බස්‌නාහිරට ඡන්ද උණුසුම එයි!

රනිල් ධර්මසේන

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්‌නාහිර පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා ආණ්‌ඩුව හා විපක්‍ෂය රහසිගතව සිය කඳවුරු ගොඩනගමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කොළඹ, ගම්පහ සහ කළුතර දිස්‌ත්‍රික්‌ක තුනටම ප්‍රබල නායකයන් නම් කිරීමට සූදානම් වන බවටත් ඒ සඳහා මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට අමතරව යුද්ධයේ අවසන් සටනේ නියමුවකුව සිට මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සිටින හිටපු හමුදා නායකයකුද, විපක්‍ෂයේ කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයකු ඇතුළු ප්‍රබල පුද්ගලයන්ගේ නම් රැසක්‌ යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

විපක්‍ෂය ද ඒකාබද්ධව බස්‌නාහිරට තරග කරන බවටත් මහ ඇමැති අපේක්‍ෂකත්වයට ආණ්‌ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එක්‌වීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතා විමුක්‌ති පෙරමුණ තනිව තරග කරන අතර එම පක්‍ෂයේ වෘත්තීය සමිති නායකයා වන කේ. ඩී. ලාල් කාන්ත මහතා මහ ඇමැති අපේක්‍ෂක ලෙස දැනටමත් නම් කර ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.