රත්නාලෝකයෙන් මතුවූ වොලිබෝල් ශූරියන්ට උපහාර

ඩී. එස්‌. අයි. 2013 පාසල් වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 14 න් පහළ බාලිකා තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත්වූ දුෂ්කර පාසලක්‌ වන රත්නපුර රත්නාලෝක මහා විදුහල් ක්‍රීඩිකාවන්ගේ දක්‍ෂතා පසුගියදා ඇගයීමට ලක්‌විය.

අදාළ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් පැවැති උපහාර උළෙලේදී අදහස්‌ දැක්‌වූ වොලිබෝල් සම්මේලනයේ උප සභාපති, සබරගමුව පළාත් සභෘවේ සභාපති කාංචන ජයරත්න මහතා, "හොඳම දේ දරුවන්ට" යන සංකල්පයවඩාත් අර්ථවත් කරමින් අතිගරු ජනාධිපතිතුමා ක්‍රීඩාව සඳහා අළුත් මානයක්‌ ලබාදී තිබෙනවා. ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව වර්තමානයේදී සැලකිය යුතු ලෙස ඉදිරි පැමිණෙමින් තිබෙනවා. විවිධ අඩුපාඩුකම් යටතේ ක්‍රීඩා කරන රත්නපුර රත්නාලෝක විදුහල් වයස අවුරුදු 14 න් පහළ බාලිකා කණ්‌ඩායම සමස්‌ත ලංකා කිරුළ හිමිකර ගැනීම සෙසු විදුහල්වලටද ආදර්ශයක්‌." යනුවෙන් පැවසීය.

ශූරතාව හිමිකරගත් රත්නාලෝක විදුහල් කණ්‌ඩායම පුහුණකරු පුස්‌සැල්ලේ ප්‍රඥලෝක හිමියන් සහ කංචන ජයරත්න මහතා සමග සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.