හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩේලාට ගෞරව දැක්‌වීමට
ඔබාමා, බුෂ්, බිල් සහ ජිමි කාටර් දකුණු අප්‍රිකාවට


පැමිණෙතිඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සහ බිරිය වූ මිචෙලිද හිටපු ජනාධිපතිවරුන් වූ ජෝර්ඡ් බුෂ්, බිල් ක්‌ලින්ටන්, හිටපු රාජ්‍ය ලේකම් වරිය වූ හිලරි ක්‌ලින්ටන් ද ජිමි කාටර් ද පැමිණ ඇත.

ඇමරිකාවේ සිට පැය 17 ක ගමනකින් පසු මොවුන් දකුණු අප්‍රිකාවේ ජෝහැන්ස්‌ බර්ග් ගුවන් තොටුපළට පැමිණ තිබේ.

මැන්ඩේලා සමරුව ඊයේ ස්‌විටෝ නගරයේ එෆ්. එන්. බී. ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ. මෙම සමරුවට අතිවිශාල ජනකායක්‌ සහභාගි වූහ.

සමරුව අමතමින් මැන්ඩේලා සමග සිරිගතව සිටී ඔහුගේ මිතුරු ඇන්ඩෲ මියෑන්ගෙනී දේශනයක්‌ පවත්වා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.