A 3 ගත්තත් සරසවි දොර වැහිලා
සිසුන්ගෙන් ඇමැතිට පැමිණිලි

නිලන්ත මදුරාවල

පසුගිය වසරේ පැවැති උසස්‌ පෙළ විභාගයට තෙවැනි වරට පෙනී සිටි ඒ සාමර්ථයන් තුනක්‌ ලබා සිටින සිසුන්ටද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වී ඇතැයි විභාගයට පෙනී සිටි පිරිසක්‌ උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාට ඊයේ 10 වැනිදා දැනුම් දුන්හ.

විද්‍යා හා ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටි අයෑදුම්කරුවෝද මේ අතර සිටින බව ඔවුහු ඇමැතිවරයාට දන්වා සිටියහ.

නව හා පැරණි නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි අය එකම නිර්දේශයෙන් විභාගයකට පෙනී සිටියා සේ සලකා අවම ඉසඩ් ලකුණු නිකුත් කිරීම නිසා මෙ ගැටලු සහගත තත්ත්වය ඇතිවී තිබෙන අතර ඇමැතිවරයා ඔවුන්ට දැනුම් දුන්නේ හැකි උපරිම සාධාරණය ඉටු කරන බවය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.