වාරිමාර්ග නීති,රෙගුලාසි, ගංවතුර මැද
දරු සෙනෙහස දෝරේ ගලයි


මුලතිව්, වව්නියා, උපඒජන්ත දිනපොතේ 1932 මාර්තු මාසය

මේ කාලය වඩා වැඩි කාලයක්‌ හිරු පායන කඩින් කඩ සුළුÊවශයෙන් වැසි ඇතිවන කාලයකි. අදද වව්නියාවට එසේමය.

උප ඒජන්තගේ පදිංචි ප්‍රදේශය පේරාදෙණිය බව ඔහුගේ මෙම මාසයේ වාර්තාවලින් හෙළිවේ. ඔහුගේ දරුවා ඔහුට දක්‌නට ලැබෙන්නේ මාස තුනකට වරක්‌ පමණි. ඔහුගේ බිරිඳද පැමිණ ඔහුගේ සංචාරවලට එකතුවන අයුරු මෙම සටහන් වලින් හෙළිවේ.

ආණ්‌ඩුවෙන් වෙනස්‌ කරන වාරිමාර්ග රෙගුලාසි, නීති වැව් ආශ්‍රිත ගොවියන්ට, පංගුකරුවන්ට බලපාන අයුරු ඔහු අනෙකුත් නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම්ය. දැන් වගේ වැව් හදාදීම එදා සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුවෙන් ඉටුකර නැත. වැව් පංගුකරුවන් විසින් බලා කියා ගත්තද කාරිය පැහැර හරින්නන්aට දඩ ගැසීමේ ක්‍රමයක්‌ද තිබූ බව මේ සටහනෙන් හෙළිවේ. ඒ සඳහා අරමුදලක්‌ද තිබී ඇත.

මේ ඒජන්ත මුලතිව් සිට වව්නියාවටද, වව්නියාවේ සිට මුලතිව් වලටද විටින් විට යමින් එමින් කරන රාජකාරිය පාලනය සුළුÊපටු නොවේ. අනෙක්‌ අතට ඔහු පොලිස්‌ උසාවියේත්, සිවිල් උසාවියේත් නඩු ඇසීමටද තම කාලය යෙදිය යුතුය. මුදල් පිළිබඳ වගකීමද ඔහු දරයි. 1932 මාර්තු මාසය ඔහුට ගෙවී ගොස්‌ ඇති හැටි බලමු.

Diary of the Assistant Government Agent Mullaittivu for March 1932



එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර
දිසාපති/වව්නියාව පරිපාලන දිස්‌ත්‍රික්‌කය


මාර්තු 01

පාන්දර 5.00 සිට උද්යෝගයෙන් එක සීරුවට දිගටම වැඩ කළෙමි. පස්‌වරුවේ දිස්‌ත්‍රික්‌ ඉංජිනේරුවා පැමිණියේය.

මාර්තු 02

පෙරවරුවේ දිස්‌ත්‍රික්‌ ඉංජිනේරුවා පිටව ගියේය. උදේ කාලයේ උසාවියේ රාජකාරි කළෙමි. දහවල් කාර්යාල කටයුතු කළෙමි.

මාර්තු 03

මුළු දවසම සිවිල් උසාවියේ කටයුතු කළෙමි.

මාර්තු 04

නැවත දවසකට ඉඩ නොතබා පාන්දර 5.00 සිට කලින් දින ඉතිරිව තිබූ ලිපි කටයුතු සියල්ල කළෙමි.

මාර්තු 05

මාසික ගිණුම් පරීක්‍ෂා කිරීම උදේ 7.00 ට ආරම්භ කළා. වැඩ ඉතා හොඳින් අවුල්වීමකින් තොරව කර ගැනීමට එය හොඳ වේලාවකි. නැත්නම් වැඩ වැඩි වූ විට සියල්ල උඩුයටිකුරුවේ. යාපනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, දොස්‌තර තුරෙයිරාජාත් කොළඹ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දොස්‌තර ද කොස්‌තාත් මා දැකීමට අවශ්‍ය බව දැන්වීය.

මාර්තු 06 (ඉරිදා)

කරන ලද කිසිවක්‌ සඳහන් නොවේ.

