පැරිස්‌ නගරය රුමේනියානු වීදි කල්ලිවල පාරාදීසයක්‌

සුප්‍රසිද්ධ පැරිස්‌ නගරය රුමේනියානු වීදි කල්ලිවල පාරාදීසයක්‌ වීම නිසා ප්‍රංශ පොලිසිය නගරයේ ආරක්‍ෂාව සඳහා රුමේනියානු පොලිස්‌ නිලධාරීහු 11 ක්‌ යොදවා ඇත.

පැරිස්‌ නගරයේ අපරාධකාරී ක්‍රියා සියයට 78 කින් වැඩි වී ඇති අතර ඊට රුමේනියානුවන් සම්බන්ධ වී තිබේ.

පැරිස්‌ කෞතුකාගාරය හා වෙනත් සංචාරක ස්‌ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැසක්‌ මෙම රුමේනියානු වීදි කල්ලිවලට ගොදුරු වන බව හෙළි වී ඇත.

මෙම රුමේනියානු වීදි කල්ලි මුදල් පසුම්බි සොරා ගන්නා බවද ප්‍රංශ පොලිසිය කියයි.

ඔලිම්පික්‌ තරගාවලිය නිසා රියෝද ජැනයිරෝ නුවර පැල්පත් 19,000 ක්‌ කඩති 2016 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික්‌ තරගාවලිය නිසා පැල්පත්වාසීන් ඉවත් කිරීමට රජය කටයුතු යොදා ඇත.

පැල්පත්වාසීන් 19,000 ක්‌ ඉවත් කරන බව රියෝද ජැනයිරෝ නගරාධිපති එඩුආර්ඩෝ ඡේස්‌ පවසයි.

මෙය දුගී ජනතාව ඉවත් කිරීමේ පියවරක්‌ යෑයි පැල්පත්වාසීහු රජයට චෝදනා කරයි.

ඔලිම්පික්‌ තරගාවලිය සඳහා මාර්ග ඉදිකිරීම හා වෙනත් පහසුකම් සැලසීම සඳහා මෙම පැල්පත් වාසීන් ඉවත් කරන බව බ්‍රසීල රජය තවදුරටත් කියා සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.