වැඩබලන පොලිස්‌පති ගාමිණී නවරත්න

හේමන්ත රන්දුණු

වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පත්කර ඇත.

පොලිස්‌ පුහුණුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මලයාසියාව බලා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ පිටත්ව ගියේය.

පොලිස්‌පතිවරයා නැවත පැමිණෙන තුරු සතියක කාලසීමාවක්‌ වැඩබලන පොලිස්‌පතිවරයා ලෙස ගාමිණී නවරත්න මහතා කටයුතු කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.