මාර්තු 07

කාර්යාලයේ රාජකාරි කළෙමි. ඉර එළිය ගිනියම්ය. නමුත් හමා එන මුහුදු සුළඟ අතිශය ප්‍රසන්නය. ප්‍රීති ජනකය, සුවදායකය.

මාර්තු 08 සිට 10 දක්‌වා

කාර්යාලයේ රාජකාරි ඉටු කළෙමි.

මාර්තු 11 වැනිදා මුල්ලියාවේලෙයි පොලිස්‌ විදානේ විසින් පොලිස්‌ උසාවියට ඉදිරිපත් කර තිබූ ඔහුගේ රාජකාරියට බාධා කිරීමත් පිළිබඳව වූ චෝදනාවකට ඇහුම්කන් දුනිමි.

ඉල්ලුම්කරුවන් පිරිසක්‌ සඳහා ඉඩම් තුනුක්‌කායි වල තිබෙනු දුටුවෙමි. වාරි මාර්ග අධ්‍යක්‍ෂවරයා මා වෙත කියා තිබුණේ තුනුක්‌කායි වැවේ වතුර මට්‌ටම ඉහළ දැමීමට එම ඉඩම් නිශ්චිතවම කවදා හෝ එයට අවශ්‍ය වන බවය. මිනිසුන්ට ඒවා බදුදීම පිළිබඳව ඔහුගේ විරෝධතාවක්‌ නොවීය. මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන්නන් කැඳවා මා විමසා සිටියේ අවුරුදු පහක බදුකරයක්‌ ගැනීමට ඔවුන් කැමතිද යන්නය. කොන්දේසිය වූයේ ආණ්‌ඩුවේ අවශ්‍යතාවය මත යම්කිසි සංවර්ධන කටයුත්තකදී මේ ඉඩම් ගතහොත් ඔවුන්ට වන්දි ඉල්ලීමට ඉඩදිය නොහැකි බවයි. අවසානයේ ඔවුන් ඊට එකඟ විය. එය පැහැදිලිව තිබිණි. කොහොම වුණත් දීර්ඝ කාලීන බදුතරය ඔවුන්ට අලුත් දෙයක්‌ විය. අයිතිය මාරු කිරීමට උගත් තැබීමට විකල්ප ඉඩමක්‌ ලබාගැනීමට ආදී මෙම දීර්ඝ කාලීන ඉඩම් බදුකර පසුබිම තුළ ඔවුන්ට පිළිසරණක්‌ නොවේ.

මාර්තු 12

කාර්යාලයේ රාජකාරි පස්‌වරුවේ ශාන්ත පැටි්‍රක්‌ විදුහලේ සංවිධානය කර තිබූ ශාන්ත පැටි්‍රක්‌ ගේ දිනය සැමරීමට සහභාගි වීමි. විවිධ විනෝද හා ක්‍රීඩා වැඩ සටහන් එහි තිබිණි. මේ දිනය නියම වශයෙන්ම සුදුසු වන්නේ මේ මස 17 වැනි දිනටය. නමුත් එය සමරන්නන් විසින් මට සහභාගි වීමට අවස්‌ථාව ලබාදීමට එය තුළින් පැවැත්වීමට සැලසුම් කර තිබිණි. ඒ වාගේම ආදි ශිෂ්‍යයන්ටද සති අග සහභාගීවීමේ පහසුවද බලන්නට ඇත. තිබුණ ක්‍රීඩා වෙනස්‌ ඒවාය.

විශේෂයෙන්ම කඹයක්‌ කැඩෙන තුරු කඹ ඇදීම, විවාහක පුද්ගලයන් හා අවිවාහක පුද්ගලයන් අතර සිදු විය. ඔවුන් එය කළේ ඔවුන්ගේ පිටුපස වැලි සහ මඩ තවරාගෙන ඒ පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරවය. මේ විවිධ විනෝදාංශ හාස්‍ය ජනක හා විනෝදය උපදවන ඒවා වූ අතර එය ඉටුකළ අයට හා සංවිධායකයින්ට ගෞරවය හිමි විය යුතුය.

