ජල සම්පාදන අමාත්‍යාංශයේ මැරයෙක්‌!

අජිත් අලහකෝන්

ජාතික ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ සේවය කරන පුද්ගලයෙක්‌ නිසා අමාත්‍ය කාර්ය මණ්‌ඩලය බරපතළ මානසික පීඩනයකට ලක්‌ව ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයා, පොලිස්‌පතිවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිතව දැනුම් දී ඇත.

ආණ්‌ඩුව් ප්‍රබල කම්කරු නායකයකුගේ හිතවතු බව පවසන මෙම පුද්ලගලයා කළුතර ගොවිජන සේවා දොපර්තමේන්තුවේ කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටියදී ව්‍යාජ අධ්‍යාපන සහතික හා ව්‍යාජ සුදුසුකම් ඉදිරිපත් කිරීම නිසා සේවයෙන් පහකළ පුද්ගලයෙකි.

එහෙත් ඉන්පසු ඔහු ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ කොන්ත්‍රාත් පදනම මත මාධ්‍ය සහකාර තනතුරට පත්කර ඇති අතර ඒ සඳහා ඔහුට අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් කිසිදු සහතික නැති බව ද ජාතික ජලසම්පාදන මණ්‌ඩලය දැනුම් දී ඇත.

එම පුද්ගලයා පසුගිය 13 වැනිදා අමාත්‍යාංශ පිළිගැනීමේ කවුන්ටරයේ තබා තිබූ මල් බඳුනකින් වෙනත් නිලධාරියකුට ප්‍රහාරයක්‌ එල්ල කර ඇති අතර එම මල් බඳුන බිඳී ගොස්‌ ඇත.

සිද්ධිය සිදුවී දින කිහිපයකට පසුව මෙම පුද්ගලයා තලංගම පොලිසිය වෙත පැමිණිලි කරමින් රියෑදුරකු විසින් තමන්ට මල් බඳුනකින් පහර දුන් බවට ප්‍රකාශයක්‌ කර තිබේ. මෙම අභූත චෝදනාව මත මේ වනවිට අහිංසක රියෑදුරෙකු රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපතිවරයාට සහ පොලිස්‌පතිවරයාට දැනුම් දී ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.