සිරකරුවෝ 21ක්‌ සා/පෙළ ලියති

නෝමන් පලිහවඩන

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර සිරකරුවන් 21දෙනකු ඉදිරිපත් වී සිටින බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් සී. පල්ලේගම මහතා ප්‍රකාශ කළේය.

අඹේපුස්‌ස බන්ධනාගාරයේ සිරකරුවන් 17 දෙදෙනකු ද මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් තිදෙනකු ද පොලිස්‌ මැගසින් බන්ධනාගාරයේ එක්‌ සිරකරුවකු ද මෙසේ අදාළ විභාග මධ්‍යස්‌ථානවලට ගොස්‌ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී සිටින බව ඒ මහතා පැවැසීය.

විභාගවලට ඉදිරිපත්වීමට නියමිත තරුණ සිරකරුවන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල බන්ධනාගාර වලින් ද සලසා ඇති බව කොමසාරිස්‌වරයා වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.