මාර්තු 13 (ඉරිදා)

පස්‌වරුවේ වවුනියාවට ගියෙමි. එහි වර්ෂාව නැත. වාතය සුළඟÊඉතා පීඩාකාරී විය. දිස්‌ත්‍රික්‌ ඉංජිනේරුවා පැවසුවේ ඔහුගේ ඉස්‌තෝප්පුවේ උණුසුම සමහරවිට 102 දක්‌වා ගොස්‌ ඇති බවය.

මාර්තු 14

පෙරවරුවේ ඉරට්‌ටපෙරියකුළමට ගියෙමි. මේ ගංගොඩේ පදිංචිකරුවන් සංඛ්‍යාව ඕනෑවට වඩා වැඩි නිසා මා දැඩි උත්සාහයක්‌ ගන්නේ ඔවුන් වෙනත් බදුකරයක්‌ සහිත ඉඩම්වලට යොමු කිරීමටය.

කලින් ඔවුන්ගේ අවස්‌ථාව වෙනුවෙන් රටේ මහත්තයා පෙනී සිට නැත. ඔවුන් ඔවුන්ගේ නිදහසට කරුනු කියමින් කීවේ මෙය පටන් ගැනීමට කෙනෙකු නොමැති බවය. එසේ කියමින් එකිනෙකාට දොස්‌ පවරා ගත්තෝය. කෙසේ වුවද ඔවුන්ව යෑවීමට සියලු බලය සහ සපයාදීම් කළයුතු වේ. හැම අයෙක්‌ම ඇසුවේ කොහොමද තනියෙන් ජීවත්වන්නේද යන ප්‍රශ්නයයි.

නිකම් ළමයි වගේ වෙන්න එපායි මම ඔවුන්ට කීවෙමි. ඔක්‌කොම එකතු වෙලා එහෙ ගිහින් හොඳට ජීවත් වෙයල්ලායි තව දුරටත් මම කීවෙමි. රේල් පාර හදන තැනට ඔවුන් ගේ ගංගොඩේ සිට සැතපුම් භාගයක්‌ පමණ තිබේ. එම ඉඩම් පිහිටියේ එහිය.

ඔවුන් මට විශ්වාසවන්තව පොරොන්දු වූයේ ඊළඟ අගෝස්‌තුවේදී ඔවුන්ගේ පදිංචිය වෙනස්‌ කරන බවය. ගොවියන්ගේ අයිතිවාසිකම් ක්‍රම පිළිබඳව මම ඔවුන්ට විස්‌තර කර දුනිමි. ඒ පිළිබඳව ඔවුන්ගේ ලොකු උනන්දුවක්‌ ඇති විය. පහසු නීතියකින් පහසු ක්‍රමයකින් ඔවුන් සියලු දෙනාටම වාගේ අතිරේක වශයෙන් තව කුඹුරු ඉඩම් අවශ්‍ය වී තිබිණි. එහෙත් බොහෝ දෙනකුට මේ වන විටත් කුඹුරු ඉඩම්වල අයිතීන් හිමිව පවතී. මා බලාපොරොත්තු වන්නේ අලුතින් කුඹුරුවල අයිතිය ලබාදීමේ වැඩසටහන මේ ප්‍රදේශයෙන් ආරම්භ කිරීමටය.

ඉරට්‌ටපෙරියකුලම වැවේ වතුර බෙදාහැරීමේ දොරටුවේ අලුතින් යොදන ලද ලෑලි පරීක්‍ෂා කෙරුවෙමි. දැව පිළිබඳව වාර්තා කරන ලද ලිපිවල තිබූ පරිදි තාක්‌ෂණික වශයෙන් නිසි ලෙස යෝග්‍ය ආකාරයෙන් ඒවා සවිකර නැති බව සොයා ගතිමි. (එකලද වංචා සහගත දේවල් කෙරී ඇත)

ඉරට්‌ටපෙරියකුලම වැව් බැම්මද පරීක්‍ෂා කළෙමි. පුල්ලෙයාර් පිළිමයට ආවරණයක්‌ තැනීමට එම පරීක්‍ෂාවේදී අවසර දුනිමි.

සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ පරීක්‍ෂකවරයා සමග වව්නියාවේදි හමුවී ගැටලු සාකච්ඡා කළෙමි.

