Beefy's Big Sri Lanka Walk සඳහා ඩීමෝ වෙතින් අත්වැලක්‌

Laures sports for Good Foundation  විසින් ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන ලද Beefy's BIG 2013 නොවැම්බර් මස 1 වැනි සිට 8 වනදා තෙක්‌ පැවැත්වුණි. Beefy's Big Sri Lanka Walk ලෙසින් නම් කෙරුණු මෙම අවස්‌ථාවට සහභාගි වූ නයිට්‌ පදවිලාභී තුන් ඉරියව් ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වන ශ්‍රීමත් ඉයන් බොතම්, දින 8 ක්‌ පුරා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ කිලිනොච්චියේ සිට දකුණු ප්‍රදේශයේ ගාල්ල දක්‌වා සැතපුම් 160 ක දුරක්‌ පා ගමනින් ගමන් කළේය. මේ හරහා ඔහුගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම්ලාභී දරුවන් හට ආධාර රැස්‌ කිරීමයි.

Beefy's Big Sri Lanka Walk හි නිල ප්‍රවාහන පහසුකම් සපයන්නා ලෙසින් සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනියරින් පොදු සමාගම කටයුතු කළේය. ඔක්‌තෝබර් මස අවසානයේ සිට නොවැම්බර් මස මැද වනතෙක්‌, එනම් මෙම උළෙලට සහභාගි වූවන්ගේ සම්ප්‍රාප්තියේ සිට නික්‌ම යැම තෙක්‌ සෑම මගී සහ භාණ්‌ඩ ප්‍රවාහන අවශ්‍යතාවක්‌ම ඩීමෝ විසින් ඉටු කරනු ලැබීය. මෙහි සාමාජිකයන් Laures පදනමේ සාමාජිකයන් වේ. මෙම උළෙල සාර්ථක කිරීම සඳහා විටින් විට ශ්‍රී ලංකාවට පැමිණි බොහෝ ක්‍රASඩා තාරකාවන් පිළිබඳව කටයුතු කිරීමට සිදු වූ හෙයින් මෙහි ප්‍රවාහන සංවිධාන කටයුතු මඳක්‌ සංකීර්ණ විණි. නිල ප්‍රවාහන සංවිධාන සබඳකරු ලෙසින් ඩීමෝ විසින් මෙම උළෙල සඳහා ඉන්ධන සීමා කිරීම් වලින් තොරව මෝටර් රථ පහක්‌ ලබා දී තිබුණි. මෙයට සහභාගි වූ ක්‍රීඩා තාරකාවන් ගුවන් තොටුපළේ සිට කැඳවාගෙන ඒම සඳහා සහ ඔවුන්ගේ නවාතැන් කාලය තුළදී එක්‌ එක්‌ හෝටල්වලට ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා මර්සිඩීස්‌ බෙන්ස්‌ E පන්තියේ මෝටර් රථ භාවිත කෙරුණි. ඉයන් බොතම් සහ ඔහුගේ බිරිඳ කැතරින් බොතම් ආර්යාව, සුනිල් ගවස්‌කාර්, සවුරව් ගංගුලි, ස්‌ටීව් වෝ, මෝර්න් දු ප්ලෙසි, ඇලන් බෝඩර් සහ කුමාර් සංගක්‌කාර යන ක්‍රීඩකයන් මෙම උළෙල සඳහා සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.