කහ ඉර උඩදී රියට යටවූ
උ.පෙළ ශිෂ්‍යාවගේ මොළය මැරෙයි...


ශරීරාවයව දන් දීමට දෙමව්පියෝ තීරණය කරති
අක්‌මාව විසිඑක්‌ හැවිරිදි තරුණියකට බද්ධ කරයි
දැස්‌, හෘදයවස්‌තුව හා වකුගඩුත් දන් දෙයි

 

මව- චනද්‍රානී දීපිකා



දරුවන් තුන් දෙනාටයි මහත්තයටයි වෙනද වගේම අදත් උදේ තේ කොප්ප පහක්‌ හදලා දරුවන්ට කතා කරන කොට තමයි මට මතක්‌ වුණේ දුව ගෙදර නැති විත්තිය. ඉස්‌පිරිතාලේ ඉන්න දුව ජීවත්වෙලා ඉන්නේ තව කී පැයක්‌ද? හෙට මේ වගේ වෙලාවට දුව මිය ගිහින්. මිය ගිහින් නොවෙයි, හුස්‌ම ගැනීමට පහසුවක්‌ වන ලෙස දුවට සවිකර තිබෙන කෘත්‍රිම ස්‌වසන උපකරණය ගැලෙව්වාට පස්‌සේ දුව මිය යනවා. අම්මා කෙනෙක්‌ හැටියට අනේ මම කොහොම මේ දුක ඉවසන්නද? මෙසේ මරණයට පත්වීමට කලින් දුවගේ ඇඟ ඇතුලේ තියෙන අක්‌මාව, හෘදය වස්‌තුව, වකුගඩු දෙක, ඇස්‌ දෙක යන මේ අවයව ගලව ගෙන තමන්ගේ සිරුරේ තිබෙන එම අවයව ක්‍රියාවිරහිත වී මැරෙන්න ඉන්න දරුවන්ට සවිකරලා දුවගේ පිහිටෙන් ඔවුන් ජීවත්a වෙනවාය කියලා ඒ ගැන හිතල මගේ දුක තුනී කර ගන්න මහන්සි ගත්තට හිතට බොරු කරන්න බැහැ නේ. හැමදාම දුව ගැන හිතහිතා මම මැරී මැරී දහස්‌වාරයක්‌ උපදිනවා. අම්මා කෙනෙක්‌ හැටියට මං කොහොම ඒ දුක ඉවසන් ඉන්නද?



තව පැය කිහිපයක්‌ හෝ මෙලොව ජීවත් කරවීමට අවශ්‍ය ශක්‌තිය කෘත්‍රිම ස්‌වසන උපකරණයක (ඪැබඑසක්‌එeර) ආධාරයෙන් කෘත්‍රිම ස්‌වසනය ලබා දෙමින් කොළඔ ජාතික මහ රෝහලේ ස්‌නායු දැඩි සත්කාර ඒකකයේ පසුගිය 27 වැනි දින දෙවැනි වාට්‌ටුවේ මොළය මියයැමේ හෙවත් බ්‍රේ්‍රන් ඩෙත් ආබාධයට ප්‍රතිකාර ලබන තම දියණියගේ වියෝගය උහුලා ගැනීමට නොහැකිව ඇගේ මව, චන්ද්‍රdනී දීපිකා නගන විලාපය අසන මගේ දැස ද තෙත් විණ.

අවුරුදු දාහතක්‌ වයසැති පාසල් දියණියක වන ගයනි විශාකා ලියනගේ දැරිය, කහ ඉර මත ගමන් ගත් මහා මාර්ගයේ, අධිවේගී මාර්ගයක ගමන් ගැනීමට නියමිත වේගය ද ඉක්‌මවා යමින් ධාවනය වු අති නවීන පන්නයේ ටූරූ කැබ් මෝටර් රථයක හැපීම නිසා ඇගේ ජීවිතය බේරා ගැනීමේ අභියෝගයට එම රෝහලේ වෛද්‍යවරු සහ හෙදි කාර්ය මණ්‌ඩලයද මුහුණ දෙමින් සිටිත්. මෙම අනතුර නිසා ඇගේ හිස පොඩි පට්‌ටම් වී මොළයේ ස්‌නායූ පද්ධති සියයට අනූවක්‌ පමණ මිය ගොස්‌ ඇතත්, ඇගේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට මෙම රිය අනතුරෙන් කිසිදු හානියක්‌ වී නොමැත. රිය අනතුරකින් සිදුවූ මෙවැනි බ්‍රේන් ඩෙත් ආබාධයට ගොදුරු වන්aනේa ලක්‍ෂයකින් එකක්‌ බවයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ.එච්.එම්.වික්‍රමනායක මහතා සඳහන්a කරන්නේ.

