රනිල්, චන්ද්‍රිකා, ෆොන්සේකා, සම්බන්ධන්

පියසේන දිසානායක සහ මනෝඡ් අබයදීර

ඉදිරි ජාතික මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ඇතුළු දේශපාලන නායකයන් රැසක්‌ සන්ධානගතව ඡන්ද සටනට එක්‌වීම සඳහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇත.

මේ සඳහා එක්‌වන දේශපාලන පක්‍ෂ හා නායකයන්ගේ අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් නව සන්ධානය ගොඩනැගීමේ මූලික සාකච්ඡා වට කිහිපයක්‌ මේ වන විට පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය" ට වාර්තා විය.

නව සන්ධානය යටතේ පොදු අපේක්‍ෂකයෙක්‌ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අතර එම අපේක්‍ෂකයාගේ නම ප්‍රසිද්ධ කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සිදුකිරීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතා විමුක්‌ති පෙරමුණ මෙම නව සන්ධානය සඳහා එක්‌වෙනවාද නැද්ද යන්න පිළිබඳ තවමත් තීරණයක්‌ ගෙන නොමැති අතර ඉදිරියේදී එම පෙරමුණ සහ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසක්‌ එක්‌කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.