කෑගල්ලේ පාපැදි ජන්ද බලය දුන්නේ හුළං ගිය සංගමයකටද?

ඉන්ද්‍රජිත් සුබසිංහ

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ අභාවයට යමින් තිබූ පාපැදි ක්‍රීඩාව නංවා එය පවත්වාගෙන යමින් සිටින සංගමයට නිසි පිළිගැනීම නොදී අක්‍රිය නාමික සංගමයකට, මෙම 19වැනිදා පැවැත්වීමට නියමිත පාපැදි සම්මේලන නිලවරණයේ ජන්ද බලය හිමි කර දී ඇතැයි වාර්තා වේ.

පාපැදි අතුරු කමිටුව නිසි පරිදි වාර්තා සහ තොරතුරු පවත්වාගෙන නොයැම මත මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි චෝදනා නැගේ.

90 දශකයේදී ක්‍රීඩා නිලධාරියෙක්‌ වශයෙන් කටයුතු කළ ධනපාල විඡේතුංග මහතා විසින් පිහිටුවනු ලැබූ කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාපැදි සංගමයේ කටයුතු ඒ මහතා අසනීප වීමෙන් අනතුරුව එහි ලේකම් වශයෙන් කටයුතු කළ සමන්ත ගනේගම මහතා වෙත පැවරී ඇති නමුත් පසුකලෙක මෙම සංගමයේ කටයුතු අක්‍රිය තත්ත්වයට පත්වීම මත (හිටපු පාපැදි ක්‍රීඩිකාවක සහ පාපැදි ක්‍රීඩාව තුළින්ම ක්‍රීඩා නිලධාරිනියක්‌ බවට පත්වූ) භද්‍රd පුෂ්පා රංජනී මහත්මිය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පාපැදි ක්‍රීඩාව පවත්වාගෙන යැම සඳහා වෙහෙස වී කටයුතු කර ඇත.

ඒ අනුව කෑගල්ල දිස්‌ත්‍රික්‌ පාපැදි සමාජය පිහිටවූ ඇය දිස්‌ත්‍රික්‌කයේ පාපැදි ක්‍රීඩකයන් ඒකරාශී කරමින් තරගවලට සහභාගි කරවනු ලැබුවාය. නමුත් දිස්‌ත්‍රික්‌ සංගමය අක්‍රියව පැවැතීම හේතුවෙන් ජාතික ශූරතාව සඳහා කෑගලු පාපැදි ක්‍රීඩකයන්ට අවස්‌ථාව අහිමි විය. මේ අනුව ක්‍රියාකාරී දිස්‌ත්‍රික්‌ සංගමයක අවශ්‍යතාව කෑගලු පාපැදි ක්‍රීඩකයන්ට තදින්ම දැනුණි.

මේ අතර කාලයේදී පාපැදි සම්මේලනයට ලිත ඉල්ලීම් සිදුකරමින් පාපැදි විනිසුරුවරුන් 12 ක්‌ කෑගල්ලෙන් බිහිකිරීමට භද්‍රdට හැකියාව ලැබී තිබේ.

ජාතික ශූරතාවට ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව ලබාගැනීම සහ පරිපාලනය පිළිවෙලක්‌ කිරීම පිණිස ක්‍රියාකාරී දිස්‌ත්‍රික්‌ පාපැදි සංගමයක්‌ පිහිටුවීමේ අරමුණින් 2011 වසරේදී රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් මංජුලගේ ප්‍රධානත්වයෙන් දිස්‌ත්‍රික්‌ සංගමයක්‌ පිහිටුවීම පිණිස කටයුතු සකස්‌ විය.

