සැමියා මරා වැසිකිළිවළට දැමූ බිරිඳට මරණීය දණ්‌ඩනය

සහාය දුන් පුද්ගලයාත් ගස්‌

කොටියාකුඹුර - රම්‍යපාල, කෑගල්ල - එම්. බී. පහලවත්ත

සැමියාට පහරදී පිහියෙන් ඇන ඝාතනය කර මළ සිරුර වැසිකිළිවළට දැමූ විවාහක බිරිඳට සහ ඊට සහාය වූ තවත් පිරිමියකුට එරෙහිව කෑගල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දු ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරු මේනකා විඡේසුන්දර මහත්මිය වරදකරුවන් වූ චුදිත විත්තිකරුවන් දෙදෙනාට ඊයේ (10 දා) මරණ දඬුවම නියම කරනු ලැබීය.

මෙසේ දඬුවමට යටත් කරනු ලැබුවේ එවකට රුවන්වැල්ල පොලිස්‌ වසමේ උතුරු ගෝනගල පදිංචිව සිටි පොත්තගොඩගේ අනුලා චන්ද්‍රලතා සහ ආ¹වලගේ නිමල් සරත් කුමාර යන දෙදෙනාටය. වර්ෂ 1999 අප්‍රෙAල් මස 16 දින හෝ ඊට ආසන්න දිනක සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචිව සිටි අජිත් කිත්සිරි නම් එවකට 41 වන වියේ පසුවූ දෙදරු පියෙකි.

රුවන්වැල්ල පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මූලික නඩු විභාගයෙන් පසුව නීතිපතිවරයාගේ අධිචෝදනා කෑගල්ල මහාධිකරණයේදී විභාගයට ගැනුණි.

පැමිsණිල්ල මෙහෙයවීම රජයේ අධිනීතිඥ ෂෙහාන්ද සිල්වා මහතා විසින් සිදුකරනු ලැබූ අතර මහාධිකරණයේදී සාක්‌ෂි ලබාදුන් 74 හැවිරිදි ගම්වාසි සාක්‌ෂිකරුවකු චූදිත පළමු විත්තිකාරිය නීති විරෝධී මත්පැන් අලවියේ යෙදී සිටි බවත් සැකකරු සතියකට දින දෙක තුනක්‌ මත්පැන් බීමට එම නිවසට යන බවත් 1999.4.16 දින තමා එහි මත්පැන් බීමට ගොස්‌ සිටි අවස්‌ථාවේදී විත්තිකරුවන් මරණකරුගේ මළ සිරුර වැසිකිළියේ වළට බස්‌සවා ලෑලි දමා වසනු තමා දුටුබවත් ඒ බව කීවොත් තමා මරණ බවට තර්ජනය කළ බවද පැවැසීය.

දෙවන සාක්‌ෂිකාරිය වූ මියගිය අයගේ සහ පළමු විත්තිකාරියගේ දුව පොලිසියට හා මහෙස්‌ත්‍රාත් අධිකරණයේ කළ ප්‍රකාශ පිළිගන්නා බවද තහවුරු කර තිබිණි.

වරදකරුවන් වූ විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර කීමට යමක්‌ ඇත්දැයි විමසූ අවස්‌ථාවේදී පළමු විත්තිකාරිය පැවසුවේ තමාට දරුවන් දෙදෙනෙක්‌ සිටිනවා එක්‌ අයෙක්‌ මන්ද බුද්ධික මේ දරුවන් දෙදෙනා දමා සිරගෙදරට යන්න බෑ. සාක්‌ෂිකරු තරහට පොලිසිය සමග බොරු සාක්‌ෂි කී බවත්ය. දෙවන විත්තිකරුද කීවේ සාක්‌ෂිකරු තරහට බොරු සාක්‌ෂි කී බවත්ය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ බී. සේනානායක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ටයිටස්‌ මනතුංග යන මහත්වරුන් පෙනී සිටියහ. රුවන්වැල්ල පොලිසිය වෙනුවෙන් සාක්‌ෂි සම්බන්ධීකරණය පොලිස්‌ සැරයන් සුනිල් මහතා විසින් සිදු කරන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.