මසට ගෙන ගිය එළුවන් 54 ක්‌ සමග දෙදෙනෙක්‌ දැලේ

පොළොන්නරුව කරුණාරත්න ගමගේ

උත්සව සමයේ මස්‌ කර අලෙවි කිරීමට නීති විරෝධීව වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එළුවන් 54 දෙනකු සමග සැකකරුවන් දෙදෙනකු පෙරේදා (09 දා) උදේ බකමූණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

පොලොන්නරුව ප්‍රදේශයේ සිට මෙම එළුවන් තොගය කුරුණෑගල සහ මීගමුව යන ප්‍රදේශවලට ප්‍රවාහනය කරමින් තිබූ බවද පොලිස්‌ පරීක්‌ෂණවලදී හෙළි වී ඇත.

බකමූණ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක පාලිත ඉලගංගන්සේකර මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ පරීක්‌ෂක මහින්ද ගුණරත්න මහතා ඇතුළු පිරිසක්‌ මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.