මැන්ඩෙලාට අවසන් ගෞරව දක්‌වන්න ජනපති එක්‌වී

අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකානු හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අවමංගල්‍ය උත්සව නිල දේව මෙහෙයට සහභාගි වූ ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා සෙසු රාජ්‍ය නායකයන් සමග එක්‌වූ අයුරු.

ජොහැන්නස්‌බර්ග් නුවර එෆ්.එන්.බී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම උත්සවය සඳහා 95,000 කට අධික පිරිසක්‌ සහභාගි වී සිටි බව විදෙස්‌ මාධ්‍ය කියයි.

සෝනියා ගාන්ධි, ඇෆ්ගන් ජනාධිපති හමීඩ් කර්සායි, ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හෝලන්ඩේ, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඇතුළු රාජ්‍ය නායකයෝ රැසක්‌ මෙහි වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.