තැපෑලේ ලොක්‌කෙක්‌ ව්‍යාජ මුද්දර ජාවාරමක

ප්‍රියදර්ශන ලියනගේ

තැපැල් මුද්දර සමග නිකුත් කරන මුල් දින කවර සහ සිහිවටන පත්‍රිකා ව්‍යාජ ලෙස මුද්‍රණය කර මුදලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක්‌ තැපැල් දෙපාර්තමේන්තුවේs ඉහළ නිලධාරියකු විසින් ආරම්භ කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

මේ හේතුවෙන් රජයට මේ වන විටත් රුපියල් කෝටියක පමණ ආදායමක්‌ අහිමි වී ඇතැයි තැපැල් වෘත්තිය සමිති නායකයන් පැවසීය.

තැපැල් මුද්දර කාර්යාංශයේ දත්ත තමන්ගේ බලය අයුතු ලෙස යොදාගෙන සොරකම් කර අදාළ නිලධාරියා විසින් කාලයක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස්‌ තිබේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කළ තැපැල් මුද්දර දෙකට අදාළ තොරතුරු ද මෙම නිලධාරියා ව්‍යාජ ලෙස මුද්‍රණය කර තැපැල් සේවා අමාත්‍යාංශය තුළ තමාගේ නම අලෙවි කරන බවද තැපැල් වෘත්තීය සමිති නායකයන් වැඩි දුරටත් පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.