නෙල්සන් මැන්ඩෙලා 2008 වනතුරු ඇමරිකානු ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවට

ඇතුළත් වී තිබූ බව හෙළි වෙයි

ඇමරිකානු රජය 2008 ජුලි මස වනතුරු හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාව ත්‍රස්‌තවාදීන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් කර තිබූ බව අනාවරණය වී ඇත.

2008 ජුලි මාසයේදී ඇමරිකානු ජනාධිපති ජෝර්ඡ් බුෂ් විසින් මැන්ඩෙලා ඇතුළු අප්‍රිකානු කොන්ග්‍රසයේ නායකයන් ත්‍රස්‌ත ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමේ ලියවිල්ලට අත්සන් කර තිබේ.

දකුණු අප්‍රිකාවේ පැවැති වර්ණභේද වාදී රජය විසින් මැන්ඩෙලා ඇතුළු අප්‍රිකානු කොන්ග්‍රසයේ නායකයන්ව ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබිණි.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු ජනාධිපති ලෙස පත්වීමෙන් පසුත් ඇමරිකානු ත්‍රස්‌තවාදී ලේබලය මැන්ඩෙලාට හංවඩු ගසා තිබූ බව හෙළි විය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.