28 වතාවක්‌ ලේ දන් දුන් ශූර ගොවියා වල් අලියාට බිලි

ගල්ගමුව - සරත් ධර්මසිරි

රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම සඳහා විසිඅට වතාවක්‌ (28) තම සිරුරෙන් ලේ දන් දුන් ගොවියකු ඉකුත් දා පෙරවරුවේ පාපැදියකින් ගමන් කරන අතරතුර තම නිවස අසලදී වන අලි ප්‍රහාරයකට ගොදුරුව ජීවිතයෙන් සමුගත් ශෝකජනක පුවතක්‌ ගල්ගමුව පොලිස්‌ වසමේ දේවගිරිපුර ගම්මානයෙන් වාර්තා වේ.

ගල්ගමුව දේවගිරිපුර පදිංචිව සිටි ඔහු එච්. එම්. හීන්බණ්‌ඩා නම් වේ.

මියයන විට පනස්‌ වැනි (50) වියේ පසුවූ ඔහු දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. තම දරු පවුල ජීවත් කරවීමටත් රටට බත සැපයීමටත් දිවා රෑ වෙහෙස නොබලා දහඩිය බිඳු වගුරවමින් මහ පොළොව හා පොරබැදූ ඔහු නිරෝගී ජීවිතයක්‌ ගතකළ අයෙකි. තරුණ වයසේ සිටම තම දැත් කැත්ත උදැල්ලට හුරුකළ ඔහු ශූර ගොවියෙකි. අසරණයන්ගේ දුක වේදනාව හ»නන සංවේදී හදවතක්‌ ඇති අයකු වන එච්. එම්. හීන්බණ්‌ඩා ගොවි මහතා (ගොවිරජා) 28 වතාවක්‌ තම සිරුරෙන් ලේ දන් දුන් සැබෑ මානව හිතවාදියෙකි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.