අනුන්ගේ මතවලට බය ඇයි?

පරිවර්තනය :
ජෝ. සෙනවිරත්න

joesenavirathna@yahoo.com

මිනිසුන් තම මුළු ජීවිත කාලයම ගත කරන්නේ අනුන් මත යෑපෙමින්, ඔවුන් කියන දේ විශ්වාස කරමින්á ඒ නිසයි මිනිස්‌සු අන් අයගේ අදහස්‌ වලට මේ තරම් බය. ඔබ නරක කෙනෙකු යෑයි ඔවුන් සිතුවොත් ඔබ නරක අයකු බවට පත්වෙනවා. ඔවුන් ඔබව හෙළා දකිනවා නම් ඔබ ඔබව හෙළා දකිනවා. ඔබ පව්කාරයෙක්‌ යෑයි ඔවුන් කියනවා නම් ඔබට වරද සහගත හැඟීමක්‌ ඇති වෙනවා. ඒ මොකද? ඔබට ඔවුන්ගේ අදහස්‌ මත යෑපෙන්නට සිදුවී තිබෙන නිසා. ඔවුන්ගේ අදහස්‌ දිගින් දිගටම සනාථ කරන්න ඔබට සිදුවෙනවා. එහෙම නොවෙන්න ඔවුන් ඔබ ගැන තමන්ගේ අදහස්‌ වෙනස්‌ කර ගන්න පුළුවන්. මෙයින් නිර්මාණය වන්නේ වහල්භාවයක්‌, ඉතාම සියුම් ආකාරයේ වහල්භාවයක්‌, ඔබට අවශ්‍ය නම් ඔබ හොඳයි. වටිනා මනහර බුද්ධිමත් කෙනෙකුද යෑයි දැනගන්න ඔබට යෑපෙන්න සිදුව ඇති පුද්ගලයන් සමග නිතර කෙළවරක්‌ නැතිව කේවල් කරන්න ඔබට සිදු වෙනවා.

මෙයින් තවත් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. මොකද ඔබේ මනස විවිධ අදහස්‌ වලින් පුරවා දමන පුද්ගලයන් රාශියක්‌ම ඉන්නවා. සමහරවිට පරස්‌පර ප්‍රතිවිරුද්ධ අදහසුත් ඒ අතර එමටයි. එක්‌ අදහසකට පටහැනි තවත් අදහසක්‌. මේ තත්ත්වය ඔබ තුළ මහා ව්‍යාකූලත්වයක්‌ ජනිත කරනවා. එක්‌ අයකු කියනවා ඔබ හරිම බුද්ධිමත් කියල, තව කෙනෙකු කියනවා ඔබ හරිම මෝඩයෙක්‌ කියලා. දැන් කොහොමද ඔබ තීරණයක්‌ ගන්නේ? ඒ නිසා ඔබේ මනස දෙකට බෙදෙනවා, ඔබට ඔබ ගැනම සැක පහළ වෙනවා. ඔබ කවුරුන්ද යන්න ගැන හිතන විට ඒ පැත්තටයි, මේ පැත්තටයි වැනෙන්න ගන්නවා. ඔබ අවට දහස්‌ ගණන් මිනිසුන් සිටින නිසා මෙහි ඇති සංකීර්ණත්වයත් හරිම අධිකයි. ඔබ සම්බන්ධකම් පවත්වන බොහෝ දෙනෙකු ඉන්නවා. ඔවුන් ඔබේ මනසට ඔවුන්ගේ අදහස්‌ කවනවා. ඒ කිසිම කෙනෙක්‌ සමහරවිට ඔබව දන්නේ නෑ. ඔබටවත් ඔබ ගැන පැහැදිලි මතයක්‌ නෑ. මේ සියල්ලම ඔබ තුළ ගොඩඟන්නෙ මහා ව්‍යාකූලතාවක්‌. මේ තත්ත්වය හරිම සිවිහිකල් වන තත්ත්වයක්‌.

