2013 දෙසැම්බර් 11 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

දෙවැනි වර අය වැය සැකසීම ජ්‍යෙෂ්ඨයකුගේ අධීක්‍ෂණයෙන්
පරදින සභා රැකගන්න
සන්ධානය මැදිහත් වෙයි

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පළමුවර පරාජයට පත්වුවහොත් ඉන්පසු එය දෙවැනි වර සකස්‌ කර ඉදිරිපත් කිරීම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මැදිහත්වීම මත සිදු කිරීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ "දිවයින" ට පැවසීය.

මැන්ඩෙලාට අවසන් ගෞරව දක්‌වන්න ජනපති එක්‌වී

අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවමංගල්‍ය උත්සව නිල දේව මෙහෙයට සහභාගි වූ ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා සෙසු රාජ්‍ය නායකයන් සමග එක්‌වූ අයුරු.

අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් ගන්න නව ක්‍රමයක්‌

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවාගැනීමේදී මින් ඉදිරියට දිස්‌ත්‍රික්‌ පදනම සලකා බැලීමේ නව ක්‍රමවේදයක්‌ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

උතුරේ කෘෂි ඇමැති ජාතික ධජය එසවීමට බෑ කියයි

මන්නාරමේ පාසලක පැවැති උත්සවයකදී ජාතික ධජය එසවීම උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
ජාතික ධජය ද්‍රවිඩ ජාතිකයන් නියෝජනය නොකරන බව ඔහු පවසා තිබේ.

මඩකලපුවේ O/L උණුසුම
අපොස සා.පෙළ විභාගය 2013 ආරම්භ වූ ඊයේ (10 දා)මඩකලපුවේ විභාග මධ්‍යස්‌ථානයක්‌ අසලදී විභාගයට සූදානම් වීමට පැමිණි ශිෂ්‍යාවන් පිරිසකගේ දර්ශනයකි මේ.
පින්තූරය, ජවුෆර් කාන් - මඩකලපුව

අගවිනිසුරුටත් නරක දුරකථන ඇමතුම්

අල්ලස, දූෂණය මේ රට තුළ පැතිරී ගොස්‌ ඇති බවත් අගවිනිසුරු ධුරය දරන තමාගේ ස්‌වාධීන රාජකාරියට පවා ඇතැම් පාර්ශ්වයන් විවිධ ආකාරයේ වාසි බලාපොරොත්තුවෙන් දුරකථන ඇමතුම් ලබා දෙන බවත් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැවසීය.

සිරකරුවෝ 21ක්‌ සා/පෙළ ලියති

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර සිරකරුවන් 21දෙනකු ඉදිරිපත් වී සිටින බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් සී. පල්ලේගම මහතා ප්‍රකාශ කළේය.

පාසල් ගුරුවරුන්ට ඇති වරප්‍රසාද පිරිවෙන්වලටත් දෙන්න පනත සංශෝධනය කරනවා
- ඇමැති බන්දුල ගුණවර්ධන

රජයේ පාසල්වල ගුරුවරුන්ට ලබා දෙන වරප්‍රසාද පිරිවෙන් ගුරුවරුනට ද ලබා දීම සඳහා පිරිවෙන් පනත සංශෝධනය කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

වැඩබලන පොලිස්‌පති ගාමිණී නවරත්න

වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පත්කර ඇත.
පොලිස්‌ පුහුණුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මලයාසියාව බලා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ පිටත්ව ගියේය.

අපේ නායකයා ප්‍රභාකරන්
ශ්‍රීධරන් කියයි

වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ දේශපාලන නායකයා බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඊයේ පුදියතලෙයිමුරෙයි නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය අමතා ප්‍රකාශ කර ඇත.

මසට ගෙන ගිය එළුවන් 54 ක්‌ සමග දෙදෙනෙක්‌ දැලේ

උත්සව සමයේ මස්‌ කර අලෙවි කිරීමට නීති විරෝධීව වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එළුවන් 54 දෙනකු සමග සැකකරුවන් දෙදෙනකු පෙරේදා (09 දා) උදේ බකමූණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කලවම් තීරණ මැදින් ඇල්පිටියේ අයවැය සම්මත වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2014 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා වැඩි ඡන්ද හතකින් සම්මත විය.ඊයේ (10 වැනිදා) ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල හර්ෂණ කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රාදේශීය සභා රැස්‌වීමේදී 2014 වර්ෂයේ අයවැය යෝජනා සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි.