ඔයා ඔහොම අඬන්න එපා. අපිටත් හරිම කනගාටුයි. ඔයාගේ ගයනි දියණිය නිසා හෙට අනිද්ද අපේ රටේ ඔයාගේ දුවගේ වයසේ දරුවන් හතර පස්‌ දෙනෙක්‌ ඔයාලා ගත්තු තීරණය නිසා එයාගේ ශරීරයෙන් ගලව ගන්න අවයව නිසා මරණින් ගැලවිලා ජීවත් වෙන්න වාසනාව ලැබෙනවා. ඒක මේ දරුව කර ගන්න පිංකමක්‌. ඒ පිංකමෙන් ඒ දරුවන්ගේ අම්මලා ලබන්නේ මොන තරම් සතුටක්‌ ද. බුදුහාමුදුරුවෝ පාරමිතා පුරණ කාලේදි බෝධි සFවයින්ගේ ඇඟේ අවයව එක ආත්මයකදී මේ තරම් දන් දීලා තියෙන විත්තිය අපි අහල නැහැ. ඒ අතින් ඔයාගේ දුව වාසනාවන්තයි. ඒ ගැන හිතල අඬන්න එපා. එම අවස්‌ථාවේ එතැන සිටි පවුලේ හිතවතෙක්‌ ඇය අස්‌වැසීමට උත්සාහ ගත්තේ ය.

මාසයක කාලයක්‌ වත් ජීවත්වීමට නොහැකි අවාසනාවන්ත වාතාවරණයක්‌ යටතේ පසුවූ අවුරුදු 21 ක්‌ වයසැති තරුණියකට ගයනිගෙන් ඉවත් කර ගත් අක්‌මාව 28 වන දින උදේ වරුවේ බද්ධ කරන බවත්, ඇගේ දැස, හෘදය වස්‌තුව සහ වකුගඩු දෙක, ඉදිරියේදී තවත් දැරියන් තිදෙනෙකුට බද්ධ කරනු ලබන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවැසී ය.

මේ දුව හරිම කීකරුවන්ත ශිෂ්‍යාවක්‌. පාසලේ වැඩ ගැන හරිම උනන්දුවෙන් ඉන්නේa. එයාගේ හැසිරීමත් හරිම හොඳයි. එයා ඉගෙන ගන්න දක්‍ෂ ශිෂ්‍යාවක්‌ හින්ද තමයි වාණිජ්‍ය අංශයට තෝරා ගෙන තියෙන්නේ. 2014 වර්ෂයේදී ඉහළින්ම සමත්වෙන්න හිටිය දක්‍ෂ දරුවෙක්‌ මේ අනතුරට මුහුණ දීලා ඉන්න ගයනි විශාකා දැරිය. මේ අම්මා දුවගේ පස්‌සෙන්මයි ඉන්නේ. පාසලේ මෙයාට උගන්වපු ගුරුවරු බොහෝම කම්පා වුණා දරුවට සිද්ධ වුණු මේ විපත ගැන අහලා. ගයනි දුව බැලීමට රෝහලට පැමිණ සිටි ඇගේ පංති භාර ගුරුතුමී ඩී.වී.එල්.උදයංගනී ගුරු මහත්මිය එසේ පැවැසුවා ය.