ඔබට අභ්‍යන්තරයේ සිට කටහඬවල් කිහිපයක්‌ම ඇහෙනවා. ''මම කවුද'' යන ප්‍ර්‍රශ්නය අසන සෑම විටකම පිළිතුරු කිහිපයක්‌ම ඇසෙනවා. ඒවායින් සමහර පිළිතුරු මවගේ. සමහරක්‌ තාත්තාගේ. සමහරක්‌ ඔබේ ගුරුවරයාගේ යනාදී වශයෙන්. ඒ නිසා කාගේ පිළිතුරු හරිදැයි තීරණය කිරීම ඔබට හරිම අපහසුයි. කොහොම ද එය නිගමනය කරන්නේ? නිගමනයේ ප්‍රමිතිය කුමක්‌ද? මෙතැනයි මිනිසා නැති වෙන්නේ. මේක ස්‌වයං නොදන්නාකම, හුදකලා බව. ඔබව බියට පත්කරන්නේ ඔබ අනෙක්‌ අය මත ඒ තරම්ම යෑපෙන්නෙක්‌ නිසයි. හුදකලා ඔබට බය දැනෙන්නෙ ඔබට තමාව නැතිවෙයි කියන අනියත බයක්‌ නිසා. පළමුවෙන් ඔබට එහෙම එකක්‌ තිබුණේ නෑ. එහෙත් අනෙක්‌ අයගේ අදහස්‌වලින් ගොඩනඟා ඇති ඔබව ඔබට අත්හැර දමන්න සිදු වෙනවා. එතැනදී ඇතුළට යැම හරිම බියකරුයි. ඔබ ගැඹුරට යන්න යන්න ඔබ ගැන දන්න ප්‍රමාණයත් අඩු වෙනවා.

මෙයින් සැබැවින්ම ඔබ ළඟාවෙමින් සිටින්නේ ස්‌වයං අවබෝධය වෙතටයි. එහෙත් එය සිදුවන්නට පෙර ඔබ ගැන අන්‍යයන් ගොඩනැගූ අදහස්‌ ඔබම ඉවතලන්න ඕනෑ.

නූතන මිනිහාගේ ආතතිය කුමක්‌ද?

ආතතිය (ඔeබිසදබ) කියන්නේ හදිසිය, බය, සැකයයි. ආතතිය කියන්නේ ආරක්‍ෂාව සඳහා දරනු ලබන අනවරත ප්‍රයත්නයක්‌. ආරක්‍ෂාවීම පරෙස්‌සම් සහිත වීමක්‌ ආතතිය කියන්නේ හෙට දිනය සඳහා දැන් සූදානම් වීමක්‌. එහෙම නැතිනම් මේ ජීවිතයෙන් පසුව, මරණයෙන් පසු ජීවිතයට අදම ලක ලෑස්‌ති වීමයි. හෙට දිනය ගැන ඇති අවිනිශ්චිත භය නිසා. ඒ යථාර්ථයට ඇති භය නිසා ඒ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ආතතිය කියන්නේ ඔබ ඇත්තෙන්ම ජීවත් නොවුණු අතීත අත්දැකීමක්‌. නමුත් එය ඔබ පසුකර යන්න ඉඩහැර තිබෙනවා. ඔබ සැබවින්ම ජීවත් නොවූ එහෙත් ඔබ පසුකර යන්න ඉඩ දුන් ඒ අතීත අත්දැකීමේ අඩුපාඩු කඩතොළු එමටයි යන හැඟිSම ඔබට බරක්‌ වී ඔබ වටකර ගෙන ඔබ නොසන්සුන් කරමින් තිබෙනව.

ජීවිතය ගැන ඉතාම මූලික දෙයක්‌ මතක තබා ගන්න. ඔබ සැබෑ ලෙස ජීවත් නොවූ අත්දැකීමක්‌ ඔබගේ සිතට බරක්‌ වෙමින් ඔබ අවට රැඳෙමින් ඔබට ඇවිටිලි කරවන, ''අනේ මාව ඉවරයක්‌, අවසානයක්‌ කරන්න, මා හා ජීවත්වන්න, මා සම්පූර්ණ කරන්න'' යෑයි ඉල්ලා සිටිනවා. සෑම අත්දැකීමකම ආවේණික ගුණයක්‌ තමයි අවසානයක්‌, සම්පූර්ණ කිරීමක්‌ වෙතට අවධානය ඉල්ලීම. වරක්‌ සම්පූර්ණ කළ විට එය වාෂ්ප වෙනවා. අසම්පූර්ණව තිබියදී ඝනීභවනය වෙනවා. එය දිගටම ඇවිටිලි කරන්න ගන්නවා. එය ඔබව වධයට හිංසාවට පත් කරනවා. ඔබව ලුහුබැඳ දඩයම් කරමින් පීඩාවට පත්කරමින් ඔබේ අවධානය උදුරා ගන්නවා. එය මෙසේ කියනවා ''මා ගැන ඔබ මොනවාද කරන්නේ, මම තවම අසම්පූර්ණයි, මාව සම්පූර්ණ කරන්න''

