙස සීමාවට ලක්‌ කර ඇති ශාකයක්‌ ලෙස නම් කර තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ දිනෙක ශ්‍රී ලංකා රේගුව මගින් රත්හඳුන් දැව තොගයක්‌ බවට සැක කළ හැකි කන්ටේනරයක්‌ අත්අඩංගුවට ගන්නා ලදී. ස්‌කෑන් පරීක්‍ෂා අනුව ඒ තුළ දක්‌නට ලැබී තිබුණේ දැව කඳන් තොගයක්‌ අඩංගුව ඇති බවයි. සනීපාරක්‍ෂක භාණ්‌ඩ බවට ලිත තොරතුරු ඉදිරිපත් කර අපනයනය කර තිබූ මෙම කන්ටේනරය (බහාලුම) ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ඩුබායි දක්‌වා යෑවීමට නියමිතව තිබූ එකකි. ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණි මෙම කන්ටේනරය ඩුබායි දක්‌වා ප්‍රති අපනයනය සඳහා ගොඩබා තිබියදී රේගු පරීක්‍ෂාවට බඳුන් කෙරිණි. රේගු අධිකාරි රුවන් ජයසිංහ මහතාගේ මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම කන්ටේනරය පිළිබඳ තොරතුරු රේගු නිවාරණ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පී. බී. කුලතුංග, රේගු ජෛව විවිධත්ව, සංස්‌කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර ඇතුළු රේගු කාර්යමණ්‌ඩලයේ අවධානයට යොමු වීමෙන් පසු අත් අඩංගුවට පත්විය.

පසුගියදා මාධ්‍යවේදීන් හමුවේ සහ අදාළ කන්ටේනරයේ වෙළෙඳ නියෝජිතයන් හා ඉහළ රේගු නිලධාරීන් ඉදිරියේ සීල් කඩා විවෘත කිරීමට මත්තෙන් මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ අපනයනකරු ඉදිරිපත් කර තිබූ සාවද්‍ය තොරතුරු හා ස්‌කෑන් වාර්තා අනුව මෙය ස්‌ථිරවම රත් හඳුන් දැව තොගයක්‌ බවට තමාට නොබලාම ප්‍රකාශ කළ හැකි බවයි. මන්ද, සුදු හඳුන් යෑවිමේදී දැව කොටස්‌ හා කුඩා කැබලි වශයෙන් අපනයනය කෙරෙන බවත්, රත් හඳුන් යවන්නේ ගෘහ භාණ්‌ඩ හා අත්කම් භාණ්‌ඩවලට බැවින් දැව කුට්‌ටි වශයෙන්ම යෑවීම ඊට හේතුව බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉන් මඳ වේලාවකට පසු රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතා ඇතුළුÊරේගු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යවේදීන් ඉදිරියේදී කන්ටේනරය කඩා විවෘත කළ අවස්‌ථාවේදී සමන්ත ගුණසේකර මහතා දැඩිව විශ්වාසය පළ කළ අයුරින්ම රත් හඳුන් දැව තොගය දැකගන්නට ලැබුණේ නැවුම් සුගන්ධයක්‌ ද සමඟිනි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතා ප්‍රකාශ කළේ සයිටීස්‌ සම්මුතිය මගින් දැඩි ලෙස සීමාවකට හා බලපත්‍ර සහිත අපනයනයකට ලක්‌කර ඇති රත් හඳුන් දැව තොගයක්‌ අත්අඩංගුවට ගැනීමට හැකිවීම වැදගත් වැටලීමක්‌ බවයි. මෙවන් කටයුතුවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ රේගු අංශ දැඩි බැඳීමකින් කටයුතු කරන බවද සඳහන් කළ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සත්වයන්ගේ නීති විරෝධී වෙළෙ¹මට තම නිලධාරීන් දැඩිව කටයුතු කරන බවයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා කියා සිටියේ මෙසේ අත්අඩංගුවට පත්වූ රත් හඳුන් දැව තොගයේ බර ටොන් දහයක්‌ පමණ වන බව හා වටිනාකම රුපියල් කෝටි හතර ඉක්‌මවන බවයි. ඉන්දියාවේදී රත් හඳුන් කිලෝවක මිල ඉන්දියානු රුපියල් පන්දහසක්‌ ඉක්‌මවන බවද පවසන රේගු අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය දශකය තුළ මෙවන් රත් හඳුන් කන්ටේනර් හතරක්‌ ශ්‍රී ලංකා රේගු අත්අඩංගුවට පත්වූ බවයි. එසේම, ශ්‍රී ලංකාවේදී මෙම රත් හඳුන් කන්ටේනරය අත්අඩංගුවට පත්වූ දිනට පසු දින සිංගප්පූරුව රේගුව මගින්ද නීති විරෝධී රත් හඳුන් කන්ටේනරයක්‌ අත්අඩංගුවට ගෙන තිබිණි. සයිටීස්‌ සම්මුතියට අනුව දැඩිසේ අලෙවිය තහනමට ලක්‌ කර තිබියදීත් රත් හඳුන් දැව හෙළීම බරපතළ තත්ත්වයක්‌ බවත්, ඉන්දියාවේ හිටපු මහා පරිමාණ ජාවාරම්කරුවකු වූ වීරප්පන්ගේ රත් හඳුන් ජාවාරමෙන් පසු නැවතත් මෙම ජාවාරම හිස ඔසවනු ලකුණු පහළ වී ඇති බවත් පරිසරවේදීහු පවසති. ඉන්දියාවේ පමණක්‌ වැඩෙන ශාකයක්‌ ලෙස සැලකෙන රත් හඳුන් ශාකය සදහටම මේ පොළෝ තලයෙන් සමුගන්නට පෙර සුරක්‌ෂිත කිරීම මෙන්ම වගාවක්‌ වශයෙන් ව්‍යාප්ත කිරීම ද යුගයේ අවශ්‍යතාවකි. එවිට ඉල්ලුමට සරිලන සේ අනාගතයේදී ජාවාරමක්‌ නොවී රත් හඳුන් වෙළෙ¹ම වුව කරගෙන යා හැකිය.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.