සා/පෙළ ශිෂ්‍යාවගේ අයෑදුම්පත්‍රය ඇතුළු ලියෑවිලි ගිනිගෙන

හේමන්ත රන්දුණු

තඹුත්තේගම මැදි විදුහලේ මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින ජයමාලි නිස්‌සංක (17) නමැති දැරියකගේ විභාග ප්‍රවේශ පත හා හැඳුනුම්පත ඇතුළු ලියකියවිලි ගිනිගෙන විනාශ වීම ගැන නොච්චියාගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

ඇගේ නිවෙසේ කාමරයක සිදුව ඇති මෙම ගිනි ගැනීම කිසිවකු පෞද්ගලික අමනාපයකට කරන ලද්දක්‌ද එසේ නැත්නම් වෙනත් හේතුවකින් වූවක්‌ද යන්න ගැන පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර තිබේ. ඇයට විභාගයකට පෙනී සිටීමට සිදුව ඇත්තේ විදුහල්පතිවරයා ඇගේ ඡායාරූපයක්‌ සහතික කිරීමෙන් පසුවය. කාමරයේ තිබී ඇති ඇගේ පාසල් නිල ඇඳුම පිළිස්‌සී තිබූ නිසා පාට ගවුමකින් සැරසී විභාගයට පෙනී සිට ඇති බවද වාර්තා වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.