අසම්පූර්ණ ඔබේ අතීතය බරක්‌ බවට පත්ව ඔබ වටා රැඳී සිටිනවා. මොකද ඔබ ඒ නිමේෂයන් තුළ සැබෑ ලෙස ජීවත් වී නෑ. සෑම දෙයක්‌ම කොහොම හරි මග ඇරිලා යාන්තමින් තමයි ඒ නිමේෂවල ජීවත්වෙලා තියෙන්නේ. හරිම ඇල් මැරුණු ගතියක්‌. අත් නොවින්ද හැම අත්දැකීමක්‌ම කඩතොළුවක්‌, පරහක්‌, අඩුපාඩුවක්‌, වැරැද්දක්‌, අතපසු වීමක්‌, නොසැලකිල්ලක්‌, අසම්පූර්ණ ලෙස ඉතිරිවෙලා, ශේෂ වෙලා තිබෙනවා. ජීවිතය අත්විඳගන්න බැරිවෙලා. කිසිම අනුරාගයක්‌ ප්‍රවේගයක්‌ තෘප්තියක්‌ නෑ. ඔබ ගමන් කරලා තියෙන්නේ සිහිනයෙන් ඇවිදින්නෙක්‌ වගෙයි. ඒ අතීතය බරක්‌ ලෙස ඔබට වෝදනා නගද්දී බියක්‌ ඉපදෙනවා. අතීතයයි අනාගතයයි අතර ඔබ ජීවත් වන වර්තමානය-ඒක තමයි එකම යථාර්ථය-හැප්පිල චප්පවෙලා පොඩි පට්‌ටම් වෙනවාá

ඔබට පරිධියේ ඉඳල. පරිවාරයේ ඉඳල සැහැල්ලු වෙන්න සිදු වෙනවා. සැහැල්ලුව දිසාවට ඔබ පියවර තැබිය යුත්තේ ඔබේ සිරුර වෙතටයි. සැහැල්ලුව ආරම්භ කරන්න ඕනේ සිරුරෙන්. වසාගත් ඇස්‌ ඇතිව, ඔබේ පයේ සුලැඟිල්ලේ සිට හිස්‌ මුදුන දක්‌වා ශරීරය තුළට ඇතුළු වන්න. ආතතිය තිබෙන්නෙ කොතැනක දැයි සොයන්න. ඔබේ හෘදයාංගම මිත්‍රයෙකුට වගේ ඒ කොටස අමතලා ඔබයි ඔබේ සිරුරයි අතර සංවාදයක්‌ ගොඩනඟන්න. ඔබ ඒ කොටස්‌වලට කියන්න බය වෙන්න එපා· සැහැල්ලු වෙන්න. සන්සුන් වෙන්න, මම ඉන්නවා. ඔබව බලාගන්න, ඒ නිසා සැහැල්ලුවෙන්න'' සෙමෙන් සෙමෙන් ඔබට එය සිදුවන අන්දම ඔබටම ඇහේවි. ක්‍රමයෙන් සිරුර සැහැල්ලු වේවි·

ඊටපසු තවත් පියවරක්‌, ටිකක්‌ ගැඹුරු පියවරක්‌ තබන්න. දැන් මනසට කියන්න සැහැල්ලු වන්න කියලා. ශරීරය අවනත වූ නිසා මනසත් අවනත වෙනවා. එහෙත් ඔබට සැහැල්ලුවීම මනසින් ආරම්භ කරන්න බෑ. ඔබට මුල සිට පටන් ගන්න සිදු වෙනවා. අතර මැදින් පටන් ගන්න බෑ. බොහෝ දෙනා මනසින් පටන් ගන්න ගිහිල්ල අසාර්ථක වෙනවා. ඔවුන් පරාජයට පත්වන්නේ ඔවුන් පටන් ගත්තේ වැරදි තැනකින් නිසා, සෑම දෙයක්‌ම ක්‍රමවත් අන්දමට කරන්න ඕනේ.

