මළවුන්ගේ ලෝකයේ උමතු නරි 'හූ' කියති

කර අඹා කරත්තවලට බැඳීමට සුදුසු දේශපාලනයට නුසුqදුසු, නරි රැළක්‌ උතුරට පැමිණ සිටිති. 2009 යුද ජයග්‍රහණයේදී ප්‍රභාකරන් අතහැර කොළඹට පැනවිත් සැඟවුණු මේ නරි රැළ අද වන විට නැවත වතාවක්‌ හූ කියන්නට පටන් ගෙන ඇත. ඔවුන් මේ හූව තබන්නේ මියගිය තම නායකයාට උපහාර පිණිස බව පෙනෙයි. ඒ අතර පෙනෙන තවත් වැදගත් කාරණයක්‌ තිබේ. එනම් ඔවුන් හූ තබන්නේ හෙළුවෙනි. නරි ඇඳුම් අඳින්නේ නැත. මේ නරි රැළ ගැන අඩු ලන්සුවෙන් නොතකන ලෙස අපි ආණ්‌ඩුවෙන් ඉල්ලමු. 1980 ගණන්වලදී පහළ වූ මෙවැනි කැහැටු නරි රැළක්‌ උතුරේÊසහ දකුණේ අහිංසක ජනයාගේ ලේ බී භයානක කොටින්ගේ තත්ත්වයට පත් වූ හැටි අපි දුටුවෙමු. අන්තිමේදී ඒ නරි සියලුම දෙනා පාහේ වෙඩි කෑහ. නරියකු කොටියකු ලෙස රඟපාන්නට පටන් ගත්a විට ඒ සතාට පිස්‌සු හැදී තිබෙන බව තීන්දුÊකරන සිවිල් ප්‍රජාව ඉතා දරුණු අවසන් විසඳුම්වලට යන බව පැහැදිලිය. නිවැසි සුනඛයා ගෙහිමියාගේ ආදර ගෞරවයට ලක්‌ව සිටින හැටි දුටු බූරුවෙක්‌ මහත් වූ ඉරිසියා සිතක්‌ උපදවා සුනඛයා සේ හැසිරීමට තීන්දු කළේ ය . අනතුරුව එළැඹුණු රාත්‍රි කාලයකදී කුඩා ශබ්දයක්‌ ඇසීමෙන් පසු සුනඛයා නිහඬව සිටින දුටු බූරුවා මහ හඬින් කෑ ගසමින් සුනඛයාගේ වගකීම ඉටු කිරීමට උත්සාහ කළේය. අවදි වූ ගෙහිමියා බූරුවාට පිස්‌සු හැදී බව තීන්දු කර ඌට පහර දී මැරුවේය.

උතුරෙන් වාර්තා වූ සිද්ධි දෙකක්‌ ගැන අද අවධානය යොමු කරමු. පළමුවැන්න මන්නාරමේ පාසලක පැවැති උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති පී. ඉයන්ගේෂ්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්‍ෂේප කරමින් සිංහයා සහ කඩුව තිබෙන තුරු එම ධජය නො පිළිගන්නා බව කීවේය. දෙවැන්න තම නායකයා ප්‍රභාකරන් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් පැවැසීමය. අප මෙතෙක්‌ කලක්‌ සිතාගෙන සිටියේ දෙමළ සන්ධානයේ නායකයා ආර්. සම්බන්ධන් බව ය. ඔහු ඉවත් කර මියගිය ප්‍රභාකරන් එම තනතුරට පත් කිරීම ගැන මැතිවරණ කොමසාරිස්‌වරයා වහාම දැනුවත් කළ යුතුය. මියගිය ත්‍රස්‌තවාදියකුගේ මළ මිනියකට දේශපාලන පක්‍ෂයක නායකත්වය භාරදීමෙන් ශ්‍රීධරන් උන්මත්තකයකු ලෙස පිළිගැනීමට ලක්‌ වීම වැළැක්‌විය නොහැක. කෙසේ වුවද ප්‍රභාකරන් සම්බන්ධයෙන් ශ්‍රීධරන් දරන මතවාදය හරහා පහත සඳහන් තර්ක ශාස්‌ත්‍රානුකූල මතවාද ගොඩනැඟීමට අපි තීරණය කළෙමු. එනම්,

1. මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සියලු දෙනා ජීවමාන කොටි හමුදාව ලෙස පිළිගැනීමට ශ්‍රී ධරන්ට හැකිය.

2. මියගිය තමිල් සෙල්වම්ගේ දේශපාලන උපදෙස්‌ අනුව ක්‍රියා කිරීමට ශ්‍රීධරන්ට හැකිය.

3. මියගිය පොට්‌ටු අම්මන්ගේ රහස්‌ ඔත්තු අනුව මියගිය සුසෙයිගේ මියගිය මුහුදු කොටි හමුදාව ලවා නාවික හමුදාවට මරණීය ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ඔහුට හැකිය.

4. කඩාවැටුණු කොටි ගුවන් යානා තවමත් ජීවමානව ඇති බව සිතා තනියෙන් 'චූන් එකක්‌' ගත හැකිය.

ශ්‍රීධරන් සහ ඉයන්ගේෂ්වරන් කොළඹට ගෙන්වාගෙන ඉතා හොඳින් දෙමළ කතා කළ හැකි මනෝ වෛද්‍යවරයකුට පෙන්වීම දෙමළ ජාතික සන්ධානයේ යුqතුකමය. මන්ද, තම සාමාජිකයන් උන්මත්තකයන් ලෙස හැසිරීම එම පක්‍ෂයට හොඳ නැත. පළපුරුදු දේශපාලනඥයකු වන සම්බන්ධන්ට පිස්‌සු නැත. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්ට ද පිස්‌සු නැත. එහෙත් එකම එක උමතු නරියකුට කළ හැකි විනාශය අතිමහත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.