2013 දෙසැම්බර් 12 බ්‍රහස්‌පතින්දා

 

    
   Divaina Editor
    contact webmaster
   
අගමැති සම්බන්ධීකරණ ලේකම් ඉල්ලා අස්‌වෙයි
රේගුව මගින් කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු කන්ටේනරය මුදාහරින ලෙසට අගමැති කාර්යාලයීය ලිපි ශීර්ෂයකින් ලිඛිතව ඉල්ලීමක්‌ කළේ යෑයි චෝදනා ලැබ සිටින අගමැති සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වී ඇත.

කෝටි 6 1/2ක රන් මැණික්‌ කටුනායකදී අල්ලයි
ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් හයකෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා මැණික්‌ හා රත්‍රං කටුනායක ගුවන්බඩු ගම්මානයේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (11දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ක්‍රෙඩිට්‌ කාඩ්පත් යොදාගෙන පෞද්ගලික බැංකුවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගත් සංවිධානාත්මක දෙමළ තරුණයන් කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඔවුන් සතුව තිබු ව්‍යාජ ලෙස සකස්‌ කළ ක්‍රෙඩිට්‌ කාඩ් පත් 560 ක්‌ ද සොයා ගෙන ඇත.අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් තිදෙනෙකුම කැනඩාවෙන් පිටුවහල් කළ දෙමළ තරුණයන් බව පොලිසිය පවසයි.

ගොවීන්ට විශ්‍රාම වැටුප
එපා කරවන කෘෂි රක්‍ෂණයේ වැඩ!
ගොවි විශ්‍රාම වැටුප නැවත ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙසට කෘෂි රක්‍ෂණ මණ්‌ඩලය මගින් ගොවීන් වෙත එවා ඇති ආකෘති පත්‍රය දෙසැම්බර් 10දාට පෙර සම්පූර්ණ කොට එවන ලෙසට දන්වමින් ඉකුත් 10 වැනිදා (පෙරේදා) ගොවීන් වෙත එවා ඇත.

අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ- මැල්කම් රංජිත් කාදිනල්තුමා
ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

පාකිස්‌තාන නාවික හමුදාපති අද දිවයිනට

පාකිස්‌තාන නාවික හමුදාපති අද්මිරාල් මොහොමඩ් අසීස්‌ සන්දිලා තෙදින නිල සංචාරයක්‌ සඳහා අද (12 දා) දිවයිනට පැමිණෙයි.

රතුපස්‌වල කම්හල විවෘත කරන්නැයි පෙළපාලියක්‌
දැනට වසාදමා ඇති වැලිවේරිය රතුපස්‌වල කර්මාන්ත ශාලාව විවෘත කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලීම් කරන සංදේශයක්‌ රැගෙන රතුපස්‌වල ක්‍රීඩාංගණයෙන් ඊයේ (11 වැනිදා) පෙරවරු 9.00 ට ආරම්භ වූ උද්ඝෝෂණ පෙළපාලියක්‌ දහසකට අධික මහජනතාවකගේa සහභාගිත්වයෙන් සටන් පාඨ කියමින් පැය 4 කට ආසන්න කාලයක්‌ පුරා ගමන් කරමින් ගම්පහ නගරයට පැමිණියේය.

'දිවයින'  සැනෙකින් පුවත්

සෝම හිමි පිළිරුව රැගත් රිය පෙරහැර අනුරපුරට
ගංගොඩවිල සෝම හිමියන්ගේ දස වැනි (10) ගුණ අනුස්‌මරණ උත්සවය නිමිත්තෙන් සමාධි වන්දනා පදනම සංවිධානය කළ සෝම හිමියන්ගේ පිළිරුව රැගත් රිය පෙරහැරක්‌ ඊයේ (11 දා) ගාල්ලේ අනගාරික ධර්මපාල උද්‍යානය අසලින් අනුරාධපුරය බලා ගමන් ආරම්භ කෙරිණි. එම රිය පෙරහැරේ ගමන් කළ රථයක තැන්පත් කර තිබූ සෝම හිමියන්ගේ පිළිරුව ගමන් ආරම්භ කිරීමට පෙර සෝම හිමියන්ගේ මව වන චාලට්‌ වීරතුංග මහත්මිය විසින් නිරාවරණය කළ අයුරු. ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

උතුරු මැද සෞඛ්‍ය කාර්ය මණ්‌ඩල අද වර්ජනයේ

උතුරු මැද පළාත් සභාව යටතේ පාලනය වන අනුරාධපුර, පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කවල සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන එකසිය තිස්‌ නවයක (139 ක) වෛද්‍යවරුන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් හැර අනෙකුත් සියලුම කාර්ය මණ්‌ඩල අද (12 දා) දින එක්‌ දින සංකේත වර්ජනයක නිරත වෙති.

