පිරිසිදු ජලය ලබාගැනීම
ලෝකය මුහුණදෙන ප්‍රධාන අභියෝගයක්‌

- ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන

කඳුකරය හා කඳුකර ජල මූලාශ්‍ර

රැකගැනීමේදී ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවිය යුතු කාලය එළැඹ ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අදට (11 වැනිදා) යෙදී ඇති ලෝක කඳු දිනය පිළිබඳ අදහස්‌ දක්‌වමින් හෙතෙම ඒ බව සඳහන් කරයි.

ඉතිහාසයේ ජලය සම්බන්ධයෙන් සිදුවූ යුද්ධ පිළිබඳ අනාවරණය වන බවත් මෙම සියවසේදීම ජලය මුල් කරගෙන ලෝක ජාතීන් අතර යුද්ධ හා අරගල ඇතිවිය හැකි බවට අනාවැකි පළවී ඇති බවත් හෙතෙම පැවසීය.

පිරිසිදු පානීය ජලය ලබාගැනීම මෙම සියවසේ ලෝකය මුහුණදෙන ප්‍රධාන අභියෝගය වන බවත්, කඳුකර දිය උල්පත්

රැකගැනීමට ලෝකය උනන්දු වන්නේ ඒ නිසා බවත් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

කඳුකරය හා කඳුකර දිය උල්පත් රැක ගැනීමට නිරන්තර නිරීක්‌ෂණ හා ප්‍රතිචාරය වැදගත් බවත් පැවසූ ඇමැතිවරයා අන්තර්Êආයතනික සබඳතා තුළින් කඳු සංරක්‌ෂණ හා ධරණීය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.