පස්‌වරුවේදී දිස්‌ත්‍රික්‌ මුදලියාර් වව්නියාව දකුණ රටේ මහත්තයා, වාරිමාර්ග උප පරීක්‍ෂක සහ කච්ෙච්රි මුදලියාර් සමග සාකච්ඡා කළේ ආණ්‌ඩුවේ මහ ඒජන්ත විසින් සම්මත කර ඇති (අනුමත කර ඇති) නියමයන්, නිති කොටසක්‌ ඉවත්කර ඒ වෙනුවට යෙදීමට හිමිකරුවන් විසින් සම්මත කර ගෙන ඇති වාරිමාර්ග නීති රීති රෙගුලාසි පිළිබඳවය. ආණ්‌ඩුව නියෝග කර ඇත්තේ දැනට පනවා ඇති වැව්වලට අනිවාර්යයෙන්ම ''ශ්‍රමය'' ලබා ගැනීමේ නීති නියමයන් රෙගුලාසි අවලංගු කිරීමට හෝ ලිහිල් කිරීමට කටයුතු කරන ලෙසය. ජනප්‍රිය දිස්‌ත්‍රික්‌කවල හිමිකරුවන් විසින් නීති සම්මත කර ගැනීමට අවශ්‍ය වැඩි කැමැත්ත (ඡන්ද විමසීමකට) විමසීමට යැමට සිදුවීම නිසා වාද විවාද ඇතිවී ගැටුම්වලට මුල පිරීම නිසා විසුරුවා හැර ඇත.

එබැවින් මෙම හමුව කේන්ද්‍ර කරගෙන වැඩිදුරටත් කතා නොකර මූලික කරුණු පිළිබඳව තීරණයකොට ඒමට පුළුවන් විය. යටපත් විය යුතු ඉවත් කළ යුතු බොහෝ ප්‍රායෝගික අමාරුකම් නොගැලපීම් මෙම නීති රීතිවල ඇත.

තේ බීමෙන් පසුව මගේ බිරිඳ සමග වව්නියාව වැව් බැම්ම දිගේ දිගටම ඇවිද ගියෙමි. දෙසැම්බරයේ සුළි සුළං කුණාටුව හඹා විත් කඩා බිඳ දමා තිබූ වැව් බැම්බ අලුත්වැඩියා කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබිණි.

මාර්තු 15

උදේ 7.00 මාමඩුව බලා පිටත් වුණෙමි. අලුතින් විවෘත කරන ලද ජලය බෙදීමේ ඇල (බෙදුම් ඇළ) සහ එහි ඉඩම් පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ බෙදුම් ඇලේ සමහර තැන් කවුරුන් විසින් හෝ කපා දමා ඇති බවකි. තවදුරටත් මා ඇළට අයිති රක්‌ෂිත හරහා කුඹුරු ඉඩම් කරා දිවෙන, ඔවුන් භාවිතා කරන දිගටම සම්බන්ධ වන කරත්ත පාරද පරීක්‍ෂා කළෙමි. රක්‌ෂිතය කිසි විටෙක විකුණා නොදැමීමටත්, නමුත් සිවුපා සතුන්ට ලැගුම් සපයන කැලෑව ශුද්ධ කර දැමීමටත් තීරණය කළෙමි. ඉර අව්ව දරා ගැනීමට සෙවනක්‌ නොමැති වියලීමට පටන් ගෙන ඇති කුඹුරුවල ඇවිද යද්දී වෑවර (කුරුම්බා) ඉතාමත් හොඳ පිළිගැන්වීමකි. (ගම්මුන් වෑවර පිළිගන් වන්නට ඇත)

(පස්‌වරු 2.00 - 5.00 දක්‌වා)

ප්‍රධාන ගම්මුලාදැනී, කච්ෙච්රිය මුදලියාර් හා වාරිමාර්ග උප පරීක්‍ෂක සමග අලුත් වාරිමාර්ග නීති රෙගුලාසි පිළිබඳව නැවතත් සාකච්ඡා කළෙමි.

