උතුරේ පාසල් උත්සවවලදී සිංහ කොඩියට තහංචි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ පාසල් උත්සවවලට කිසිදු ලෙසකින් සිංහ කොඩිය භාවිත නොකරන ලෙසට බෙදුම්වාදී ද්‍රවිඩ දේශපාලනඥයන් කීපදෙනකු විසින් පාසල් ප්‍රධානීන්ට නියෝග කර ඇතැයි ආරක්‍ෂක බුද්ධි අංශවලට අනාවරණය වී තිබේ. මෙම බෙදුම්වාදි දේශපාලනඥයන් කවුරුන්දැයි හඳුනාගෙන තිබේ.

උතුරේ සියලුම පාලන කටයුතු ගෙන යන්නේ පළාත් සභාව මගින් බවත් සිංහ කොඩිය හා කොළඹ රාජ්‍ය නිලධාරීන් පාසල් උත්සවවලට ගෙන්වීමෙන් වළකින ලෙසත් ඔවුන් දන්වා ඇත. රටේ නීතියට එරෙහිව ක්‍රියාකරන එම දේශපාලකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ක්‍රියාකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.