ඒ අනුව පළමු වතාවට දිස්‌ත්‍රික්‌ පාපැදි ශූරතාවක්‌ සංවිධානය වූ අතර එය අඛණ්‌ඩව මේ වසරේත් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

මේ අතර 2011 දී ක්‍රීඩා අමාත්‍යංශයේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ නිලධාරියා හරහා තමන්ගේ සංගමය දිස්‌ත්‍රික්‌ සංගමය ලෙසින් පිළිගන්නා ලෙස ඔවුහු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලිත ඉල්ලීමක්‌ කර ඇති නමුත් (නාමිකව වුව) ලියාපදිංචි වූ දිස්‌ත්‍රික්‌ සංගමයක්‌ පවතින බැවින් එයට පරිබාහිරව දිස්‌ත්‍රික්‌ සංගමයක්‌ පත්කිරීමේ හැකියාවක්‌ නොමැති බව ක්‍රීඩා අමාත්‍යංශයේ තීරණය වී තිබේ. ලියාපදිංචිය නොලැබුණද ක්‍රියාකාරීව තම කටයුතු පවත්වාගෙන යැමට අදාළ පිරිස ක්‍රියා කර ඇති අතර ඒ අනුව ජාතික ශූරතාව සඳහා ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමේ අයෑදුම්පත්ද හිමිව ඇත්තේ ඔවුන්ටය. (සාමාන්‍ය ක්‍රියා පටිපාටියේදී ජාතික ශූරතාව සඳහා අයෑදුම්පත් යොමුකෙරෙනුයේ දිස්‌ත්‍රික්‌ සංගමය හරහාය.)

එහෙත් නියමිත පාපැදි සම්මේලන නිලවරණය සඳහා මේ වන විට ජන්ද බලය හිමිව ඇත්තේ සක්‍රිය සංගමයට නොව අක්‍රිය නාමික සංගමයටය.

මෙය කොතෙක්‌ දුරට ප්‍රායෝගිකද, සදාචාර සම්පන්නද යන්න පිළිබඳ ගැටලුව මේ වන විට මතුව ඇති අතර සක්‍රිය සංගමය විසින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට යොමු කළ විරෝධතාවයකදී දෙපාර්ශ්වයම ගෙන්වා තොරතුරු විමසා ඇත.

ඒ අනුව පසුගිය වකවානුවේදී තම තමන් සිදුකළ ක්‍රීඩා කටයුතු පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම එහිදී විමසා ඇති අතර එහිදී නාමික දිස්‌ත්‍රික්‌ සංගමයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු කරුණක්‌ නොතිබූ බවද වාර්තාවේ.

අවසානයේ මේ පිළිබඳ තීන්දුවක්‌ ගැනීම පිණිස පාපැදි අතුරු පාලක මණ්‌ඩලයේ ලේකම් ගෙන්වා විමසීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර ඇතත් නිසි පරිදි දත්ත ගොනුකර නොතිබීම මත ලියාපදිංචි (අක්‍රිය) සංගමය පිළිගැනීමට සිදුවන බව අතුරු පාලක කමිටුවේ මතය වී තිබේ.

zක්‍රීඩා අමාත්‍යංශය තමයි ජන්දයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ. ඒකට තොරතුරු විමසන්නේ අතුරු පාලක කමිටුවෙන්. 2011 න් පසුව කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පාපැදි ක්‍රීඩාව පිළිබඳව කිසිදු තොරතුරක්‌ අතුරු පාලක කමිටුව සතුව නැහැ. ඔවුන් හිතනවා ඒ තොරතුරු තබා ගත යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශයයි කියලා. අමාත්‍යංශය හිතාගෙන ඉන්නේ මේ තොරතුර තියෙන්නේ අතුරු පාලක කමිටුවේය කියලා. අන්තිමේදි දෙගොල්ලන්ගෙන් කව්රු ළඟවත් තොරතුරු නැහැ. මේකෙන් වෙන්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඉතාම ක්‍රියාකාරීව කැපවෙන පිරිස පැත්තක ඉඳිද්දී නමට විතරක්‌ ඉන්න අයට වරප්‍රසාද හිමිවෙන එක. ක්‍රීඩාව ගැන මිනිස්‌සු කළකිරෙනවා මේ වගේ තීරණ වලින්Z යෑයි කෑගල්ලේ ක්‍රියාකාරී පාපැදි නියෝජිතයෙක්‌ zදිවයිනZට පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.