මාර්තු 16

සිවිල් උසාවියේ රාජකාරි කටයුතු කළෙමි. පස්‌වරු 2.00 - 5.00 දක්‌වා අලුත් වාරිමාර්ග නීති රීතී පිළිබඳව නැවත සාකච්ඡා කළෙමි. උප ඒජන්තවරයතු ලෙස මේ දිස්‌ත්‍රික්‌කයේ ගෞරවණීය හා ප්‍රශංසනීය සේවාවක්‌ කර ඇති වූස්‌ලී මහතා (Woosley) මෙහි සේවය කරද්දී කෙටුම්පත් කර ඇති නීති රෙගුලාසි පිළිබඳව අපි සලකා බැලුවෙමු.

බලපාන්නන්ට වඩාත් පක්‍ෂපාතී නීති - රීති කොටසක්‌ එයින් නියෝජනය වූයෙන් ඒවා වෙන්කර ගතිමු.

මාර්තු 17

උදේ කාලයේ පොලිස්‌ උසාවියේ රාජකාරි. පස්‌වරු 2.00 - 5.00 දක්‌වා වාරිමාර්ග නීති, රෙගුලාසි පිළිබඳව නැවතත් සාකච්ඡා ආරම්භ කළෙමි.

මාර්තු 18

උදේ වරුවේ පුදුක්‌කුලම් වැවේ බැම්ම බිඳී ගිය ස්‌ථානය පරීක්‍ෂා කළෙමි. බිඳීගිය හිඩැස නැවත පිරවීමට පස්‌ කියුබ් 200 ක්‌ වත් අවශ්‍ය වේ. වාර්ෂික වැඩ සඳහා පංගුකරුවන්ට ඇත්තේ කියුබ් 121 ක්‌ පමණි. ඒ අනුව ඔවුන් එය අලුත්වැඩියා කර ඇත. ඔවුන්ගේ වාර්ෂික ප්‍රතිපාදනයට වඩා වැඩියෙන් වැය කිරීම් වැවේ ''දඩ අරමුදලින්'' ලබාදීමට පොරොන්දු වුණෙමි.

පාසලද පරීක්‍ෂා කළෙමි. අලුතින් ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සිට යාර 200-300 ක්‌ ඈතින් වැසිකිළියක්‌ විය. එය භාවිතා නොකළ අතර පාසල් මිදුලේ වැසිකිළියක්‌ ඉදිකළ යුතුය.

මා වැව නිරීක්‍ෂණය කරන අතුරතුරදී වැව් බැම්මේ විශාල සියඹලා ගසක්‌ යට මගේ බිරිඳ ගමේ ගැහැණුන් වටකරගෙන ඇය කරමින් සිටි මැහුම් ගෙත්තම් බොහෝ උනන්දුවෙන් ප්‍රදර්ශණය කරමින් සිටියාය. එවිට ගමේ ගැහැණු පුටුවක්‌ ගෙනවිත් ඇය එහි හිඳුවා ප්‍රනීත රස කැවිලි වලින් සංග්‍රහ කළෝය. බිරිඳ සහ ඔවුන් අතර අදහස්‌ හුවමාරුව වාචික භාෂාවෙන් ඉතා දුෂ්කර වුවද ඔවුනොවුන්ගේ හැඟීම් ඉතා ප්‍රබල සියල්ල තේරුම් ගෙන තිබිණි.

පෙරවරු 10.30 ට සුළි සුළඟින් වැටී තිබුණු ගසක්‌ දිස්‌ත්‍රික්‌ මුදලියාර් වෙන්දේසි කිරීම පිළිබඳව විමර්ශනයක්‌ කළෙමි. ඒ පිළිබඳව තිබූ පෙත්සම තේරුමක්‌ නැති බොරුවක්‌ බව හෙළිකර ගතිමි.

පෙරවරු 11.00 ට වාරිමාර්ග කටයුතු පිළිබඳව තවදුරටත් විමසුවෙමි.

පස්‌වරු 2.00 - 5.00 දක්‌වා සාකච්ඡා කර වාරිමාර්ග රෙගුලාසි, නීති පිළිබඳව සාකච්ඡාව අවසන් කළෙමි.

