නව බීජ පනත ගෙන එනවා
- ඇමැති මහින්ද යාපා අබේවර්ධන

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්

නව බීජ පනත ගෙන එන බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනකුට ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බීජ සඳහා ශ්‍රී ලංකාවේ නීතියක්‌ නැතැයි ද එම නිසා ඊට අදාළ පනතක්‌ ගෙන එන බවද කී ඇමැතිවරයා මෙම පනත් කෙටුම්පත මේ වන විට වෙබ් අඩවිය ඔස්‌සේ ඕනෑම කෙනකුට අධ්‍යයනය කළ හැකි බවද කීය.

ඒ අනුව එහි වැරදි සහ අදාළ යෝජනා පෙන්වා දීමේ අවස්‌ථාව මෙන්ම ඒ පිළිබඳ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීමටද හැකි බව ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමින් කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.