යුද හමුදා මලල ක්‍රීඩා ග්‍රන්ථය එළි දැක්‌වීම හෙට

යුද හමුදා මලල ක්‍රීඩා ස්‌වර්ණ ජයන්තිය නිමිත්තෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් මුද්‍රිත zයුද්ධ හමුදා මලල ක්‍රීඩාZ මැයෙන් වූ ග්‍රන්ථය එළිදැක්‌වීම ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (12 දා) ප. ව. 5.30 ට කොළඹ මියුසියස්‌ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

යුද හමුදා මලල ක්‍රීඩා ඉතිහාසය ආරම්භයේ සිට මේ දක්‌වා තොරතුරු සහ ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලටද සහභාගි වී දස්‌කම් පා මවුබිමට කීර්තියක්‌ අත්කර දුන් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දුර්ලභ ඡායාරූප හා විස්‌තරය ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.