හක්‌මන ජල ව්‍යාපෘතිය ලක්‍ෂ 17ක්‌ වනසයි

සටහන හා සේයා( හක්‌මන - තිලක්‌ සමරසිංහ

රුපියල් ලක්‍ෂ දහහතක්‌ වැයකර තැනූ බඩබද්දේ උඩුමුල්ලදෙනිය ප්‍රජා ජලයෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වී මහජනතාව අපහසුතාවට පත්වී ඇත. 2009 ඔක්‌තෝබර් මස 30 වැනිදා ආරම්භ කළ මෙම ප්‍රජා ජල යෝජනා ක්‍රමයට සාමාජික වූ පිරිස 22 දෙනෙකි.

මේ සඳහා යොදාගත් ජල මූලාශ්‍රයට අයත් ළිඳ තවමත් පිරී පවතී. එම ළිඳේ සිට ජලය පුරවන ටැංකිය ඇත්තේ මීටර් 600 ක්‌ පමණ දුර මහා කඳු මුදුනකය. ළිඳේ සිට ජල ටැංකියට වතුර යෑවීමට යොදා ඇත්තේ ඇළේ බටයකි. ජල මෝටරය ක්‍රියාත්මක කරන විට ළිඳෙන් ජල ටැංකියට යොදා ඇති අඟලේ එස්‌ලෝන් බටය පුපුරායන බව එම ගම්මානයේ වගකිවයුතු අය පවසති. ජලය බෙදා හරින ටැංකියේ ධාරිතාව ජල ලීටර් 20,000 කි. මේ වන විට සමස්‌ත ජල ව්‍යාපෘතියම අක්‍රීය වී ඇති අතර ජලනල ගමේ අය කපාගෙන ගොසිනි.

ගම්වාසීන් පවසන්නේ ලක්‍ෂ දහහතක්‌ වැය කර ක්‍රියාත්මක කළ ජලයෝජනා ක්‍රමයට රුපියල් ලක්‍ෂ හතකට වඩා වැයවෙන්නට ඇති බවකි. 2009.10.30 ආරම්භ කරන ලද ප්‍රජා ජලයෝජනා ක්‍රමය 2011 ඔක්‌තෝබර් මාසය වන විට විනාශ වී අවසන් වූ බවක්‌ පැවසෙයි.

ආකාර්යක්‍ෂම ඉදිකිරීම් නිසා රුපියල් ලක්‍ෂ 17 ක්‌ අපතේ ගොස්‌ පවුල් 22 කට වතුරත් නැතිවී ඇත. මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ප්‍රදේශයේ පවුල් 50 කට ජලය ලබාදෙන්නටය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.