විදෙස්‌ ඖෂධ සමාගමකට නීති විරෝධීව
ලියාපදිංචිය දීම ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලයි


ඒමන්ති මාරඹේ - චමින්ද සිල්වා

මෙරටට බහුල වශයෙන් ගෙන්වන බෙහෙත් වර්ග 50 කට අධික සංඛ්‍යාවක්‌ ගෙන්වීම සඳහා විදේශීය සමාගමකට නීති විරෝධී අයුරින් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිය ලබා දීම පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පවත්වන්නැයි සෞඛ්‍ය සේවාව සුරැකීමේ සංවිධානය පෙරේදා (04 දා) සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

මෙම නීති විරෝධී ලියාපදිංචිය ලබා ගත් විදේශීය බෙහෙත් සමාගම දේශීය ආනයනකරුවකු ලෙස බෙහෙත් වර්ග ගෙන්වීමට ලියාපදිංචිය ඉල්ලා ඇතත් එම සමාගමට කිසිදු ශ්‍රී ලාංකික හිමිකරුවකු නොමැති බව එම සංවිධානය කියයි.

මූලික සුදුසුකම්වත් සපුරා නොමැති මෙම බෙහෙත් සමාගමට මෙසේ මෙරටට බෙහෙත් ගෙන්වීම සඳහා ලියාපදිංචිය ලබා දී ඇත්තේ දින 3 සිට දින 13 දක්‌වා කෙටි කාල සීමාවන් තුළදීය. සාමාන්‍යයෙන් බෙහෙත් වර්ගයක්‌ ලියාපදිංචි කිරීම සඳහා නීත්‍යානුකූල වශයෙන් කටයුතු කරන සමාගමකට මාස ගණනක්‌ බලා සිටීමට සිදු වෙයි. බලධාරීන්ට තුටු පඬුරු ලබා දීමෙන් අදාළ සමාගම බෙහෙත් වර්ග ගෙන්වීමේ ලියාපදිංචිය ලබා ගෙන ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යවා ඇති ලිපියෙහි දැක්‌වේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.