ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී ලංකා ක්‌ලියර් සමාගම විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පහසුකම් සැපයුම්කරු, ලංකා ක්‌ලියර් (ප්‍රයිවට්‌) ලිමිටඩ් ආයතනය යටිතල පහසුකම් සහ උපයෝගිතා පහසුකම් ක්‍ෂේත්‍රය තුළ දැක්‌වූ ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා කොළඹදී පැවැති ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන හිමිකර ගන්නා ලදී. මූල්‍ය සේවා ක්‍ෂේත්‍රය සහ මහජනතාව වෙත විශාල වශයෙන් සීමා බාධක වලින් තොරව ගනුදෙනු කිරීමේ අවකාශ සලසා තැබූ දැවැන්ත පියවර තහවුරු කරමින් මෙම සම්මානය ප්‍රදානය කරන ලදී.

විශිෂ්ටත්වය අගයමින් පිදුණු මෙම සම්මානය ලංකා ක්‌ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක සුනිමල් වීරසූරිය මහතා විසින් පිළිගනු ලැබීය. දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ සංවර්ධනයට දායකත්වය ලබා දෙමින් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් ව්‍යාපාරික ආයතන අගයමින් ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය විසින් මෙම ජාතික ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කරනු ලැබේ. ලංකා ක්‌ලියර් (ප්‍රයිවට්‌) ලිමිටඩ් යනු ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් පහසුකම් සේවා සැපයුම්කරුවන්ගේ ඉතා සාර්ථක වූ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක්‌ වේ. ශ්‍රී ලංකා මහ බැංකුව සහ සියලුම වාණිජ බැංකු මෙම සමාගමේ හවුල් හිමිකාරීත්වය දරති. වෙනත් ගෙවීම් පද්ධති සේවා සැපයුම් ආයතන කිහිපයක්‌ අතරින් චෙක්‌පත් මූර්තන ලෝපකරණ පද්ධතිය (Cheque imaging Truncation System - CITS) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, (SLIPS) Lanka Sign පොදු ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්‌වීචය සහ ඛ්බන් Sසටබ සහතික සේවා සැපයීම් ඇතුළු සේවා රැසක්‌ ලංකා ක්‌ලියර්Êසමාගම විසින් සපයනු ලැබේ.

උද්ධික කහවත්ත (ජාල මෙහෙයුම් කළමනාකරු), ඉසුර ජයවීර (ජ්‍යෙෂ්ඨ කළමනාකරු - උපකාරක සහ බැංකු සේවා) ඇල්ගි විඡේවික්‍රම (මානව සම්පත් සහ පරිපාලන ප්‍රධානී), රසික ගලප්පත්ති (මූල්‍ය ප්‍රධානි), ප්‍රියන්තා ලියනගේ (සභාපතිනි), සුනිමල් වීරසූරිය (සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි) හර්ෂ වනිගතුංග (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්‍ෂණ සහ මෙහෙයුම්), ඩිලන්ත සමරසිංහ (තොරතුරු තාක්‍ෂණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු) ධනුෂ්ක උයන්හේවගේ (CITS කළමනාකරු) ක්‍රිස්‌ ද අල්විස්‌ (ව්‍යාපාර සංවර්ධන සහ වෙළෙඳනාම ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු) යන මහත්ම මහත්මිහු ඡායාරූපයේ වෙති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.