විස්‌සයි-20 අංක එක රැක ගැනීමේ ඩුබායි මෙහෙයුම අද
ශ්‍රී ලංකා පාකිස්‌තාන සංචාරය-ඩුබායි

චමිල කරවිට

සති 5 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ පාකිස්‌තානය අතර ක්‍රිකට්‌ තරගාවලියේ පළමු අදියර හෙවත් තරග දෙකකින් සමන්විත විස්‌සයි-20 තරගාවලියේ සමාරම්භක තරගය අද (11 දා) එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.30 ට ආරම්භවීමට නියමිතය.

ප්‍රසාද ලකුණ 129 ක්‌ හිමිකර ගනිමින් ශ්‍රේණිගත කිරීම්හී අංක 1 පසුවන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙම තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 2 ම පරාජය නොවී සිටීම පළමු ස්‌ථානය රැක ගැනීම සඳහා අනිවාර්ය වේ.

ප්‍රසාද ලකුණු 121 ක්‌ හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්‌ථානයේ පසුවන මොහොමඩ් හµSස්‌ගේ නායකත්වයෙන් යුතු පාකිස්‌තානු කණ්‌ඩායම තරගාවලියේ 2-0 ක්‌ ලෙස ජය ගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 125 දක්‌වා ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 123 දක්‌වා පහත යනු ඇත. එසේ වුවහොත් පාකිස්‌තානු කණ්‌ඩායම අංක 1 ස්‌ථානයට පත්වන අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි සහ තෙවැනි ස්‌ථානවල පසුවන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග සම තැන් (ප්‍රසාද ලකුණු 123 බැගින්) ගනු ඇත. ඒ අනුව මෙම තරගාවලියේ එක්‌ තරගයක්‌ හෝ ජය ගැනීම අංක 1 ස්‌ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇත.

එමෙන්ම ලබන වසරේදී බංග්ලාදේශයේ පැවැත්වෙන විස්‌සයි-20 ලෝක ශූරතාවට පෙර ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ විස්‌සයි-20 තරග 4 ක්‌ පමණක්‌ වන බැවින් (මෙම තරගයද ඇතුළුව) එවැනි සුළු අත්හදා බැලීමක්‌ කිරීමට මෙම තරගාවලිය වැදගත් වනු ඇත.

කණ්‌ඩායමේ පළපුරුදම ක්‍රීඩකයා වන මහේල ජයවර්ධනද පෞද්ගලික හේතුවක්‌ මත මෙම තරගාවලියට සහභාගි නොවීම නිසා මෙම තරගයට කණ්‌ඩායමේ සිටින දක්‍ෂතම සහ වැඩිම පළපුරුදු ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම වැදගත් වන්නේ ඒ නිසාවෙනි. මහේල නොමැතිවීම මත අද තරගයේදී ඩිල්ෂාන් සමග ඉනිම ආරම්භය කුසල් පෙරේරා විසින් සිදු කිරීමට නියමිත බව අනුමාන කළ හැක.

ඉකුත්දා දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3 කින් සමන්විත එක්‌දින තරගාවලිය 2-1 ක්‌ ලෙස ජය ගනිමින් දකුණු අප්‍රිකානු පිල සිය මව්බිමේදීම පරාජය කිරීමට සමත්ව සිටින පාකිස්‌තානු කණ්‌ඩායම පිළිබඳව කිසි විටෙකින්වත් සුළුවට තැකිය නොහැකි වේ.

එබැවින් අද තරගයේදී එවැනි අත්හදා බැලීමක්‌ සිදු කිරීමට වඩා තරගය ජය ගැනීම වෙනුවෙන් සංයුතිය සැකසීම ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ වගකීම විය යුතුය.

විස්‌සයි-20 තරගවලදී දෙරට මෙතෙක්‌ අවස්‌ථා 10 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී වැඩි වාසි අත්කර ගැනීමට පාකිස්‌තානු කණ්‌ඩායම සමත්වී තිබේ. ඔවුන් අවස්‌ථා 6 කදී ජයවාර්තා කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව තරග 4 ක්‌ ජය ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම -

දිනේෂ් චන්දිමාල්(නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර, නුවන් කුලසේකර, සුරංග ලක්‌මාල්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්‌, අජන්ත මෙන්ඩිස්‌, කුසල් පෙරේරා, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, කිත්රුවන් විතානගේ, ප්‍රසන්න සික්‌කුගේ, රමිත් රඹුක්‌වැල්ල.

පාකිස්‌තාන කණ්‌ඩායම -

මොහොමඩ් හµSස්‌(නායක), අහමඩ් ෂේසාඩ්, අන්වර් අලී, උස්‌මාන් ඛාන්, බිලාවල් බතී, හරිස්‌ සොහෙල්, ජුනයිඩ් ඛාන්, සයීඩ් අඡ්මාල්, ෂහිඩ් අµaරිඩි, ශර්ජීල් ඛාන්, ශොයෙරී මක්‌සූඩ්, සොහෙල් ටන්වීර්, උමර් අක්‌මාල්, උමර් අමීන්, ෂල්µsකර් බාබර්.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v