මගේ දුව ඉගෙන ගන්නේ කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයේ දොළොස්‌වන වසරේ වාණිජ අංශයේ. 2014 අවුරුද්දේ එයා උසස්‌ පෙළ විභාගයට මුහුණ දෙන්නයි හිටියේ. දැන් ඒ ඔක්‌කෝම බලාපොරොත්තු වතුරේ ගහ ගෙන ගියා. ඉරිදා උදේ නුගේගොඩ පංතියකට ගිහින් සවස ගෙදරට එන ගමන් නිවසට එන අතරේදී තමයි මේ අපරාධය දුවට සිද්ධ වුණේ. මට දුවෙකුට ඉන්නේ මේච්චරයි. අනිත් දෙන්නාම පුත්තු. ලොකු පුතා කොට්‌ටාව ධර්මපාල විද්‍යාලයේ නවවන වසරේ ඉගෙන ගන්නේ. බාල පුතා තවම මොන්ටිසෝරි යනවා. මමයි දුවයි මිතුරියෝ දෙන්නෙක්‌ වගෙයි ඉන්නේa. මම අසනීප වුණාම දුව තමයි ගෙදර සියලුම වැඩපළ කරන්නේ. නිතරම මගේ ළඟින්ම ඉන්න දුව නැති වුණාම අනේ කොහොමද මම ඒ දුක උහුලන් ඉන්නේ.

මගේ මහත්තයා චන්න ධම්මික. එයා මට රැකියාවක්‌ කරන්න ඉඩ දුන්නේ නැහැ. ඔයා ගෙදර ඉඳගෙන දරුවන් බලා කියා ගෙන ඉන්න, මම අඩුපාඩු බලාගන්නම් කියලයි එයා කිව්වේ. දෙපානම අරලිය උයනේ හයවන පටුමගේ නිවසක තමයි අපි පදිංචි වෙලා ඉන්නේ. මහත්තයා ත්‍රීවීල් එකක්‌ පදවනවා. සිරස ආයතනය ඉදිරිපිට වාහනය නතර කරගෙන එහි ලැබෙන ගමන් වාරවලට තමයි එයා වාහනය පදවන්නේ.

මෙම සිද්ධිය වුණු දවසේ ඉරිදා උදේ දුවට පංතියක්‌ තිබුණා, නුගේගොඩ. පංති යන දවසේ නිවසේ ඉඳලා පන්නිපිටිය හන්දියට ත්‍රීවිලයෙන් ගිහින් දුව ඇරලවන්නේ තාත්තා. එදා ත්‍රීවිලයේ දෝෂයක්‌ තිබුණු හින්ද මම ගිහින් දුව පන්නිපිටියට ඇරැලුවා. එතැන ඉඳන් දුව යන්නේ බසයෙන්. හවස දුව බසයෙන් බැහැලා තනියම එන හින්ද මම දුව එක්‌ක එන්න පන්නිපිටිය හන්දියට ගියා. දුව එනකන් මම හන්දියේ බලන් ඉන්නවා, දුව ආවේ නැහැ. ටික වෙලාවකට පස්‌සේ තමයි කවුදෝ කියනවා ඇහුණේ ගැහැණු දරුවෙක්‌ අරලිය උයනේ හන්දිය අසල වාහනයක හැප්පිලා අනතුරට පත් වෙලා ඉන්න බව. ඒක අහලා මගේ පපුව හෝස්‌ ගාලා දාලා පිච්චිලා ගියා. මම එතැනට ආවේ කොහොමද කියන්න වත් දන්නේ නැහැ.