මාර්තු 19

පෙරවරුවේ පෙත්සමක්‌ විභාග කෙරුවෙමි. වැටුප් ගෙවීමේ දිනට අවශ්‍ය මුදල් නිකුත් කළෙමි. කච්ෙච්රියෙන් මා වෙත එවා තිබූ අතපසු වී තිබුණු සියළු ලිපි කටයුතු අවසන් කළෙමි. පස්‌වරුවේ මගේ බිරිඳ සමග පේරාදෙණිය බලා මෝටර් රථයෙන් ගියෙමි.

මාර්තු 20

එය මට ඉතා සන්තෝෂජනක අවස්‌ථාවක්‌ විය. අවුරුද්දක්‌ වයසැති මගේ බිළිඳිය මාස තුනකට දැකීම කොපමණ සතුටක්‌ද? ප්‍රීතියක්‌ද?

මාර්තු 21 - 23 දක්‌වා

නිවාඩු පිට පේරාදෙණියේ සිටියෙමි. කෙටි ගමන්බිමන් කිහිපයක්‌ ගියෙමි.

මාර්තු 24 - 28 දක්‌වා පාස්‌කු සමයේ නිවාඩු දිනයන්ය

මා වෙත එවා තිබූ වෙනත් ලියවිලි පිළිබඳ කටයුතු කළෙමි.

මාර්තු 29

උදේ කාලයේ වවුනියාවට ආවෙමි. මුදල් කාර්යාලයෙන් මුදල් නිකුත් කළෙමි. දිස්‌ත්‍රික්‌ ඉංජිනේරු ටූඩ් මහතා වව්නියාවේ සිට නුවරඑළියට මාරුකර ඇති බව දැනගන්නට ලැබීම කනස්‌සල්ලට කරුණකි. ඔහුගේ අනුප්‍රාප්තිකයා හන්ට්‌ මහතාය.

පස්‌වරුවේ මුලතිව් ගියෙමි. එහි වර්ෂාවය. සුළඟÊනතර වී තිබිණි. ටූඩ් මහතා හා හන්ට්‌ මහතා (Tood Hunt) මුලතිව් හි රාත්‍රිය ගත කළහ. ඔවුන් අතර රාජකාරී භාරදීම් හා භාරගැනීම් සිදු විය.

මාර්තු 30

කාර්යාලයේ රාජකාරි, මහ මුහුද ප්‍රබෝධයෙන් ගෙන එන මුහුදු සුළඟ බොහෝ ප්‍රසන්නය. එය නිරන්තර සතුටම ඇති කරවන්නකි. ටූඩ් මහතා සහ හන්ට්‌ මහතා වේලාසනින්ම පිටත්ව ගියහ.

මාර්තු 31

කාර්යාලයේ රාජකාරි කළෙමි.

මාසය ඇතුළත ගමන් කළ දුර ප්‍රමාණය සැතපුම් 151 කි.

දිස්‌ත්‍රික්‌කයෙන් බැහැරව පිටත ගත කළ රාත්‍රී ගණන හා මූලස්‌ථානයෙන් පිටත ගත කළ රාත්‍රී ගණන (පැහැදිලි නැත)

ගමන් වියදම් ගිණුමේ මුදල (පැහැදිලි නැත)

මාසයට නියමිත ගමන් වියදම (පැහැදිලි නැත)

පසඑqගිය දින 30 ඇතුළත ගම්සභා උසාවිය වෙත වැරදි නැතැයි කියා ආපසු ආ අභියාචනා

(පැහැදිලි නැත)

දුර්වර්ණවී විනාශවී ගොසිනි

ආපසු ගෙවන ලද දඩ මුදල රු. 10 ගම්මුලාදැනින්ගේ වැඩිපුරගත් බදු

M. අසනමරයක්‌කාර් P. V. වරද සොයා නොගැනීමේ දඩය

සුඩුවෙන් දපුලව් නීති විරෝධී දැව හෙළීමට දඩය රු. 10

R.N. Bond

(අත්සන් කර ඇත)

ආණ්‌ඩුවේ උප ඒජන්ත

කච්ෙච්රිය මුලතිව්

1932 අප්‍රේල් 06 වැනි දින

අනුමත කරමි

E.T.Dyson

අත්සන් කර ඇත

මහදිසාපති (උ:ප:)

යාපනය කච්ෙච්රිය

1932 අප්‍රේල් 12 වැනි දින

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.