GLO ඇමරිකානු කාන්තා ඇඟලුම් සන්නාමය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට

විමල් කීර්ති මීගමුව

සුප්‍රකට GLO ඇමරිකානු කාන්තා ඇඟලුම් සන්නාමය ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ආකර්ෂණීය පියවරක්‌ තබයි

මෙරට පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලොව අනගිතම ඇඟලුම් මිලදී ගැනීමේ අවස්‌ථාව සලසමින් සුප්‍රකට ඇමරිකානු ඇඟලුම් සන්නාමයක්‌ වන GLO ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙයි.

GLO යනු ඇමරිකානු කාන්තා ඇඟලුම් සන්නාමයක්‌ වන අතර දශකයකට වැඩි කාලයක සිට ඇමරිකාව තුළ ඇඟලුම් නිෂ්පාදනය කර බෙදාහැරීමේ කටයුතු කරයි. මෙම සන්නාමය අලෙවි කිරීම සඳහා බලපත්‍රය හිමි කරගෙන සිටින්නේ ලෝකයේ සුප්‍රසිද්ධ ඩෙනිම් වෙළඳ නාමයන් වන Levi's, Ralph Lauren, Kenneth Cole යන වෙළඳ නාම යටතේ ඩෙනිම් කලිසම් නිපදවන ශ්‍රී ලංකාවේ Orit ටේ්‍රඩිං සමාගමට අනුබද්ධ Orit Inc සමාගමයි. Orit සමාගම සැමවිටම ඉලක්‌ක කරන්නේ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ, ජාත්‍යන්තර තත්ත්වයට අනුකූල දැරිය හැකි මිලකට ලබාගත හැකි ඇඟලුම් නිපදවීමටයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.