මැණික්‌හින්නේ ෂෙඩ් එක වාහනවලට විලංගු දමයි
තෙල් සංස්‌ථාවෙන් පරීක්‍ෂණ

ශිරාන් රණසිංහ

මැණික්‌හින්න ඉන්ධනහලකින් නිකුත් කළ පෙට්‍රල්වල දොaෂයක්‌ නිසා වාහන විශාල ප්‍රමාණයක්‌ ඊයේ (10 වැනිදා) මහමග නතර වීම පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පූර්ණ පරීක්‍ෂණයක්‌ අරඹා ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතා 'දිවයින' ට පැවසීය.

ඊයේ (10 වැනිදා) අලුයම බවුසරයකින් ගෙනැවිත් ඉන්ධනහලට ලබාදුන් පෙට්‍රල් තොගයේ ප්‍රමිතියේ අර්බුදයක්‌ නිසා වාහන නතර වූ බව මැණික්‌හින්න ඉන්ධනහලේ ප්‍රධානීන් තෙල් සංස්‌ථාවට පැමිණිලි කර ඇත.

මෙම ඉන්ධනහල සමුපකාර සමිතියක්‌ මගින් පවත්වාගෙන යන අතර පෙට්‍රල් ගබඩා කර ඇති භූගත ගබඩා වෙත ජලය කාන්දුවීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේදැයි සැක කරන බව ද "දිවයින" කළ විමසීමේදී තෙල් සංස්‌ථා කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

බවුසර් මගින් ඉන්ධන ගොඩබෑ පසු අදාළ ඉන්ධන තොගය අවසන් වනතුරු එම තොගයෙන් ගත් සාම්පලයක්‌ ඉන්ධනහලේ තබාගත යුතු වුවද දැනට කර තිබෙන පරීක්‍ෂණවලදී එවැනි සාම්පලයක්‌ ලබාගෙන නැතැයි තහවුරු වූ බව "දිවයින" කළ විමසීමේදී තෙල් සංස්‌ථා කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මෙම ඉන්ධනහල සමුපකාර සමිතියකට අයත් වන අතර එහි සභාපති තනතුර හොබවන තිස්‌ස උඩගම මහතා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධාන ලිපිකරු බව ද අප කළ විමසීමකදී තෙල් සංස්‌ථා නිලධාරියෙක්‌ කියා සිටියේය.

මෙම ඉන්ධනහලට එරෙහිව මීට පෙර ද පැමිණිලි ගණනාවක්‌ ලැබී ඇතැයි එම නිලධාරියා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.