බීමතින් පොලිසියට චණ්‌ඩි පාට්‌ දැමූ දෙදෙනා අධිකරණයට

නිමල් හේමසිරි - රදම්පල

ගන්දර පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් දෙදෙනකුට ගන්දර නගරයේදී බැණ වැදී පහරදීමට තැත්කරමින්, රාජකාරිය ඉටු කිරීම සාපරාධි ලෙස වැලැක්‌වීම යන චෝදනාව යටතේ කුඩාවැල්ල ප්‍රදේශයේ ධනවත් මාළු ව්‍යාපාරිකයකු 09 දා කෙමගොඩ ප්‍රදේශයේදී ගන්දර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගන්දර නගරයේදී ඉකුත් 07 දා රාත්‍රි 10 - 11 අතරදී පොලිස්‌ නිලධාරීන් ත්‍රිරෝද රථයක්‌ පරීක්‍ෂා කිරීමේදී මෝටර් රථයකින් පැමිණි අදාළ ව්‍යාපාරිකයා විසින් බාධා කර පලාගොස්‌ ඇත.

පොලිසිය එම ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් බීමත්ව අශෝභන ලෙස හැසිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන පසුව පොලිස්‌ ඇප මත මුදා හැර ඇත.

එම ව්‍යාපාරිකයාද ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාද ඊයේ (10 දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගන්දර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.