පාසල් ගුරුවරුන්ට ඇති වරප්‍රසාද පිරිවෙන්වලටත් දෙන්න පනත සංශෝධනය කරනවා
- ඇමැති බන්දුල ගුණවර්ධන

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

රජයේ පාසල්වල ගුරුවරුන්ට ලබා දෙන වරප්‍රසාද පිරිවෙන් ගුරුවරුනට ද ලබා දීම සඳහා පිරිවෙන් පනත සංශෝධනය කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

රජයේ පාසල් ගුරුවරුනට ලබාදෙන නිදහස්‌ දුම්රිය ප්‍රවේශ පත්‍රය ඇතුළු අනෙකුත් පහසුකම් පිරිවෙන් ගුරුවරුනටද ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇතැයිද, එකී වරප්‍රසාද ලබාදීම සඳහා පිරිවෙන් පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

පැවිදි ගුරුවරු 2339 දෙනකු සහ ගිහි ගුරුවරු 3190 දෙනකු පිරිවෙන්වල සේවය කරන බවද ඇමැතිවරයා කීවේය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.