බුද්ධංගල-අම්පාර මාර්ගයට වල් අලි ගොඩ වෙති

බුද්ධංගල - අම්පාර ප්‍රධාන මාර්ගයේ දිගු කලක සිට වල් අලි ගමන් කිරීම නිසා පාගමනින් යන පාසල් දරුවන්ට මෙන්ම ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත.

වකුගඩු රෝගයෙන් බේරෙන්න පිරිසිදු පානීය ජලය බෙදයි

මාරාන්තික වකුගඩු රෝගයෙන් රටවැසියන් ආරක්‍ෂා කර ගැනීම සඳහා පිරිසිදු පානීය ජලය බෙදා හැරීමේ ව්‍යාපෘතියක්‌ රජය විසින් ආරම්භ කර තිබේ.ඒ අනුව වැඩිම වකුගඩු රෝගීන් පිරිසක්‌ සිටින රජරට ඇතුළු දිවයිනේ වකුගඩු රෝගීන් බහුල අනෙකුත් සෑම ප්‍රදේශයකටම පිරිසිදු කළ පානීය ජලය ලබා දීමට නියමිතය.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ද මානව හිමිකම් උල්ලංඝනය කරලා
- එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික සංගමයේ සභාපති අයන් රිචඩ්ස්‌

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්ය මණ්‌ඩලයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇතැයි ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික සංගමයේ සභාපති අයන් රිචඩ්ස්‌ චෝදනා කරයි.

නෙල්සන් මැන්ඩෙලා 2008 වනතුරු ඇමරිකානු ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවට

ඇමරිකානු රජය 2008 ජුලි මස වනතුරු හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාව ත්‍රස්‌තවාදීන්ගේ ලැයිස්‌තුවට ඇතුළත් කර තිබූ බව අනාවරණය වී ඇත.

ඇඟේ විෂ ඉවත් කරන්නම් කියා තරුණියට අතවර කළ කපුවා අත්අඩංගුවට

දඹුල්ල - රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය දේවාලයකට ශාන්ති කර්මයක්‌ සඳහා පැමිණි 16 හැවිරිදි තරුණියකට අතවර කිරීමේ චෝදනාවට දේවාලයේ තරුණ කපුවෙකු දඹුල්ල පොලිසිය මගින් 9 දා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

1948න් පසු නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදලක්‌ වෙන් කළේ මෙවර අයවැයෙන්
- ඇමැති ඩලස්‌ අලහප්පෙරුම

නිපුණතා සංවර්ධනය සහ යෞවනයන් වෙනුවෙන් 1948 වසරෙන් පසු ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් තම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩේලාට ගෞරව දැක්‌වීමට
ඔබාමා, බුෂ්, බිල් සහ ජිමි කාටර් දකුණු අප්‍රිකාවට

පැමිණෙතිඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා සහ බිරිය වූ මිචෙලිද හිටපු ජනාධිපතිවරුන් වූ ජෝර්ඡ් බුෂ්, බිල් ක්‌ලින්ටන්, හිටපු රාජ්‍ය ලේකම් වරිය වූ හිලරි ක්‌ලින්ටන් ද ජිමි කාටර් ද පැමිණ ඇත.

වාස්‌ට එරෙහි කප්පම් නඩුව නැවතත් කල් යයි

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත කැලුම් මඩවල ඝාතන සිද්ධියේ රජයේ සාක්‌ෂිකරුවකු වන සිංගප්පූරු සරත් හෙවත් සරත් එදිරිසිංහ නමැත්තා නොමරා සිටීම සඳහා රුපියල් ලක්‍ෂ තිහක්‌ (30) කප්පම් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ පහළොවක්‌ (15) ලබා ගැනීම සම්බන්ධව

සංචාරක වෙසින් ඇවිත් වෙළෙඳාමේ ගිය ඉන්දියන් ජාතිකයෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට

සංචාරක වීසා මගින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස වෙළෙ¹ම් කටයුතු කරමින් සිටි ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු පෙරේදා (08 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

පිරිසිදු ජලය ලබාගැනීම
ලෝකය මුහුණදෙන ප්‍රධාන අභියෝගයක්‌

- ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන

රැකගැනීමේදී ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අදට (11 වැනිදා) යෙදී ඇති ලෝක කඳු දිනය පිළිබඳ අදහස්‌ දක්‌වමින් හෙතෙම ඒ බව සඳහන් කරයි.

අල්ලස හා දූෂණයට එරෙහිව නීතිය බලසම්පන්න කළ යුතුයි
- අගවිනිසුරු මොහොන් පීරිස්‌

රාජ්‍ය සේවකයින් තම විවිධ ආර්ථික ගැටලු නිසා අල්ලසට, දූෂණයට පෙළඹී තිබෙන බවත්, මෙය වහා නතර කළ යුතු බවත් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැවසීය.

