ඩයි දමා හැදූ කහ සහ මිරිස්‌ කුඩු
සමග ආහාරයට නුසුදුසු සෝස්‌ දැලේ
වැසිකිළි සේදුම් දියර හදන භාජනයේම සෝසුත් හදලා

ලසිත දුමින්ද


කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නිෂ්පාදනාගාරයක තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෝස්‌, කහ සහ මිරිස්‌ කුඩු විශාල ප්‍රමාණයක්‌ ඊයේ (11 වැනිදා) පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ලෙස නිෂ්පාදනය කර තිබූ සෝස්‌ ලීටර් දෙදහසක්‌, මිරිස්‌ කුඩු කිලෝ දහසක්‌ හා කහකුඩු කිලෝ පන්සියයක්‌ මෙසේ පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇත.

මෙසේ සොයාගනු ලැබූ සෝස්‌ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ගම් වර්ගයක්‌ සහ වර්ණ ගැන්වීම සඳහා µeබ්රික්‌ ඩයි වර්ග යොදාගෙන නිෂ්පාදනය කර තිබූ බවට හෙළිවී තිබේ.

මිරිස්‌ කුඩු නිෂ්පාදනය කිරීමට කල්ඉකුත් වූ වටානා පිටි හා රතු පැහැති µeබ්රික්‌ ඩයි වර්ග ද, කහකුඩු නිෂ්පාදනයට සිවුරු වර්ණ ගන්වන µeබ්රික්‌ ඩයි වර්ගයක්‌ ද යොදාගෙන ඇත.

එසේම වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට යොදා ගන්නා සේදුම් දියර මෙම ස්‌ථානයේ නිෂ්පාදනය කර ඇති අතර, එම දියර නිෂ්පාදනය කිරීම සඳහා සෝස්‌ නිෂ්පාදනය කරන භාජන ද යොදාගෙන තිබූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

මෙම සෝස්‌ චීන අවන්හල්වලට හා හෝටල්වලට බෙදාහැර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත සිදුකළ මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.