මාතර උත්සව ශාලාවක්‌ ගිනි ගනී

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

මාතර දුම්රියපළ පාරේ සමුපකාර මන්දිර ගොඩනැඟිල්ලේ පිහිටි උත්සව ශාලාවේ ඊයේ (10 දා) හවස පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගයක්‌ පවත්වද්දී හදිසියේ ගින්නක්‌ ඇතිවිය. කිසිම මිනිස්‌ අනතුරක්‌ නොවී එය නිවා දැමීමට මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීහු සමත්විය. මෙම විවිධ ප්‍රසංගයට පෙර පාසල් කුඩා දරුවන් සියයක්‌ පමණ සහ දෙමාපියන් දෙසීයක්‌ පමණ සහභාගී වී සිට ඇති අතර විවිධ ප්‍රසංගය පවතින අවස්‌ථාවේදී ගින්න ඇතිවී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.