කලවම් තීරණ මැදින් ඇල්පිටියේ අයවැය සම්මත වෙයි

ඇල්පිටිය - කේ. කේ. විදානාරච්චි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2014 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා වැඩි ඡන්ද හතකින් සම්මත විය.

ඊයේ (10 වැනිදා) ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල හර්ෂණ කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රාදේශීය සභා

රැස්‌වීමේදී 2014 වර්ෂයේ අයවැය යෝජනා සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි.

මෙහිදී අයවැයට පක්‌ෂව ඡන්ද 10 ක්‌ද විරුද්ධව ඡන්ද තුනක්‌ද ලැබිණි.

ඡන්ද විමසීමේදී ආණ්‌ඩු පක්‌ෂයේ උප සභාපති සමග එම පක්‌ෂ මන්ත්‍රීවරයකු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර විපක්‌ෂයේ මන්ත්‍රීවරු තිදෙනකු හා ස්‌වාධීන මන්ත්‍රීවරයා අයවැයට පක්‍ෂව ඡන්දය පාවිච්චි කළහ. ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමද මෙහිදී විශේෂත්වයක්‌ විය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ආණ්‌ඩුපක්‌ෂ මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන්ද, එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන්ද ස්‌වාධීන මන්ත්‍රීවරයකුගෙන්ද සමන්විතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.