සිද්ධිය වු ස්‌ථානයේ මෙම අනතුර දැසින් දුටු අයෙක්‌ අනතුර සිදුවූ ආකාරය ගැන කියන්නේ මෙවැන්නකි. මෙම සිද්ධිය උනේ කොට්‌ටාව බොරැල්ල බස්‌ මාර්ගයේ අරලිය උයනට හැරෙන හන්දියේදී. ඔය කියන වේලාවේ මම එතැන හිටියා. ඒ වේලාවේ වාහන කිසිවක්‌ එම ස්‌ථානයෙන් ගමන් ගත්තේ නැහැ. මම දැක්‌කා ඈත පන්නිපිටියේ ගුවන් පාලම දිහාවේ ඉඳන් අධික වේගයෙන් පිඹගෙන වාහනයක්‌ එනවා. ඉතා වේගයෙන් මේ වාහනය එන නිසා මගේ දැස්‌ ඒa දිහාවට නිතැතින්ම යොමු වුණා. මම දුටුවා ගැහැණු ළමයෙක්‌ පාරේ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට කහ ඉරි තීරුව දිගේ පාර හරහා මාරු වෙමින් සිටින බව. වාහනය ආවේ පාරේ වම් පැත්තේ පදික වේදිකාවට වෙන් කර තිබෙන ස්‌ථානයට ආසන්නයේ. පාර හරහා මාරු වෙමින් හිටිය ළමයා ඒ වන විට හිටියේ පදික වේදිකාව අසල කහ තීරුව උඩ. එක පාරටම මම දැක්‌කා ඒ ආපු වාහනය අර ළමයා හප්පා ගෙන වේගයෙන් ගමන් ගන්නවා. ළමයා වාහනේ බොනට්‌ටුව උඩ. එහෙම වේගයෙන් ආපු වාහනය එක පාරට දඩස්‌ ගාලා බ්‍රේක්‌ ගැහුවා. ඒ වේගයට බොනට්‌ටුව උඩ හිටිය ළමයා උඩින් ගිහින් බිම වැටිලා පාරේ ඇදී ගෙන ගියා.

මේ වාහනය එලවා ගෙන ආපු රියදුරා හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් කෙනෙක්‌. එයා දැනට සුගතදාස ස්‌ටේඩියම් එකේ සහාපති හැටියට වැඩ කරන සමරතුංගය කියල පසුව දැන ගත්තා. අනතුර සිද්ධ වෙන වෙලාවේ එයාගේ දුවයි, බිරිඳයි ඒකේ ඇතුලේ හිටියා. අපිට ඇහුණා කියනවා වාහනයේ කෙනෙක්‌ හැප්පුනු බව ඒ දුව තාත්තට කියපු බව. එහෙමත් කියද්දි තමයි මේ මිනිහා දිගට ම වාහනය එළවලා තියෙන්නේ. එයා එතැනින් ලිස්‌සලා යන්න හැදුවාම එතැන හිටපු අය ඒකට ඉඩ දුන්නේ නැහැ. මේ ආරංචිය ලැබිලා එතැනට ආපු දරුවාගේ තාත්තයි අම්මයි දෙන්නා මේ ආමි නිලධාරියත් එක්‌ක දරුවා වහාම ළඟම තියෙන ජයවර්ධන රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ බව දැන ගන්න ලැබුණා. පස්‌සේ පොලිසිය එතෙන්ට ආවා. ළමයා හැප්පුණු තැනයි වාහනය නතර කරපු තැනයි අතරේ දුර ප්‍රමාණය මනින කොට ටේප් එක දිග මදිවුණා. මීටර් තුන්සියයකටත් වැඩි දුරක්‌ මේ දරුවා බොනට්‌ එක උඩ තියෙද්දි තමයි මෙයා වාහනය එලවා ගෙන ඇවිත් තියෙන්නේ.

නම සඳහන් කිරීමට අකමැති මෙම සිද්ධියේ දී අධිකරණයේ සාක්‍ෂි දීමට නියමිත මෙම අය වැඩි දුරටත් මෙසේ පැවැසී ය. මම හිතන්නේ නැහැ හැප්පිච්ච විදියට මේ දරුවා ජීවත් වේවි කියල. එහෙම වුණොත් ඒක දරුවාගේ වාසනාව. එහෙම උනොත් මේ පාර හැදුවායින් පස්‌සේ කිලෝ මීටර දෙතුන් සියයක්‌ අතරේ වාහන අනතුරුවලින් සිද්ධ වෙන හතරවෙනි මරණය. අරලිය උයනේ ඉඳලා වලේකඩේ හන්දිය දක්‌වා මීටර දෙතුන් සියයක දුර ප්‍රමාණයේ මේ සිද්ධවෙන්නේ දහවෙනි අනතුර. මේ ඔක්‌කෝම අනතුරු මේ මාර්ගයේ අධික වේගයෙන් වාහන ධාවනය කිරීමෙන් සිද්ධ වුණු රිය අනතුරු. දැනට වයසක කාන්තාවක්‌ සහ වයසක පිරිමියෙකුත් පිරිමි දරුවෙකුත් සිදුවූ රිය අනතුරුවලින් මිය ගිහිල්ලා. එක්‌ කෙනෙක්‌ අබ්බගාතයෙක්‌ වෙලා, මාස ගණනක්‌ තිස්‌සේ එයා ඉන්නේ ඇඳක්‌ උඩ.

