පළාත් අයවැය පරදවන මන්ත්‍රීන්ට දැඩි දඬුවමක්‌!

පියසේන දිසානායක

ආණ්‌ඩු පක්‍ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන පරාජයට පත් කිරීම සඳහා ක්‍රියාකරන මහජන නියෝජිතයන් සම්බන්ධව පුළුල් විමර්ශනයක්‌ සිදුකොට ඔවුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමිව ඇති නගර සභා හා ප්‍රාදේශීය සභ රැසක අයවැය ලේඛන පසුගිය කාලේ පරාජයට පත් කිරීම සඳහා සන්ධානයේම මන්ත්‍රීවරු ක්‍රියාකළ බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පැමිණිලි ලැබී තිබේ.

මෙම මන්ත්‍රීවරු සම්බන්ධව පුළුල් විමර්ශනයක්‌ සිදුකර ඔවුන්ට එරෙහිව කුමන ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළ යුතු ද යන්න පිළිබඳව ලබන 18 වැනිදා රැස්‌වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක්‌ ගන්නා බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.