කරාපිටියේ ශල්‍යාගාර තුනක්‌ වැසෙයි

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ හිඟකම නිසා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ශල්‍යාගාර තුනක්‌ වසා දමා ඇත. රෝහලේ Aල ඊල C යන ශල්‍යාගාර මෙසේ වසා දමා තිබේ.

මෙම ශල්‍යාගාර තුළ සිදු කරනු ලබන්නේ සැලසුම් සහගතව කරන සැත්කම් ය.

මෙම ශල්‍යාගාර වසා දැමීම නිසා එම සැලසුම් සහගත සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හා හෙද හෙදියන්ගේ හිඟකම මෙම තත්ත්වයට බරපතළ හේතුව වී තිබේ. රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරුන් ස්‌ථාන මාරු ලබා ගොස්‌ ඇති අතර එම වෛද්‍යවරුන් වෙනුවට පැමිණි වෛද්‍යවරුන් පුහුණු කොට යෙදවීම සඳහා මාස හයක පමණ කාලයක්‌ ගත වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් 70 කට අධික සංඛ්‍යාවකගේ හිඟයක්‌ පවතී. හෙද හෙදියන් 140 කගේ පමණ ද හිඟයක්‌ පවතින අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරාපිටිය ශික්‍ෂණ රෝහල සඳහා අලුතෙන් වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ලබා දී නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.