අගවිනිසුරුටත් නරක දුරකථන ඇමතුම්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

අල්ලස, දූෂණය මේ රට තුළ පැතිරී ගොස්‌ ඇති බවත් අගවිනිසුරු ධුරය දරන තමාගේ ස්‌වාධීන රාජකාරියට පවා ඇතැම් පාර්ශ්වයන් විවිධ ආකාරයේ වාසි බලාපොරොත්තුවෙන් දුරකථන ඇමතුම් ලබා දෙන බවත් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැවසීය.

තමාගේ පමණක්‌ නොව නීතිපතිවරයාගේ කටයුතුවලට ද අල්ලස, දූෂණය හරහා ඇතැම් පුද්ගලයන් රිංගා ගැනීමට උත්සාහ දරන බව ද අගවිනිසුරුවරයා කීය.

ලෝක දූෂණ විරෝධී දිනය වෙනුවෙන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (09 දා) පැවැති උත්සවයකදී මේ බව සඳහන් කළ අගවිනිසුරුවරයා පෞද්ගලික අංශය මෙන්ම බහුජාතික සමාගම් ද රට තුළ අල්ලස, දූෂණය විශාල වශයෙන් පතුරුවා හැරීමට උත්සාහ දරන බව පැවසීය.

රාජ්‍ය සේවකයන් ද තම විවිධ ආර්ථික ගැටලු නිසා අල්ලසට, දූෂණයට පෙලඹී ඇති බව ද සඳහන් කළ ඒ මහතා අල්ලස හා දූෂණය මේ රටටම පිළිලයක්‌ වී ඇතැයි ද කීය.

මෙය වහා නතර කිරීමේ වැඩපිළිවෙළක්‌ ඇරඹිය යුතු යෑයි ද හෙතෙම කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.