තැපැල් සේවකයෝ අතිකාල අත්හරිති
තැපැල් සේවකයන් සඳහා නොවැම්බර් මාසය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන හැටකට අධික (60) අතිකාල මුදල් ගෙවීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම නිසා ඊයේ (11 දා) සවස 2.00 සිට අද...

හෝමාගම අයවැයත් පරාදයි;
සභාපතිට ප්‍රහාරයක්‌
හෝමාගම ප්‍රාදේශීය සභාවේ 2014 වර්ෂය සඳහා ඊයේ (11 වැනිදා) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 09 කින් පරාජයට පත්විය.
සභාපති ඒ. ඩී, කුමාරසිරි මහතා විසින් අයවැය වාර්තාව ඉදිරිපත් කළ මොහොතේ සභාවේ නොසන්සුන්තාවක්‌ ඇතිවිය.

  • බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාවෙන්
    විධායක ජනපති ධුරයට අලුත් නිර්දේශයක්‌

    විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියන හෝ අධීක්‍ෂණයට ලක්‌ කරන තත්ත්වයක්‌ ඇති කළ යුතු බව බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වෙනසක්‌ ඇති කළ යුතු අතර එය ආණ්‌ඩුවෙත් සෙසු සියලු දේශපාලන පක්‍ෂවලත් වගකීමක්‌ බව ද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.
     
  • ආණ්‌ඩු පක්‍ෂයේ විරෝධයෙන්
    විජයදාසගේ කෙටුම්පත නවතී

    උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ධුරයෙන් ඉවත් කිරීමේදී සාධාරණ, ස්‌වාධීන හා අපක්‍ෂපාතී නඩු විභාගයක්‌ සහතික කිරීමත්, විමර්ශනය සඳහා ක්‍රියාපටිපාටියක්‌ හඳුන්වාදීමත් අදාළ කරගනිමින් එජාප මන්ත්‍රි විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතට ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු දැඩිලෙස...

 
  • කුඩු, කසිප්පු, වැලි ජාවාරම්කරුවෝ
    ගලේවෙල ඕඅයිසී මාරු කරන්න හදනවා

    ආගමික නායකයෝ විරෝධය පාමින් පවසති
    ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුක්‌ෂාන්ත පෙරේරා මහතා මාරු කර යෑවීමට නීති විරෝධී ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයන් කීපදෙනකු උත්සාහ කරන බවට පසුගිය 28 වැනිදා පැවැති ගලේවෙල ප්‍රාදේශීය සභා රැස්‌වීමේදී අදහස්‌ පළවිණි. එම අදහස්‌ පළවීමත් සමඟ ම ප්‍රදේශයේ බහුජන සංවිධාන හා ආගමික නායකයන් සිය දැඩි විරෝධය පළ...

 

  • අභියෝග හමුවේ
    ඉලක්‌ක ජයගත හැකිද?

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" නම් වූ නවතම වාර්තාව පසුගියදා නිකුත් විය. එහි මේ වසරේ (2013) ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු මෙන්ම ලබන වසරේ (2014) ආර්ථික අපේක්‍ෂාවන් ගැන ද සඳහන්ය. එසේම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2013) මුල් මාස...

  

  • ප්‍රිමියර් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය
    යෞවනයෝ චමත්කාරය පෙන්වති

    අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් පළමු පෙළ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අඩක්‌ අවසන් වන විට පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට යොවුන් ක්‍රීඩක නිරෝෂන් දික්‌වැල්ල සමත්ව සිටින අතර පන්දු යෑවීමෙන් නිලංක ප්‍රේමරත්න සහ ලහිරු ජයරත්න පෙරමුණට පැමිණ තිබේ.ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අභිබවා යොවුන් ක්‍රීඩකයන් පෙරමුණ ගැනීම...

  

Kapruka Shopping |  News


liya




 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.