නව බීජ පනත ගෙන එනවා
- ඇමැති මහින්ද යාපා අබේවර්ධන

නව බීජ පනත ගෙන එන බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනකුට ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දිවයින  සැනෙකින් පුවත්

මැණික්‌හින්නේ ෂෙඩ් එක වාහනවලට විලංගු දමයි
තෙල් සංස්‌ථාවෙන් පරීක්‍ෂණ

මැණික්‌හින්න ඉන්ධනහලකින් නිකුත් කළ පෙට්‍රල්වල දොaෂයක්‌ නිසා වාහන විශාල ප්‍රමාණයක්‌ ඊයේ (10 වැනිදා) මහමග නතර වීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පූර්ණ පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතා 'දිවයින' ට පැවසීය.

අලව්වේ අය වැය දෙවැනි වරටත් පරදී

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට බලය හිමි අලව්ව ප්‍රාදේශීය සභාවේ දෙවැනි වරටත් ඊයේ (10 දා) ඉදිරිපත් කළ අය වැය යෝජනා කෙටුම්පත පරාජයට පත්විය.

රනිල්ගෙන් රජයට ණය චෝදනාවක්‌?

රුපියල් ටි්‍රලියන 1.8 ක්‌ වූ මෙරට ජාතික ණය ප්‍රමාණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය යටතේ රුපියල් ටි්‍රලියන 6.6 දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සා/පෙළ ශිෂ්‍යාවගේ අයෑදුම්පත්‍රය ඇතුළු ලියෑවිලි ගිනිගෙන

තඹුත්තේගම මැදි විදුහලේ මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින ජයමාලි නිස්‌සංක (17) නමැති දැරියකගේ විභාග ප්‍රවේශ පත හා හැඳුනුම්පත ඇතුළු ලියකියවිලි ගිනිගෙන විනාශ වීම ගැන නොච්චියාගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

හිතුවක්‌කාර යකඩ යකා ගැන වාර්තාව දින දහයකදී

දෙමටගොඩ ධාවනාගාරයේ නතර කර තිබූ දුම්රිය එන්ජිමක්‌ රියෑදුරු නොමැතිව කිලෝමීටර් 15 ක්‌ පමණ දුර ගෙවා රත්මලානට පැමිණීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව දින දහයක්‌ ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (10 දා) පැවසීය.

රෝහල්වල විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීහු හෙට ලෙඩ වෙ

දිවයින පුරා රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන් හෙට (12 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි නඩුවේදී චැනල් ෆෝ බොරු 'විදී'

මහජන විනිශ්චය මණ්‌ඩලය නමැති සංවිධානයක්‌ ඊයේ (10දා) ජර්මනියේ බී්‍රමන් නුවර පැවැත්වූ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු විභාගයේදී චැනල් ෆෝ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ වන්නි මෙහෙයුම තමන් සියෑසින් දුටුවාක්‌ මෙන් සාවද්‍ය ප්‍රකාශයක්‌ කර ඇත.

රට රැකියාවකට යනවා නම් (S.L.B.F.E) හි ලියාපදිංචිය අනිවාර්යයි

විදේශ රැකියා සඳහා මෙරටින් යන සියලු දෙනා ලබන ජනවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ (S.L.B.F.E) හි ලියාපදිංචි විය යුතු යෑයි කාර්යාංශය සඳහන් කර සිටී.

බීමතින් පොලිසියට චණ්‌ඩි පාට්‌ දැමූ දෙදෙනා අධිකරණයට

ගන්දර පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් දෙදෙනකුට ගන්දර නගරයේදී බැණ වැදී පහරදීමට තැත්කරමින්, රාජකාරිය ඉටු කිරීම සාපරාධි ලෙස වැලැක්‌වීම යන චෝදනාව යටතේ කුඩාවැල්ල ප්‍රදේශයේ ධනවත් මාළු ව්‍යාපාරිකයකු 09 දා කෙමගොඩ ප්‍රදේශයේදී ගන්දර...

කොටි විරෝධී ප්‍රශ්නවලින් හිටපු ස්‌විස්‌ මන්ත්‍රී පැන යයි

ස්‌විට්‌සර්ලන්තයේ ලොසොන් නගර ශාලාවේදී චැනල් ෆෝ චිත්‍රපටය තිරගත කිරීමෙන් පසු කොටි විරෝධී ඊසන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වූ ස්‌විස්‌ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ ලාතන් සුන්දරලිංගම් පැන ගොස්‌ ඇත.

