ඊශ්‍රායලයට එරෙහි එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ වාර්තාව යටපත් වෙයි

ඊශ්‍රායලය යුද අපරාධ සිදු කළ බවට දැක්‌වෙන රිචඩ් ග්ලැඩ්ස්‌ටෝන් වාර්තාව යටපත් වී ඇත.

මෙම වාර්තාව සකස්‌ කළ ග්ලැඩ්ස්‌ටොන් එහි සඳහන් චෝදනා ඉවත් කර ගෙන තිබේ.

ඊශ්‍රායලයට එරෙහි එකී වාර්තාව පිළිගන්නේ නැතැයි ඇමරිකානු රජය කියයි.

මෙම වාර්තාව සකස්‌ කිරීමට මුල් වූ තවත් තිදෙනකු ඉන් ඊශ්‍රායලයට එරෙහිව නගා ඇති චෝදනා අස්‌කර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.

පලස්‌තීන ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඊශ්‍රායලය. ප්‍රහාර එල්ල කළ බව එකී වාර්තාවේ දක්‌වා තිබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.