පදිකයන් මාරුවන මං තීරුව තියෙන්නේ එක්‌කෝ කන්ද පහළ. නැත්නම් කන්දේ ඉහළ. මේවා වාහන එළවන රියදුරන්ට පේන්නේ නැහැ. පොලිසියටවත් පේන්නේ නැහැ. අනික පාර පුරා වාහන දුවන එක නතර කරන්න පාර මැද්දේ බාධක දමලත් නැහැ. ඉතින් වාහන පදවන අය මේ පාර තමන්ගේම බූදලයක්‌ කර ගෙන. ප්‍රයිවට්‌ බස්‌ රියදුරන්, ත්‍රීවීල් රියදුරන් වගේම හමුදාවේ මහත්තුරුත් මේ පාරේ වාහන පදවන්නේ යක්‍ෂා වේෂයෙන්. මේ පාර ආර්ඩී එකෙන් හැදුවාට වාහන අනතුරු වළක්‌වන්න ආර්ඩීයේ මහත්තුරු කිසිම පියවරක්‌ අරං නැහැ. මේ තරම් අනතුරු සිද්ධවන මේ මාර්ගයේ අනතුරු වැළැක්‌වීමට මහරගම පොලිසියේ රථ වාහන අංශයේ මහත්තුරු පියවර ගන්න බවකුත් පේන්න නැහැ. අධිවේගී මාර්ග හදන, තිබෙන මාර්ග සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට තියෙන උනන්දුව එම මාර්ග අනතුරුවලින් තොරව පවත්වා ගැනීමේ ක්‍රියා මාර්ග අදාළ අංශවල ඉන්න නිලධාරීන් ගන්නේ නැති නිසා මේ වගේ අනතුරු ඉදිරියේදීත් දිගටම සිද්ධ වේවි.

තම රටේ ජනතාවට ආදර්ශයක්‌ වන ලෙස හා උණුවන හදවතකින් ජනතා කටයුතුවල නියෑලෙන්නයි ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් නිතරම ඉල්ලා සිටිය ද බෙහොමයක්‌ රාජ්‍ය නිලධාරීන් එය තඹයකට මායිම් නොකරන අයුරු ගයනි විශාකා ලියනගේ දැරියගේ මව කියන ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. මෙච්චර දෙයක්‌ සිද්ධවෙලත් වාහනය පදවපු හමුදාවේ මහත්තයා රෝහලේදී හැසිරුණේ තමන්ගේ වාහනයට බල්ලෙක්‌ බළලෙක්‌ අහු වෙච්ච ගානට. එයා පැත්තකට වෙලා එක එක්‌කෙනාට කෝල් කරමින් හිටියා. මම කිව්වා මහත්තයාටත් දරුවෝ ඉන්නවා නේද ඇයි මගේ දරුවා මේ විදියට මරා දැම්මේ, කොහොම හරි මගේ දරුවාගේ ජීවිතේ බේරා දෙන්න කියල. ඒ වෙලාවේ එයා මට සල්ලි මිටියක්‌ දික්‌ කරා. මම කිව්වා මහත්තයෝ මට මේ වෙලාවේ සල්ලි නෙවෙයි වටින්නේ, මගේ දරුවාගේ ජීවිතය බේරා ගන්න උදව් කරන්න කියල. එයාගේ බිරිඳත් දුවත් නිකමට හරි මාත් එක්‌ක වචනයක්‌වත් කතා කළේ නැහැ. නුගේගොඩ උසාවියේදී හමුදා නිලධාරිගේ පුතා මට හමුවුණා. මම එයාත් එක්‌ක කතා කර කර ඉන්න කොට හමුදා නිලධාරියා වෙනුවෙන් පෙනී හිටින නීතිඥ මහත්තුරු පස්‌ දෙනාම එතැනට දුව ගෙන ඇවිත් මේ දරුවාගෙන් ඕවා අහන්න එපා ඔය ගොල්ලන්ගේ නීතිඥ මහත්තයාගෙන් අහගන්න කියමින් ඒ පුතා ඇද ගෙන ගියා. මගේ දුවට මෙච්චර දෙයක්‌ සිද්ධ වෙලා තියෙන අවස්‌ථාවේදී මේ නීතිඥයෝයි හමුදා නිලධාරියා යි හැසිරුණේ මේ වගේ දුවල නැති අය විදියට යිs.