මවගේ අවවාද නොරිස්‌සූ
පාසල් ශිෂ්‍යාව ටයි පටියෙන් ගෙල වැලලාගෙන මියයයි

වසර 15 ක්‌ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ තම නිවස තුළදී ටයි පටියක්‌ උපයෝගි කරගෙන ගෙල වැලලාගෙන මියයැමේ ශෝකජනක පුවතක්‌ වරකාපොල පොලිස්‌ වසමට අයත් දොරවක උඩබාගේ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

හක්‌මන ජල ව්‍යාපෘතිය ලක්‍ෂ 17ක්‌ වනසයි

රුපියල් ලක්‍ෂ දහහතක්‌ වැයකර තැනූ බඩබද්දේ උඩුමුල්ලදෙනිය ප්‍රජා ජලයෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වී මහජනතාව අපහසුතාවට පත්වී ඇත. 2009 ඔක්‌තෝබර් මස 30 වැනිදා ආරම්භ කළ මෙම ප්‍රජා ජල යෝජනා ක්‍රමයට සාමාජික වූ පිරිස 22 දෙනෙකි.

අතුරුදන්වූවන් පිළිබඳ සංගමයේ උද්ඝෝෂණයට බාධා

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන සංගමය ඊයේ (10 වැනිදා) ත්‍රිකුණාමලය බස්‌ නැවතුම්පළේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට පැමිණි කිසියම් කණ්‌ඩායමක්‌ උද්ඝෝෂණයට බාධා කර එය නතර කර තිබේ.

තුන්වන කාර්තුවේදී 7.8%ක අර්ථික වර්ධනයක්‌

මේ වර්ෂයේ (2013) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ සඳහා ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශයන් ධනාත්මකව දායක විය.

දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයේදී වසර 2ක්‌ පුරා
71 හැවිරිදි මහල්ලාගෙන්
9 හැවිරිදි දැරියට අතවර

දෙමාපියන් විරසකවී මව විදේශගතවීම නිසා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානයක ආරක්‌ෂාව සඳහා නේවාසිකව රඳවා සිටි 9 හැවිරිදි දැරියක්‌ පුරා වසර දෙකක්‌ ලිංගික අපයෝජනයට ලක්‌කිරීම සම්බන්ධයෙන්...

ඉන්දු පකිස්‌තාන් න්‍යෂ්ටික යුද්ධයක්‌ ඇතිවුවොත්
බිලියන දෙකක ජනතාවක්‌ සුන්

- ඇමරිකාව අනතුරු අඟවයි

ඉන්දියාව හා පාකිස්‌තානය අතර න්‍යෂ්ටික අවි යුද්ධයක්‌ ඇතිවුවහොත් බිලියන දෙකක ජනතාවක්‌ ඝාතනය විය හැකි බව ඇමරිකාව අනතුරු අඟවා ඇත.

ආණ්‌ඩුව පාණ්‌ඩුව හැදී හෝන්දු මාන්දු වී සිටිනවා
අනාගතයේ විශාල අනතුරක ඉවක්‌ දැනෙනවා
- ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

වත්මන් ආණ්‌ඩුවට පාණ්‌ඩුව හැදී හෝන්දු මාන්දු වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ Æණසාර හිමියෝ ඊයේ (10 වැනිදා) සඳහන් කළහ.

මාතර උත්සව ශාලාවක්‌ ගිනි ගනී

මාතර දුම්රියපළ පාරේ සමුපකාර මන්දිර ගොඩනැඟිල්ලේ පිහිටි උත්සව ශාලාවේ ඊයේ (10 දා) හවස පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගයක්‌ පවත්වද්දී හදිසියේ ගින්නක්‌ ඇතිවිය. කිසිම මිනිස්‌ අනතුරක්‌ නොවී

මැලේසියාවේ හා තායිලන්තයේ නැව් රැකියාවලට
යවනවැයි කියා ලක්‍ෂ ගණන් ගැරූ අයෙක්‌ දැලේ

මැලේසියාවේ හා තායිලන්තයේ නැව්වල රැකියා සඳහා යවන බව පවසා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන වංචා කළ සැකකරුට එරෙහිව ඊයේ (10 වැනිදා) වනවිට පැමිණිලි 13 ක්‌ ලැබී ඇති බවත්, එම වංචාව රුපියල් ලක්‍ෂ 50 ක්‌ බවත් මිරිහාන මූලස්‌ථාන පොලිසිය පවසයි.