ඔබට ඔබේ සිරුර ස්‌වෙච්ඡාවෙන් සැහැල්ලු කර ගන්න පුළුවන් නම්, ඔබට පුළුවන් ඔබේ මනසත් ස්‌වෙච්ඡාවෙන් සැහැල්ලු කරගන්න. මනස වඩා සංකීර්ණ ප්‍රපංචයක්‌, වරක්‌ ඔබේ සිරුර ඔබට සවන් දෙනවා යන විශ්වාසය ඔබ තුළ ඇති නිසා ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක්‌ ඇති කර ගන්න පුළුවන්. දැන් මනසටත් ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ සඳහා ටිකක්‌ කල් ගත වේවි.

ඔබේ මනස සැහැල්ලු වුණාට පසුව දැන් ඔබේ හදවත සැහැල්ලු කිරීම ආරම්භ කරන්න පුළුවන්. හදවත ඉතාම සංකීර්ණයි. ඉතාම සියුම්, ඔබේ හැඟීම් සහ ආවේග ලෝකය පවතින්නේ හදවතේ. එහෙත් දැන් ඔබ ඉදිරියට යන්නේ දැඩි විශ්වාසයකින්, තමන් ගැනම ගොඩනැගුණු ස්‌ථිර විශ්වාසයකින්. දැන් ඔබ දන්නව එය කළ හැකි බව. එය ශරීරයට, මනසට කළ හැක්‌කක්‌ නම් එය හදවත සමගත් කරන්න පුළුවන්. මේ පියවර තුනම පසු කළාට පසුව පමණයි ඔබට හතරවන පියවරත් තබන්න පුළුවන් වෙන්නෙ. දැන් ඔබට ඔබේ සිරුරෙන්, මනසින්, හදවතින්, ඊට ඔබ්බෙන් වූ ඉතාම අභ්‍යන්තරයේ ඔබගේ පැවැත්මේ අරටුව හෙවත් ඔබගේ පැවැත්මේ කේන්ද්‍රයටම පිවිසෙන්න පුළුවන්. ඔබට එයත් සැහැල්ලු කර ගන්න පුළුවන්. ඒ සැහැල්ලුව සත්තකින්ම පිළිගත හැකි සෞන්දර්යයේ අනන්තයටම යන විශාල ප්‍රීතියක්‌ ලබා දෙන්න පුළුවන්. ඔබ ප්‍රීතියෙන් ඉපිල පිරී ඉතිරී යනවා. ඒ වෙනුවෙන් ඔබේ ජීවිතය නර්තනයටත් සුදුසුකම් ලබනවා.

මිනිසා ඇර මුළුÊමහත් පැවැත්ම නර්තනයක යෙදී සිටිනවා. මුළු මහත් පැවැත්ම ඉතාම සැහැල්ලු චලනයකයි පවතින්නේ. චලනයක්‌ සැබෑ වශයෙන්ම පවතින නමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එය හරිම සැහැල්ලුයි.

ගස්‌ තුරු ලතා වැඩෙනවා. මල් ඵල හට ගන්නවා. කුරුල්ලෝ සමනලයෝ පියාසර කරනවා. ගංගා ඇළ-දොළ බැස යනවා. තරු බැබලෙනවා. ග්‍රහයන් ගමනේ යනවා. හැම දෙයක්‌ම කිසිම කලබලයක්‌ නැතිව ඉතාම සැහැල්ලු ගමනක නිරතවී සිටිනවා. කිසිම ව්‍යාකූලත්වයක්‌ නෑ. දුකක්‌, පසුතැවීමක්‌, හදිසියක්‌, නාස්‌තියක්‌ නෑ. මිනිසා ඇර. මිනිසා පමණක්‌ ඔහුගේ මනසේ ගොදුරක්‌ වීමෙන් ඇද වැටිලා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.