රාජ්‍ය ආයතනවල ගස්‌ රාජ්‍ය දැව සංස්‌ථාවට

බෝගොඩ රත්නායක

රජයේ ආයතන සතු ඉවත් කළ යුතු හා අනතුරුදායක ගස්‌ රාජ්‍ය දැව සංස්‌ථාවට ලබාදෙන මෙන් රාජ්‍ය දැව සංස්‌ථාවේ සහකාර සාමාන්‍යාධිකාරී (අනතුරු) එස්‌. එස්‌. පඩුවාවල මහතා ඉල්ලීමක්‌ කරයි.

දැව සංස්‌ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව සිල්පර කොට ලක්‍ෂ එකහමාරක්‌ ලබාදිය යුතුවන නමුත් දැව හිඟය හේතුවෙන් මේ වසරේ ලබාදිය හැකි වූයේ සිල්පර 45000 ක්‌ පමණක්‌ බවත් ඒ හේතුවෙන් දුම්රිය මාර්ග නඩත්තු කිරීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවද ප්‍රාදේශීය සභාව වෙත අදාළ ලිපි ලේඛන භාරදී කිසිඳු අංශයකින් පරීක්‍ෂණයක්‌ හෝ අනුමැතියක්‌ ලැබීමට පෙර හෝටල් ගොඩනැඟිලි ඉදිකරන බවත් පැවසීය.

මේ තත්ත්වය මත රජයේ ආයතනවල විවිධ ඉදිකිරීම්වලදී ඉවත්කරන ගස්‌ සහ ඉවත් කළයුතුව ඇති අනතුරුදායක ගස්‌ ආදිය දැව සංස්‌ථාවට ලබාදෙන ලෙස හෙතෙම පසුගිය බදුල්ල දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටු රැස්‌වීමේදී විවෘත ඉල්ලීමක්‌ කළේය.

විශේෂයෙන් ග්‍රාන්ඩීස්‌, මයික්‍රොකෝටීස්‌, යුකැලිප්ටස්‌, පයිනස්‌ වැනි වර්ගවල කල්පිරුණු ශාක දැව සංස්‌ථාවට ලබාදෙන ලෙස ද ඉල්ලා සිටී. ඒ මහතා අවශ්‍ය නම් එසේ ලබාදෙන ගස්‌ වෙනුවට මී, කුඹුක්‌, මැහෝගනී වැනි දේශීය ශාක පැළ වර්ග ලබාදිය හැකි බව ද පැවැසීය.

දැව සංස්‌ථාවේ බදුල්ල සහකාර ප්‍රාදේශීය කළමනාකාර දුලාන් අසංක මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.