ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ නව සභාපති මහාචාර්ය වීරසේකර

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ෂෙහාන් වීරසේකර මහතා නිතරගයෙන් තේරී පත් විය.

මොරටුව විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති අදාළ වාර්ෂික මහා සභා රැස්‌වීමේදී පහත සඳහන් නිලධාරීහු තේරී පත්වූහ.

සභාපති - මහාචාර්ය ෂොහාන් වීරසේකර මහතා (මොරටුව විශ්වවිද්‍යාලය), උප සභාපතිවරු - ඩබ්ලිව්. ජී. නිහාල් කුමාර (කැලණිය විශ්වවිද්‍යාලය), එම්. ඩී. පාලිත කුමාර (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), කේ. ගනේෂනාදන් (යාපනය විශ්වවිද්‍යාලය) යන මහත්වරු.

ප්‍රධාන ලේකම් - ආර්. ඡේ. වෙල්ලස්‌ස මහතා (වයඹ විශ්වවිද්‍යාලය), භාණ්‌ඩාගාරික - ලාල් චන්ද්‍ර කුමාර මහතා (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), සටහන්කරු - ජී. ජී. යූ. සමන් කුමාර මහතා (කැලණිය විශ්වවිද්‍යාලය), සහකාර ලේකම් - එස්‌. එම්. එA. බී. සමරකෝන් මහතා (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), සහකාර භාණ්‌ඩාගාරික - රමනි කුලතිලක මහත්මිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), තරග ලේකම් - සංජීව ජයසිංහ මහතා (මොරටුව විශ්වවිද්‍යාලය), සහකාර තරග ලේකම් - ආර්. ඩැනියෙල් මහතා (යාපනය විශ්වවිද්‍යාලය)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.