වාස්‌ට එරෙහි කප්පම් නඩුව නැවතත් කල් යයි

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩි. විතාන

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත කැලුම් මඩවල ඝාතන සිද්ධියේ රජයේ සාක්‌ෂිකරුවකු වන සිංගප්පූරු සරත් හෙවත් සරත් එදිරිසිංහ නමැත්තා නොමරා සිටීම සඳහා රුපියල් ලක්‍ෂ තිහක්‌ (30) කප්පම් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ පහළොවක්‌ (15) ලබා ගැනීම සම්බන්ධව හිටපුq නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ඊයේ (10 වැනිදා) මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්‌ථාවේ එම නඩුව සම්බන්ධ නීතිපති උපදෙස්‌ තවම ලැබී නැති හෙයින් එම නඩුව ලබන වසරේ මාර්තු මස 03 වැනිදාට නැවත කැඳවීමට මහර මහෙස්‌ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියම කළාය.

මේ නඩුව යළි කැඳවූ අවස්‌ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට කරුණු දක්‌වමින් මේ නඩුව සම්බන්ධව නීතිපති උපදෙස්‌ පතා නීතිපතිවරයාට යවන ලද වාර්තාව තවම ලැබී නැති බව කීය.

මෙහිදී සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර සෙනෙවිරත්න මහතා විසින් මේ වන විට රුපියල් ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප දෙකක්‌ මත මුදා හැර තිබෙන එම සැකකරුගේ ඇපකරුවන් ලෙසට සිසිර කලුපහන, ඉන්ද්‍රdණි කලුපහන හා ප්‍රියාදරී කලුපහන යන අයගේ නම් අධිකරණයට ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා සමඟ උප පොලිස්‌ පරීක්‍ෂක උපාලි බණ්‌ඩාර යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.

සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන අනුර සෙනවිරත්න මහතා සහ නීතිඥ අංජලී බමුණුආරච්චි මහත්මිය පෙනී සිටියාය.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.