රට රැකියාවකට යනවා නම් (S.L.B.F.E) හි ලියාපදිංචිය අනිවාර්යයි

ලසිත දුමින්ද සහ ශිරාන් රණසිංහ

විදේශ රැකියා සඳහා මෙරටින් යන සියලු දෙනා ලබන ජනවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ (S.L.B.F.E) හි ලියාපදිංචි විය යුතු යෑයි කාර්යාංශය සඳහන් කර සිටී.

තනි තනි පුද්ගලයන් ලෙස විදේශගත වන අය කටුනායක ගුවන් තොටුපළේදී ලියාපදිංචි කිරීම ඒ අනුව නතර කරන බවත් පිටරට රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයන්ට පහත සඳහන් ස්‌ථානවලදී කාර්යාංශයේ ලියාපදිංචිය පහසුවෙන්ම ලබාගත හැකි බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

ප්‍රධාන කාර්යාලයෙන් හෝ අනුරාධපුර, බදුල්ල, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, කල්මුණේ, මතුගම, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, මීරිගම, රත්නපුර, තංගල්ල, ත්‍රිකුණාමලය, වවුනියාව යන දිස්‌ත්‍රික්‌ කාර්යාලවලින් ලියාපදිංචිය ලබාගත හැකිය.

මෙයට අමතරව කටුනායක සහන පියස හා මත්තල සහන පියස සුබසාධන මධ්‍යස්‌ථාවලින් ද ලියාපදිංචිය ලබාගත හැකිය.

පෙර විදේශගත වී නැවත දිවයිනට පැමිණ එම රටවල සේවය කළ ස්‌ථානවලටම යළිත් විදේශගත වන ශ්‍රමිකයන්ට මෙය වලංගු නොවන අතර එම ශ්‍රමිකයන්ට පෙර පරිදිම ගුවන් තොටුපළ ඒකකයේදී ලියාපදිංචිය ලබාගැනීමට හැකියාව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.