A 3 ගත්තත් සරසවි දොර වැහිලා
සිසුන්ගෙන් ඇමැතිට පැමිණිලි

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයට තෙවැනි වරට පෙනී සිටි ඒ සාමර්ථයන් තුනක්‌ ලබා සිටින සිසුන්ටද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වී ඇතැයි විභාගයට පෙනී සිටි පිරිසක්‌ උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට ඊයේ 10 වැනිදා දැනුම් දුන්හ.

කොළඹට නව ප්‍රවාහන සැලැස්‌මක්‌
- ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම හෙළිකරයි

දිනකට විවිධ අවශ්‍යතා සඳහා කොළඹ ප්‍රදේශයට ලක්‍ෂ 20 ක ජනතාවක්‌ පැමිණෙන බව හෙළිවී ඇතැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

  
 
  • වතුකම්කරුවන්ට හා කාර්ය මණ්‌ඩලයට
    අර්ථසාධක හා දීමනා නොගෙව්වයි වැවිලි සමාගම් කිහිපයකින් මානව හිමිකමට පැමිණිල්ලක්‌


    ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය, රාජ්‍ය වැවිලි සංස්‌ථාව සහ ඇල්කඩුව වැවිලි සමාගම වතුකම්කරුවන්ට හා වතු කාර්ය මණ්‌ඩලයට අර්ථසාධක, සේවක භාරකාර සහ විශ්‍රාම පාරිතෝෂික වශයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 1888 ක්‌ ගෙවීම පැහැර තිබේ යෑයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට 10 දා පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.
     
  • කරන්දෙණිය හිත හොඳ දොස්‌තර ඝාතන නඩුවේ 4 වැනි සැකකරුට ඇප
    සෙසු තිදෙනා යළි රක්‍ෂිතයට

    කරන්දෙණිය හිත හොඳ දොස්‌තර ඝාතන නඩුව (9 දා) බලපිටිය උසාවිය හමුවේ විභාගයට ගත් අවස්‌ථාවේදී මෙම නඩුවේ සිවුවැනි සැකකාර හමුදා කෝප්‍රල්වරයා රුපියල් පනස්‌ දහසක මුදල් ඇපත් රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක්‌ මතත් මුදාහැරීමට බලපිටිය මහෙස්‌ත්‍රාත් අසංග ශ්‍යාම්ලාල් බෝදරගම මහතා නියෝග කළේය.

 
  • දකුණේ පොලිස්‌ නිලධාරීන්ගේ පැටිකිරිය ගැන කොමිසමට පැමිණිලි

    දකුණු පළාතේ පොලිස්‌ නිලධාරීන් 73 දෙනකු සම්බන්ධයෙන් ජාතික පොලිස්‌ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි කොමිසමේ දකුණු පළාත් අධ්‍යක්‍ෂ ජී. හේවාවිතාරණ මහතා පැවැසීය.මෙයින් 42 ක්‌ම ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කරන්දෙණිය හා යක්‌කලමුල්ල පොලිස්‌ නිලධාරීන් සම්බන්ධව වන අතර මාතර දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ නිලධාරීන් 20 දෙනකුට විරුද්ධවද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පොලිස්‌ නිලධාරීන් 11 දෙනකුට විරුද්ධවද මෙසේ පැමිණිලි ලැබී ඇතැයි හේවාවිතාරණ මහතා පවසයි.

 


 
  • ශ්‍රී ලංකාවට එරෙහිව ජර්මනියේදී " කිං කැකිල්ලේ" නඩු විභාගය

    ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුධ අපරාධ චෝදනා එල්ල කරමින් මහජන විනිශ්චය සභාව නමින් හඳුන්වාගත් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පසුගිය 7 දා ජර්මනියේ බී්‍රමන් නගරයේදී නඩු විභාගයක්‌ ආරම්භ කර ඇත.මෙම නඩුවේ පැමිණිලිකරු මෙයට වසර ගණනාවකට පෙර මෙරටින් අයර්ලන්තයට පැන ගොස්‌ ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ අයර්ලන්ත සංසදය නමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ පිහිටුවාගත් ජූඩ් ලාල් ප්‍රනාන්දුය.
     

  

  


 
  • විස්‌සයි-20 අංක එක රැක ගැනීමේ ඩුබායි මෙහෙයුම අද
    ශ්‍රී ලංකා පාකිස්‌තාන සංචාරය-ඩුබායි

    සති 5 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ පාකිස්‌තානය අතර ක්‍රිකට්‌ තරගාවලියේ පළමු අදියර හෙවත් තරග දෙකකින් සමන්විත විස්‌සයි-20 තරගාවලියේ සමාරම්භක තරගය අද (11 දා) එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

  

Kapruka Shopping |  News


liya




 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.