මෙම සිද්ධියේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්‌ ඇත. රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් මෙන්ම හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් හැසිරෙන්නේ ඉවතට විසිකර තිබෙන පැරැණි රදල වැඩවසම් අවධියේ තිබූ සළුපිළි දූවිලි ගසා නැවත හැඳගත්තවුන් සේ ය. තනතුරු තාන්නමාන්න ලැබෙන විට ගෙඩිවල බර උසුලා සිටීමට නොහැකිව අතු නැමෙන්නාක්‌ මෙන් රාජ්‍ය නිලධාරීන්ගේ හිස්‌ ගෙඩි පහතට නැමිය යුතු වුවද, මොවුන් හැසිරෙන්නේ බඩ කට සහ හිස අහස උසට තවතවත් දිගු කර ගනිමින් ය. මහජනතාවගේ මුදලින් සුඛෝපභෝගී වාහනයක්‌ ලැබුණු විට මොවුන්ගේ උජාරුව තවත් වැඩි වෙයි. එම වාහනය ජනාතාවගේ මුදලින් පාරේ දුවන විට මොවුන් හැසිරෙන්නේ මුළු පාරම බද්දට ගත්තවූන් සේ ය. මෙවැනි මහන්තFවයේ නිලධාරීන්ට ලබා දිය යුත්තේ ගොන් හරකා බැඳි තිරික්‌කලය බැගින් ය.

මහජන මුදලින් මේ අයුරු මහන්තත්Fවයෙන් වැජඹෙන බ්‍රිගේඩියර් සමරතුංග වැනි හිස්‌ නිලධාරීන්ට ගයනි විශාකා ලියනගේ දැරියගේ මව, පියා ඇතුළු පවුලේ අය ලබා දී ඇත්තේ කිසිදාකවත් නොමැකි ය හැකි දැඩි අතුල් පහරකි. මේ දරුවාගේ පියා ඔවුන් වැනි උසස්‌ රාජ්‍ය නිලධාරියෙකු නොවේ. ඔහුගේ ම ත්‍රීවීලය පදවමින් තම කුටුම්භය රක්‍ෂා කිරීමට වෙර වෑයම් කරමින් සාධාරණයෙන් තම ජීවිකාව ගෙවන උසස්‌ මිනිසෙකි. ඒ දරුවාගේ හදවතට හුස්‌ම ගැනීමට පහසුවක්‌ වන ලෙස සවිකොට තිබු කෘතිම ස්‌වසන උපකරණය ගැලවීමට පෙර අක්‌මාව, හෘදය වස්‌තුව, වකුගඩු දෙක, ඇස්‌ දෙක යන මේ අවයව ඇගේ සිරුරින් ඉවත්කර ගැනීමට කැමැත්ත පළ කළේ මෙම අය ඒ අයුරු මානව දයාවෙන් යුත් උත්තම මිනිසුන් නිසා ය. ඔබ මේ ලිපිය කියවන මොහොතේ එම ඉන්ද්‍රියන් නොමැතිව මේ ලොව ජීවත්වීමට වරම් නොලද ගයනි විශාකා වැනි වූ තවත් දරුවන් සිව්දෙනෙකු තවදුරටත් ජීවිත්වීමේ වරම ලබා ගනිමින් එම ඉන්ද්‍රියන් නිසා ඔවුන් හෙළන හුස්‌ම පොද වායු තලයට මුසු කරන අවස්‌ථාව වනු ඇත.

මහරගම - උදේනි චන්ද්‍රසිරි





 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.